පාලමක් මතින් ඇළකට වැටි තිදරු මවක් මියයයි..

January 17, 2019 at 8:02 am | lanka C news
පාලමක් මතින් ඇළකට වැටි තිදරු මවක් මියයයි..

පාලමක් මතින් ඇළකට වැටි තිදරු මවක් ජිවිතක්ෂයට පත් වි ඇති බව නාවලපිටිය පොලිසිය පැවසිය.

මෙසේ මිය ගොස් ඇත්තේ නාවලපිටිය පොලිස් වසමට අයත් හරංගල පදිංචි මල්දෙණියේ බිසෝමැණිකේ නැමති 78 හැවිරිදි මහළු කාන්තාවකි.

මරණයට පත් කාන්තාව 15 රාත්‍රි 11 සිට අතුරුදහන්ව සිටි නිසා නිවසේ පදිංචිව සිටි මිය ගිය කාන්තාවගේ පුතා සහ ප්‍රදේශවාසින් විසින් සොයා බැලිමකදි සිය මව උඩුමංකඩ ඇළේ වැටි මිය ගොස් ඇති බව දැක ඒ පිලිබදව නාවලපිටිය පොලිසියට පැමිණිලි කර තිබේ.

මිය ගිය කාන්තාවගේ සිරුර නාවලපිටිය මුලික රෝහලේ මෘත ශරිරාගාරයේ තැන්පත් කර ඇති අතර සිරුර සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරික්ෂණය නාවලපිටිය මුලික රෝහලේදි පවත්වන බවයි සිද්ධිය සම්බන්ධයෙන් පරික්ෂණ පවත්වන  නාවලපිටිය පොලිසිය කියා සිටියේ.

– හැටන් රංජිත් රාජපක්ෂ                       

3,979 Viewers
Main News