පාසල් දරුවන් තුන් ලක්‍ෂයකට ඇස් කණ්නාඩි..

October 3, 2016 at 2:02 am | lanka C news
පාසල් දරුවන් තුන් ලක්‍ෂයකට ඇස් කණ්නාඩි..

සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය යටතේ ක‍්‍රියාත්මක විෂන් 2020 වැඩසටහන යටතේ ෙමි වනවිට දිවයින පුරා අක්ෂි ආබාධ වලින් පෙළෙන පාසල් දරුවන් ලක්ෂ 03 කට ඇස් කණ්නාඩි ලබාදී ඇත.

විෂන් 2020 වැඩසටහන යටතේ කොළඹ දිස්ත‍්‍රික්කයේ අක්ෂි ආබාධවලින් පෙළෙන දරු දැරියන් 1000 කට ඇස් කණ්නාඩි බෙදාදීම සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතාගේ ප‍්‍රධානත්වයෙන් පසුගියදා බොරැල්ල වෛද්‍ය පර්යේෂණ ආයතනයේ දී සිදු කෙරිනි.

එහිදී අදහස් දැක්වූ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා කියා සිටියේ අක්ෂි පරික්ෂාව සදහා සකස් කළ ජංගම රථයක් ඉදිරියේ දී සේවයේ යෙදවීමට පියවර ගන්නා බවයි. මෙම ලබාදුන් ඇස් කණ්නාඩි දෙනෙත් මෙන් ආරක්ෂා කරගන්නා ලෙස ද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා මෙහිදී දරුවන්ගෙන් ඉල්ලා සිටියේය.

– නිපුන් ඒකනායක

137 views
Main News