පාසල් ආපන ශාලා සහ පාසල් අවට ආපන ශාලා 112ක පරිභෝජනයට නුසුදුසු ආහාර..

November 29, 2016 at 2:13 am | lanka C news
පාසල් ආපන ශාලා සහ පාසල් අවට ආපන ශාලා 112ක පරිභෝජනයට නුසුදුසු ආහාර..

ආහාර සුරක්ෂිතතා සතියේ ආරම්භක දිනය වන ඊයේ දින (28) ආහාර පරික්ෂකවරුන් සහ මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් විසින් භෝජනාගාර, ෙබිකරි සහ ආපන ශාලා 4421 ක් පරීක්ෂාවට ලක් කර ඇත. එම ස්ථානවලින් 51 කට නඩු පවරා ඇති අතර, භෝජනාගාර හා ෙබිිකරි 208 ක ආහාර විනාශ කර තිෙබි.

සෞඛ්‍ය, පෝෂණ හා දේශිය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ උපදෙස් මත ආහාර සුරක්ෂිතතා සතිය ක‍්‍රියාත්මක කෙරේ. ඊයේ (28) සිට සතියක කාලයක් දිවයින පුරා ආපන ශාලා, හෝටල්, ෙබිකරි, රෙස්ටුරන්ට්, පරීක්ෂාවට ලක් කරන අතර, වර්ණ සංකේත නොමැති බීම බෝතල් ද පරික්ෂාවට ලක් කරනු ලබයි. මෙම වැඩපිළිවෙලෙහි සමාරම්භය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතාගේ ප‍්‍රධානත්වයෙන් කොළඹ මහ නගර සභා බල ප‍්‍රදේශය තුල දී අද දින ආරම්භ කෙරුනි.

ඊයේ දිනය තුල සීනි සදහා වර්ණ සංකේත නොමැති බීම බෝතල් 1762 ක් පරික්ෂා කළ අතර, නඩු පැවැරීම් 42 ක් සිදු කර ඇත.පාසල් ආපන ශාලා සහ පාසල් අවට ආපන ශාලා 682 ක් පරීක්ෂාවට ලක් කළ අතර, ආපන ශාලා 112 ක් පරිභෝජනයට නුසුදුසු ආහාර තිබී සොයාගත් අතර, ඒවා විනාශ කිරීමට පියවර ගෙන ඇත. ආපන ශාලා 12 කට එරෙහිව නඩු පවරා ඇත.

ශ‍්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය ද මෙම වැඩපිළිවෙලට පුර්ණ සහයෝගය ලබාදී තිෙබි. අද දින සිදු කළ ක‍්‍රියාකාරකම් පිළිබද වාර්තාව ද ෙමි සමග ෙවි.

– නිපුන් ඒකනායක

11 views
Main News