පාසලක් සංවර්ධනය කිරීමේ‍ වඩපිළිවෙලකට පළාත් සභාව එරෙහි වෙයි…

February 22, 2017 at 5:30 pm | lanka C news
පාසලක් සංවර්ධනය කිරීමේ‍ වඩපිළිවෙලකට පළාත් සභාව එරෙහි වෙයි…

ආණමඩුව මධ්‍ය මහා විද්‍යාලය ජාතික පාසලක් ලෙස සංවර්ධනය කිරීමේ වැඩපිළිවෙලට වයඹ පලාත් සභාව දැඩි බාධාවක් වී ඇතැයි නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා පවසයි.

පළාත් අධ්‍යාපන අමාත්‍යවරයා මෙම පාසල ජාතික පාසලක් ලෙස සංවර්ධනය කිරීමේ වැඩපිළිවෙලට නිරන්තරයෙක් අකුල් හෙලන බව අමාත්‍යවරයා පෙන්වා දෙයි .

ආණමඩුව ඉගිණිමිටිය වැව්තාවුල්ලේ පසුගියදා පැවැති තරුණ කදවුරේ නිමාව  සනිටුහන් කිරීම වෙනුවෙන් පැවැති උත්සවයේදී ඔහු මේ බව පැවැසීය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා කියා සිටියේ ආණමඩුව නොදියුණු තත්ත්වයේම පවත්වාගෙන යාම බොහෝ දෙනෙකුගේ බලාපොරොත්තුව බවයි.

විශාල මැතිවරණ කොට්ඨාශයක් වන ආණමඩුවට ජාතික පාසලක අවශ්‍යතාව තදින් දැනෙන කාරණයක් බවත් ආණමඩුය මධ්‍ය මහා විද්‍යාලය එම තත්ත්වයට පත් කිරීමට රජය සූදානම් වුවත් පළාත් සභාව ඊට ඉඩ ලබා නොදීම බරපතල ගැටළුවක් මෙන්ම පුළුල්ව විමසා බැලිය යුතු කාරණයක් බවත් ඔහු පවසයි. ආණමඩුවේ දරුවන්ට ජාතික පාසලක් සොයා ගැනීමට නම් සැතපුම් 32 ක් ගෙවා දමමින් හලාවතට හෝ සැතපුම් 18 ක් ගෙවා දමමින් පුත්තලමට හෝ යාමට සිදුව ඇති බවද අමාත්‍යවරයා පෙන්වා දෙයි.

කෙසේ වෙතත් සෑම අංශයකින්ම දක්ෂයින් බිහි වී ඇති ආණඩුව එවැනි දුෂකරතාවයකට යොමු කළ යුතු නැතැයිද කෙසේ හෝ ආණමඩුව මධ්‍ය මහා විද්‍යාලය ජාතික පාසලක් ලෙස වැඩිදුයුණු කිරීමේ වැඩපිළිවෙල යතාර්ථයක් බවට පත්කරන බවද අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා පැවැසීය.

මාධ්‍ය ඒකකය
නිපුනතා සංවර්ධන හා වෘත්තීය පුහුණු රාජ්‍ය අමාත්‍යංශය.

0 views
Main News