පාසල් ගොඩනැගිල්ලක් ගිනිගෙන විනාශ වෙයි.. කඩාකප්පල් කාරි ක්‍රියාවක් බව සැකයක්..
October 10, 2017 at 2:02 am | lanka C news
වවුනියාව, ඊච්චන්කුලම් ශාස්ත්රීකූලාන්කුලම්, භාරතිදාසන් විද්‍යාලයේ ගොඩනැඟිල්ලක් (08) රාත්‍රියේ හදීසියේම ගිනිගෙන විනාශ වී ඇති බව වවුනියාව ඊච්චන්කුලම පොලිසිය පැවසුවේය.
අදාල විද්‍යාලයේ ගුරු දින වැඩසටහනක් (09) පැවැත්වීමට නියමිතව තිබූ අතර, ඊට පෙරදින රාත්‍රියේ විද්‍යාලයේ පන්ති පැවැත්වු තාවකාලික ගොඩනැගිල්ලක් මෙසේ සම්පූර්ණයෙන් ගිනිගෙන ඇති බවට පොලීසිය කියා සිටියේය.
ගුරු දිනයේදී පැවත්වීමට තිබූ උත්සව අවස්ථාව කඩාකප්පල් කිරීමට කිසියම් පිරිසක්ගේ ක්‍රියාවක් බවට සැක සහිත බවට පාසල් ගුරු මණ්ඩලය කියා සිටියේය.
කෙසේ වෙතත් අදාල ගින්න හේතුවෙන් විද්‍යාල ගොඩනැඟිල්ල තුළ තිබූ භාණ්ඩද සියල්ලක්ම විනාශ වි ඇත.
ගින්න ඇතිවන අවස්ථාවේදී පාසල් ගොඩනැගිල්ල තුල කිසිවෙක් නොසිට ඇති අතර එම නිසා කිසිවෙකුටත් හානියක් වී නොමැති අතර, ප්‍රදේශවාසීන්ගේ සහයෝගය ඇතුව ගින්න නිවා දැමීමට පියවර ගෙන ඇත.
කෙසේ වෙතත් අදාල ගිනි ගැනීම කිසියම් පිරිසකගේ ගිනිතැබීමක්ද යන්න පිළිබඳව පුලුල් පරික්ෂණයක් ආරම්භ කොට ඇති බවට ඊච්චන්කුලම් පොලීසිය වැඩි දුරටත් කියා සිටියේය.
– වන්නි රොමේෂ් මධුෂංඛ