පාසල්ක් ආසන්නයේ ඉඩමකින් මෝටාර් හා පතුරම් පෙට්ටි තොගයක් මතු වෙයි….

February 4, 2020 at 2:05 am | lanka C news
පාසල්ක් ආසන්නයේ ඉඩමකින් මෝටාර් හා පතුරම් පෙට්ටි තොගයක් මතු වෙයි….

මුලතිව් පුදුකුඩිඉරිප්පු ගනේෂා විද්‍යාලය අසල සාමාන්‍ය වැසියෙකුගේ ඉඩමකින් මෝටාර් සහ පතුරම් උණ්ඩ ගබඩා කරන ලද පෙට්ටි තොගයක් හමු වූ බවට පුදුකුඩිඉරිප්පු පොලීසිය පවසයි.

අදාල ඉඩම් හිමියා ඉදිකිරීමක් වෙනුවෙන් පොළව හාරන අවස්ථාවේදී අදාල පෙට්ටි මතු වී ඇති අතර පසුව ඒ බව පුදුකුඩිඉරිප්පු පොලීසියට දැනුම් දී ඇත.

අනතුරුව අදාල ස්ථානයට පුදුකුඩිඉරිප්පු පොලීසිය හා මුලතිව් පොලිස් විශේෂ කාර්ය බලකාය පැමිණ සිදු කරන ලද කැනීමකදී මෝටාර් උණ්ඩ හා පතුරම් ගබඩා කරන ලද පෙට්ටි 13 ක් හමු වී ඇතත් අදාල පෙට්ටි දැඩි සේ දිරාපත්ව තිබූ අතර පෙට්ටිතුල මෝටාර් උණ්ඩ හෝ පතුරම් කිසිවක් හමු නොවූ බවටද පුදුකුඩිඉරිප්පු පොලීසිය පැවසීය.

යුද සමයේදී කොටි සංවිධානය විසින් අදාල පෙට්ටි තුල තිබූ පතුරම් හා මෝටාර් උණ්ඩ භාවිතයට ගෙන පෙට්ටි මෙම ස්ථානයේ වල දමන්නට ඇති බවට පරික්ෂණ සිදු කරන පුදුකුඩිඉරිප්පු පොලීසිය වැඩි දුරටත් පැවසීය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

3,876 Viewers
Main News