පාසල් අවට මිටර් 500 ක් ඇතුළත දූම්වැටි විකිණීම තහනම්…
April 20, 2017 at 8:40 am | lanka C news
පාසල් අවට මිටර් 500 ක් ඇතුළත දූම්වැටි විකිණීම තහනම් කිරිමට අවශ්‍ය කැබිනට් පත්‍රිකා කැබිනට් මණ්ඩලයට යොමු කර තිබෙන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.
මෙි පිළිබදව අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා “වත්මන් රජය නීරෝගීමත්, සෞඛ්‍ය සම්පන්න දරු පරපුරක් රටට දායාද කිරීම සදහා අවශ්‍ය සියලු පියවර ගෙන තිබෙනවා. එහි එක් පියවරක් ලෙස පාසල් දරුවන් දූම්වැටියෙන් මුදවා ගැනීමෙි අරමුණින් පාසල් අවට මිටර් 500 ක් ඇතුළත දූම්වැටි විකිණීම තහනම් කිරිමට පියවර ගැනීම පෙන්වා දිය හැකියි. ඒ සදහා අවශ්‍ය කැබිනට් පත්‍රිකා කැබිනට් මණ්ඩලයට මෙි වනවිටත් යොමු කර තිබෙනවා.
රජය මෙවැනි ක්‍රියාමාර්ග ගනිමින් දූම්වැටි නිවාරණයට හා දූම්වැටි විකිණිම අධෛර්යට පත් කිරීමට කටයුතු කරනු කරනු ලබනවා. මෙි වනවිට තරුණ පරම්පරාව දූම්වැටි භාවිතයෙන් ඉවත්වෙමින් පවතිනවා. එවැනි අවස්ථාවක දූම්කොළ සමාගම්වල උකුසු ඇස පාසල් දරුවන් කෙරෙහි යොමු වී තිබෙනවා. පාසල් අවට මිටර් 500 ක් ඇතුලත දූම්වැටි විකීණීම තහනම් කිරීම තුළින් පාසල් දරුවන් ඉන් මුදවා ගැනීමට හැකියාව ලැබෙනවා.”
මාධ්‍ය ඒකකය
සෞඛ්‍ය අමාත්‍යංශය
කොහොමත් කොල්ලො සිකරට් බොන්නෙ ඉස්කෝලෙන් මීටර් පන්සීයකට එහා තියෙන කඩවලින් තමයි. සිකරට් මත්පැන් බොන එක නරක පුරුදු. සිකරට් මත්පැන් පාසැල් අසලින් ඉවත් කිරීම හොඳයි.
ඊටත් වඩා හොඳයි කිසිම පදනමක් නැති බොරු මුස්ලිම් සහ දෙමළ ඉතිහාසය පාසල් පෙළ පොත් වලින් ඉවත් කොට මහාවංශ ඉතිහාසය පමනක් පෙල පොත් වලට ඇතුලත් කිරීම.
ඉතින් බං රටට ගේන එකම නවත්තපන්කෝ…..ඔච්චර තටමන්නේ නැතුව