පාසල් දරුවන් ක්‍රීඩාවට යොමු කරවීමට වැඩපිලිවෙලක්…

June 26, 2022 at 2:12 am | lanka C news
පාසල් දරුවන් ක්‍රීඩාවට යොමු කරවීමට වැඩපිලිවෙලක්…

ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත ලබා දෙන  ක්‍රීඩා අරමුදල් විධිමත්ව භාවිතා කර ගමේ දක්ෂ දරුවන් ක්‍රීඩා ඉසව් වෙත යොමු කිරීමේ වැඩපිළිවෙලක් ආරම්භ කරන බව ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පැවසීය.

අමාත්‍යවරයා මේ බව පැවසූවේ ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශයේ අමාත්‍ය කාර්යාලයේ පැවති සාකච්ඡාවක දී ය.

එහිදී අමාත්‍යවරයා මෙසේ පැවසීය.

රටේ තරුණ ප්‍රජාව ලක්ෂ 50 ක් පමණ ද පාසල් යන වසසේ දරුවන් ලක්ෂ 40 කට වැඩියි. ඒ තුළ සැගවුනු දක්ෂතා ඇති දරුවෝ බොහොමයක් සිටිනවා. ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශයේ වගකීමක් තමයි ඒ දක්ෂ දරුවන් සොයා ඔවුන්ට ඉදිරියට යාම සදහා අවශ්‍ය මාර්ගය සකස් කර දීම.

මේ සඳහා  ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශය, ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව, මහවැලි අධිකාරිය, ජාතික තරුණ සේවා සභාව, ජාතික යොවුන් සේනාංකය, යෞවන සමාජ සම්මේලනය ඒකාබද්ධව විධිමත් වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කළ යුතුයි. ගම තුළ ශක්තිමත් ක්‍රීඩා සමාජ බිහිකර ඒ තුළට තරුණ තරුණියන් යොමු කරවා දක්ෂතා ඇති දරුවන් හදුනාගැනීම සදහා කුසළතා හදුනාගැනීමේ වැඩසටහනක් ‘‘Talent Identification Program’’ එකක් කඩිනමින් පවත්වන්න කටයුතු කරන්න.  ඒ තුළින් හදුනාගත් දරුවන් ඉදිරියට ගෙනවිත් දක්ෂතාවෙන් පිරිපුන් අලුත් පරපුරක් අපි අපේ රටට බිහි කළ යුතුයි.

ගමේ දරුවෝ ක්‍රීඩාවට යොමු වෙන ප්‍රවනතාවයේ අඩුවක් තිබෙනවා. ගමේ පංසලට දායකයෝ යන්නේ නීති රෙගුලාසි දාලා නෙවෙයි. පාසල් වලට දරුවෝ යන්නේ දෙමාපියන්ගේ කැපවීම මත. දරුවන් ක්‍රීඩාවට යොමු නොවන හේතුව අපි සොයා බැලිය යුතුයි. එතන කුමක් හෝ අඩුවක් තිබෙනවා. එ සදහා අපි පිළියම් යෙදිය යුතුයි.

මෙම අවස්ථාවට ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් අමල් එදිරිසූරිය, ජාතික තරුණ සේවා සභාවේ සභාපති රවීන්ද්‍ර සමරවික්‍රම, ජාතික යොවුන් සේනාංකයේ සභාපති කර්නල් දර්ශන රත්නායක මහතා ඇතුලු නිළධාරීහු පිරිසක් එක්ව සිටියහ.

ප්‍රසන්න අධිකාරි
මාධ්‍ය ලේකම්

7,183 views

5 Comments to “පාසල් දරුවන් ක්‍රීඩාවට යොමු කරවීමට වැඩපිලිවෙලක්…”

  1. E.Nippon says:

    Kridaawata kalin, daruwanta kanna dena vidiyak hadapalla.

  2. මුංට අමු කැවිලද කොහෙද
    ගස් බල්ලෝ ළමයිව ක්‍රිඩා වලට යොමු කරන්න කලිං ගුරුවරුන් ට ළමයින්ට පාසල් එන්න තෙල් දීපිය පොදු ප්‍රවාහනය හරියට දීපිය

  3. සර් says:

    මූ මරැ…ලමයි බඩ ගින්නේ මැරෙනව.

  4. Say No to Cricket says:

    මිනිහෝ ගමෙන් එන උගත් ළමයි නැති කරන්න එපා .නාගරාශ්‍රිතව ක්රිකට් ගහලා කාලකන්නි වෙන ළමයින්ට අමතරව තමුසේ තවත් ගමේ ළමයිනුත් විනාශ කරන්නද හදන්නේ? ක්රිකට් පිස්සුව හදලා ඔය දක්ෂ ළමයින් හොයන ප්‍රොසෙස් එකා අපි දන්නවා ඕක ඉවරවෙන්න ක්රිකට් උත්කර්ෂය කරලා අධ්‍යාපනය වල පල්ලට යවලා.නුගත් උන් රටේ මුල් තෙන්ට ආවාම වෙන්නේ මේක තමයි. ක්‍රීඩා ඇමැති කියලා රටම ක්රීඩා පිස්සුව ක් ඇති කරන්න ඕන නෑ බූරුවෝ ක්‍රීඩාවෙන් රට විනාශ නොකර තියපන් එක තමයි ලොකුම උදව්ව .අපිට අද ඕන උගත්තු ඉංජිනේරුවෝ තාක්ෂණ වේදීන්,විද්‍යාඥයෝ මිසක් ක්‍රීඩකයෝ නෙවෙයි .නාමල් රාජපක්ෂ ලාවුරුදු ගාණක් ක්රීඩා සාගරයේ මේ රට ගිල්වා දැන් රටේ ඉන්න තරුණයෝ මැට්ටෝ වෙලා

  5. දිනූ says:

    යන්තම් විශ්වවිද්‍යාලවල හිස් පුටු මේස පුරවන්න ළමයි ආවේ ගමෙන් මෙන්න මූ එකත් නැති කරලා මූ වගේම නුගත් මෝඩයො ගමෙන් බිහිකරන්න හදනවා.මිනිහෝ ක්‍රීඩා ඇමැති රටේම ඉන්න අය ක්‍රීඩාවට යොමු කරන්න ඕන නෑ පාසල් දරුවන්ගේ අධ්‍යාපනය විනාශ නොකර ඔය යන විදියට පලයන්

Main News