පාසල් ගුරුවරයෙකුගේ බෑගයෙන් කේරල ගංජා… සිසුන්ට විකුණන්න ගෙනාවේදැයි සැක..

November 26, 2020 at 4:40 pm | lanka C news
පාසල් ගුරුවරයෙකුගේ බෑගයෙන් කේරල ගංජා… සිසුන්ට විකුණන්න ගෙනාවේදැයි සැක..

මන්නාරම සේවියර් පිරිමි විද්‍යාලයේ ගුරුවරයෙකු කේරල ගංජා ලඟතබාගැනීමක් හේතුවෙන් අදාල ගුරුවරයා අද (26) අත්අඩංගුවට ගෙන ඇති බවට මන්නාරම් පොලීසිය පවසයි.

මන්නාරම 54 සේනාංකයේ යුදහමුදා බුද්ධිඅංශයට ලැබුනු තොරතුරකට අනුව මන්නාරම පොලීසියේද සහය ඇතිව සේවියර් පිරිමි විද්‍යාලයට ඇතුලුවන දොරටුව ඉදිරියේදී අදාල ගුරුවරයා කේරල ගංජා සමගින් අත්අඩංගුවට ගනු ලැබීය.

ගුරුවරයා අත්අඩංගුවට පත්වන අවස්ථාවේදී ඔහුගේ බෑගය තුලදී කේරල ගංජා ග්‍රෑම් 500 කට ආසන්න කුඩා පාර්සල් තුනක් තිබී හමු වී ඇත.

අදාල ගුරුවරයා කේරල ගංජා සමගින් වැඩිදුර පරික්ෂණ කටයුතු සඳහා මන්නාරම් පොලීසියට භාර දී ඇති අතර එම ගුරුවරයා උදෑසන පාසල තුලට යන අවස්ථාවේදී මෙලෙස කේරල ගංජා සමගින් අත්අඩංගුවට පත්වීම හේතුවෙන් ගුරුවරයා විසින් පාසල් ළමුන්ට කේරල ගංජා විකිනීමට උත්සහ ගෙන ඇත්දැයි යන්න පිළිබඳව සැක සහිත බැවින් ඒ පිළිබඳව පූර්ණ පරික්ෂණයක් සිදු කරීමටද මන්නාරම් පොලීසිය විසින් පියවර ගෙන ඇත.

– වන්නි රොමේෂ් මධුෂංඛ

11,829 views
Main News