පාසල් දැරියකගේ නිලඇඳුම් ගසක් යටින් හමුවෙයි.. අනතුරක්දැයි සැක…

June 1, 2018 at 2:07 am | lanka C news
පාසල් දැරියකගේ නිලඇඳුම් ගසක් යටින් හමුවෙයි.. අනතුරක්දැයි සැක…

යාපනය වීරසිංහම් ශාලාව ආසන්නයේ පිහිටි ගසක් යටින් පාසල් දැරියකගේ නිලඇඳුමක්, යටඇඳුමක් හා පාවහන් යුගලයක් 31 සවස දමා ගොස් තිබියදී යාපනය පොලීසිය විසින් සොයාගෙන ඇති අතර අදාල පාසල් දැරිය කව්රුන්දැයි යන්න පිළිබඳව මේ වන විට පරික්ෂණයක් ආරම්භ කොට ඇත.

අදාල දැරියගේ පාසල් නිලඇඳුමත් සමග යාපනය චාවකච්චේරි ඉඩයික්කාඩු පාසලට අයත් ටයිපටියක්ද හමුවීම මත එම පාසලේ පසාල් දැරියකට අයත් නිලඅඳුම් හා පාවහන් බවට යාපනය පොලීසිය විසින් අදාල දැරිය පිළිබඳව ඉඩයික්කාඩු පාසලේ විදුහල්පතිවරයා සහ ගුරුවරුන් මාර්ගයෙන් සෙවීමට පියවර ගෙන ඇත.

කෙසේ වෙතත් අදාල දැරියගේ නිලඇඳුම් මෙසේ ගසක් යට තිබීම නිසාවෙන් දැරියට කිසියම් කරදරයක් සිදුවී ඇතිද යන්න පිළිබඳවද සැකයක් ඇතිව තිබෙන අතරම අදාල නිලඇඳුම් පිළිබඳව යාපනය ජනතාවගෙන්ද සහය ලබා පුලුල් පරික්ෂනයක් සිදු කිරීමට පියවර ගෙන ඇති බවටද යාපනය පොලීසිය වැඩි දුරටත් කියා සිටියේය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

25 views

One Comment to “පාසල් දැරියකගේ නිලඇඳුම් ගසක් යටින් හමුවෙයි.. අනතුරක්දැයි සැක…”

  1. john the baptice says:

    අමතක ක‍රන්න එපා පිරපාකරන් සමග සටනට ගිය පාසල් දැරියන් සැම දෙනෙක්ම හමුදාවට බාර වෙනකොට බඩක් ඇතිව සිටියේ

Main News