සිසුන් වෙනුවෙන් විශේෂිත හැදුනුම්පතක්.. දෙමාපිය විරෝධය..

May 26, 2019 at 4:40 pm | lanka C news
සිසුන් වෙනුවෙන් විශේෂිත හැදුනුම්පතක්.. දෙමාපිය විරෝධය..

අම්බලන්ගොඩ අධ්‍යාපන කලාපයේ ජනප්‍රිය මිශ්‍ර පාසලක දරුවන් සඳහා විශේෂිත හැදුනුම්පතක් සකස් කිරිමට කටයුතු කිරිම ගැන දෙමාපියන් විවිධ අදහස් ඵල කරති.

මෙම හැදුනුම්පත සඳහා දරුවාගේ නම, උපන්දිනය, ලේවර්ගය ආදිය ඇතුලත් කිරිමට විදුහල් බලධාරින් සැලසුම් කිරිම තුළ අනිකුත් පාසල්වල දරුවන් හා ඔවුන්ගේ දෙමාපියන් තුල බියක් හටගෙන තිබෙන බවද දෙමාපියන් පෙන්වා දෙයි.

පසුගිය අප්‍රේල් 21 පාස්කු ඉරිදා මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර වලින් පසුව රටේ ඇති වූ තත්ත්වය සැලකිල්ලට ගෙන මෙම විදුහල් බලධාරින් දරුවන්ගේ ආරක්ෂාව සඳහා වු විශේෂිත හැදුනුම්පතක් සකස් කිරිමට තීරණය කරඇති අතර ඒ වෙනුවෙන් දැරීමට සිදුවන මුදල හේතුවෙන් ඇතැම් දෙමව්පියන් මහත් ආර්ථික ගැටලුවකට මුහුණ දී තිබෙන බවද එම විදුහලට සම්බන්ධ ආරංචි මාර්ග සදහන් කරයි.

අම්බලන්ගොඩ නගරයේ පිහිටි මෙම විද්‍යාලයේ දරුවන් 5054 දෙනෙකු අධ්‍යාපනය ලබයි. මෙම විශේෂ හැදුනුම්පත සකස් කිරීම සදහා තමන්ගේ ලේ සාම්පල් පරික්ෂා කර ලේ වර්ගය වෛද්‍ය නිර්දේශ මත රැගෙන එන ලෙසද පාසැලේ සියළු දරුවන්ට විදුහල් බලධාරීන් විසින් දැනුම් දී තිබේ. මෙවන් එක් ලේ පරික්ෂණයක් සඳහා රුපියල් තුන්සියයක (300/-) මුදලක් වැය කිරීමට දෙමව්පියන්ට සිදුවන බවත් එක පවුලකින් දරුවන් තිදෙනෙකු එම පාසලට පැමිණෙන්නේ නම් අදාල මුදල රුපියල් නවසියයක් (900/-) වන බවද පවසන දෙමමව්පියන් එය මෙම අධික ජීවන වියදම් තත්ත්වය තුල දැරීමට අපහසු බවද පවසති. මෙවැනි වියදමක් දැරීමට සිදුවීම වත්මන් වාතාවරණය තුළ අපහසු බවද දෙමමව්පියන් අධ්‍යාපන අමාත්‍යාංශයේ බලධාරීන්ට දැනුම් දී තිබෙන බවද දැනගන්නට තිබේ.

තවද මෙවැනි හැදුනුම්පතක් සකස් කිරිම හේතුවෙන් අවට පාසල් වල සෙසු දරුවන්ද අනියත බියක් ඇතිකර ගෙන තිබෙන බවත් අලුතින් සකස් කරන හැදුනුම්පත නියමිත ප්‍රමිතියකින් සකස් නොකල හොත් ව්‍යාජ හැදුනුම්පත් සකස් කරගෙන අනවශ්‍ය අයට පාසැල් තුලට ඇතුල් විය හැකි බවත් දෙමාපියන් විසින් පාසැල් බලධාරීන්ට පෙන්වා දී තිබේ. එසේ වුවහොත් නව හැදුනුම්පත අන්තවාදීන්ට සිය ඉලක්කයන් සපුරා ගැනීම සදහා පාසල තුළට ඇතුල් වීමට පිටුවහලක් කරගත හැකි බවද නමහෙළි කිරීමට අකමැති පියෙක් අප සමග ප්‍රකාශ කළේය. මේ සම්බන්ධයෙන් පාසල් බලධාරින් හා කල සාකච්ඡාවකදීද දෙමාපියන් අදහස් පලකල බවද දෙමාපියන් පිරිසක් අප සමග ප්‍රකාශ කළේය.

හැදුනුම්පතක් සකස් කරන්නේ නම් කේත රේඛන සටහන් (බාකෝඩ්) අංක යොදා ගනිමින් නියමිත ප්‍රමිතියකින් යුත් හැදුනුම්පතක් සකස් කිරිම වැදගත් බවත් සාමාන්‍ය හැදුනුම්පත් සකස් කිරිම තුළ ව්‍යාජ හැදුනුම්පත් සකස් කිරීම පහසු බවත් දෙමාපියන් පැසැල් බලධාරීන්ට පෙන්වා දී තිබේ. මෙවන් හැදුන්ම්පත් සකස් කිරීම අන්තවාදීන්ට ඔවුන්ගේ අරමුණු ඉටු කර ගැනීමට අවස්ථාව සලසා දීමක් බවද ආරක්ෂක අංශ විසින්ද පෙන්වා දී තිබෙන බව පාසල් ආරංචි මාර්ග වැඩිදුරටත් සදහන් කරයි.

මේ සම්බන්ධයෙන් අම්බල්නගොඩ කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්‍ෂිකා වාසනා මධූශ්‍රීනි මහත්මියගෙන් විමසූ විට මෙසේ පැවසීය.

මෙවැනි හැදුනුම්පතක් සකස් කිරිමට අධ්‍යාපන අමාත්‍යාංශයෙන් උපදෙස් ලැබිල නැහැ. පවතින ආරක්ෂක තත්ත්වය සදහා හැදුනුම්පත් සකස් කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය කිසිදු චක්‍රලේඛණයක් නිකුත් කරලත් නැහැ. ඔය කියන පාසලේ එවැනි හැදුනුම්පතක් සකස් කරනවාද කියලත් මම දන්නේ නැහැ. අපෙන් එහෙම අවසරයක් අරගෙනත් නැහැ, යැයි ඇය පැවසුවාය.

– ජයකාන්ත ලියනගේ

27,579 Viewers

9 Comments to “සිසුන් වෙනුවෙන් විශේෂිත හැදුනුම්පතක්.. දෙමාපිය විරෝධය..”

  1. Indika Kumara says:

    අැත්තට මේක හොද දෙයක් ෙම්වා ලංකාවට අලුත් වුනට අනෙක් රටවල් වල අනිවාර්යයි. හදිසියක් වුනාම දරුවගේ ලේ වර්ගම පමණක්දැ නොව තමන්නගෙද ලේ වර්ගය දැනසිටිම උචිතයි.

  2. porolis says:

    apitath bayhithenawa ekiyanne uddetagiyawage aneymanda mehemath gonnambo ne adyapanalokko

  3. SL says:

    මම රටවල් කිහිපය හැඳුනුම් පත් දැක තිබෙනවා, බොහොමයක ,ලේ වර්ගය ,ඇඟිලි සලකුණු (සියලුම ) අල්ලේ ඇස් වලට ස්කෑන් සියල්ල තියෙනවා .මෙයින් කිසිම අනාරක්ශාවක් අත්වෙන්නේ නැහැ ආරක්ෂාව වැඩි වෙනවා ඇරෙන්න.ලේ වර්ගය තිබීමෙන් වන වාසිය නම් ,හදිස්සි අනතුරකදී ඉතා පහසුවෙන් ලේ වර්ගයක් දීමට හැකියාවයි . අපේ මිනිස්සුන්ගෙත් හැම දෙකටම විරුද්ධ වෙන මත හරිම ප්‍රතිගාමියි .අපේ අලුත් නන්දුනුම් පතත් මේ වාගේ වියයුතුයි.

  4. gamarala says:

    2015 ජනවාරි 8 වෙනිදා වෙනස සැපද?

  5. UD says:

    ආරක්ෂාව ‌වෙනුවෙන් කුමන ‌හෝ වැඩපිළිවෙලක් සකස් කිරීම සුදුසුයි. නමුත් ක්‍රමවත් විය යුතුය. අළුත් තාක්ෂණය භාවිතා කරන්න.

  6. Rfggh says:

    මෙතන ප්‍රශ්නේ වියදමයි. දෙන සල්ලි වලින් කොමිස් ගහනවා ද කියන එකයි.

  7. Gayantha says:

    ටියුශන් යන්න සල්ලි තියෙනවා මේ වගේ පොඩි මුදලක් යන ඒවට විරුද්ධයි. හැම පාසලකම එහෙම කරන එක හොදයි. හදිස්සියක් වුන වෙලාවට තමයි මේක වටින්නේ.

  8. one shot says:

    කවුරුත් මෙයට බිය විය යුතු නැහැ.මෙය වත්මන් ලෝකයේ භාවිතා වන නවීනතම ක්‍රම වේදයක්.මෙහි ඇති වාසිදායක තත්වයන් බොහෝයි.සියල්ල විකුණන​,සියල්ල විකිණෙන අපේ රටේ දරුවන්ගේ ලේ ටිකත් පාලකයින් විසින් විකුණා දමයිද කියනා සැකය දෙමාපියන්ට ඇතිවීම සාධාරණයි.

  9. Aurora says:

    පාසැල් දරුවන්ට ලැප්ටොප් දෙන්න මරාගෙන මැරෙන තරම් සටනක් කරන අධ්‍යාපන ඇමතියෙක් ඉන්න රටක හැඳුනුම් පතක් වෙනුවෙන් කුමන හෝ වියදමක් ආණ්ඩුවෙන්ම දරණ එක මහා කජ්ජක් නොවේ. දෙමව්පියනට කිසිම බරක් අමාත්‍යාංශය පටවන්නේ නැති බව සහතිකයි.

Main News