පාසලකට බලෙන් පනින්න ගිය අයෙකුට හමුදාවෙන් වෙඩි.. මිය යයි..

July 4, 2019 at 2:10 pm | lanka C news
පාසලකට බලෙන් පනින්න ගිය අයෙකුට හමුදාවෙන් වෙඩි.. මිය යයි..

අක්මීමන මානවිල උපනන්ද කණ්ෂ්ඨ විද්‍යාලයට බෙලන් ඇතුළු වීමට උත්සාහ කල අයෙකුට එහි ආරක්‍ෂක අංශ විසින් වෙඩි තබා තිබේ.

වෙඩි වැදුනු 39 හැවිරිදි පුද්ගලයා කරාපිටිය රෝහලට ඇතුළු කිරීමෙන් පසු මිය ගොස් ඇත.

මෙම පුද්ගලයා විදුහලට බලෙන් ඇතුළුවීමට ගිය අවස්ථාවේ ආරක්‍ෂක නිලධාරියෙකු විසින්
නතර කර පරීක්‍ෂා කිරීමට යද්දී නිලධාරියාගේ ගිනි අවිය උදුරා ගැනීමට උත්සහ කර ඇත.

එම වැලැකවීමට ගිය විට පුද්ගලයාට වෙඩි වැදී ඇතැයි පොලීසිය කියයි.

65,145 Viewers

9 Comments to “පාසලකට බලෙන් පනින්න ගිය අයෙකුට හමුදාවෙන් වෙඩි.. මිය යයි..”

  1. බන්ඩ says:

    සහරාන් තාම වැඩ…

    • Chandi says:

      Patta pal boruvak ban. Hamudaway ekekta minihek navaththanna beida ban vedithiyannathuva. a sinhala manushaya giye hadissiye lamayata sanipa nee kiyala balannata. mun nikan inna ekatath vedithiyela. Aiyoo sali

      • මීහරකා says:

        21 ෂැඟිලා,සිනමන්,පල්ලි ගිය ඉස්ලාම් එවුනුත් නිකන්නෙ හිටියෙ

      • විස්කි මැඩම් says:

        හමුදාව පුහුණු කරලා තියෙන්නේ හුරතල් කරන්න නෙවෙයි. ඕනෑම තත්වයකට ඔරොත්තු දීලා සතුරාව හදුනා ගන්න සහ හදුනාගත් සතුරා කෙලින්ම ඉවර කරලා දාන්න.

        පොලිසියට පුහුණුව දෙන්නේ මහජනයා සමග ගැවසෙමින් ඉවසීමෙන් රාජකාරි කරන්න.

        අවුවට වැස්සට පොලිස් නිලධාරියා කුඩ ඉහලද්දී හමුදා භටයා කරවෙමින්, තෙමිමින් රාජකාරි කරන්නේ අන්න ඒ පුහුණුවේ වෙනස නිසා. පොලිසිය කරන්න ඕන වැඩ හමුදාවට දුන්නාම (පොලිසියේ නොහැකියාව නිසා) ඔය වගේ දේවල් වෙනවා.

      • Disce ammata discede says:

        චන්ඩි, උබත් ගිහින් සෙබලෙකු ගේ ආයුදේ උදුරපන්.

  2. Anuradha Abhayawardhane says:

    දැන් හැමෝම දන්නවනේ හදිසි නීතිය ක්‍රියාත්මකයි කියලා. එහෙම නම් තියෙන්නේ ඒ අදාළ නිලධාරීන්ට උදව් කරලා තමනුත් අන් රැකෙන විදියට වැඩ කරන්න. පිටින් පෙනෙන විදියට දුකයි තමයි උණාට වෙඩි තියපු කෙනා වැරදි නැහැ. මෙතන හරිම දුකයි කියන අයම තමා බැරිවෙලා හරි ඔය නිලධාරියා action එකක් නොගෙන ප්‍රශ්නයක් උණා නම් “ඇයි වෙඩි තිබ්බේ නැත්තේ?” කියල අහන ගොඩේ ඉස්සෙල්ලම ඉන්නේ.

  3. Ariyathilaka says:

    වගකිවයුතු වෙනත් මාධ්‍යයක “ඔහු හමුදා භටයාගේ අණ නොතකා පාසලට ඇතුළු වීමට යන අවස්ථාවේදී සෙබළා විසින් වෙඩි තබා ඇති බව මූලික පරික්ෂණයේදී අනාවරණය වී තිබේ.” මෙහි ගිනි අවිය උදුරා ගැනීමට උත්සාහ කළ බවක් නොකියවේ. ඇයි දණ හිසෙන් පහල වෙඩි නොතබා මාරන්තික ලෙස වෙඩි තැබීම කෙළේ. යම් පුද්ගලයකු ආරක්ෂක අංශ විසින් ඝාතනය වුන ඇතැම් අවස්ථාන්හි ඝාතනය වුන පුද්ගලයා “ගිනි අවිය උදුරා ගැනීමට තැත් කිරීම” හෝ ” බෝම්බයකින් හෝ ගිනි අවියකින් ප්‍රහාරයක් එල්ල කිරීමට තැත් කිරීම” යනුවෙන් ප්‍රකාශිතය. මාධ්‍යයෙන් පලකරනුයේ ආරක්ෂක අංශයෙන් ලබා ගත් වාර්තාවය. දරුවාට පියා නැතිවීම මහත් ඛේදයකි.

  4. XXX says:

    RANA VIRUWEK WEDE THIBBE .
    MOKUTH KIYANNA EPA . DESA DROHIYO

  5. thilak says:

    This army office has done his duty well, who ever try to go in to school during this uncertain security period should be followed security producers. specially this dead person also done his job related to sri lankan forces.

Main News