පාසල් දැරියගේ ඝාතකයින්ට දඩුවම් ඉල්ලා උතුරේ පාසල් දරුවන් විරෝධතා…
July 5, 2018 at 5:30 pm | lanka C news
යාපනය සුලිපුරම් ප්‍රදේශයේදී ඝාතනය කෙරුනු පාසල් දැරියගේ ඝාතකයින්ට නීතිය ක්‍රියාත්මක කරන ලෙසට ඉල්ලා මුලතිව් පුදුකුඩිඉරිප්පු මධ්‍යමහා විදුහලේ සිසු දරු දැරියන් පිරිසක් විසින් ඊයේ (04) දහවල් විරෝධතාවක නිරත වූහ.
පුදුකුඩිඉරිප්පු මන්සන්ධියේ සිට පුදුකුඩිඉරිප්පු මධ්‍යමහා විද්‍යාලය දක්වා පාසලේ දරු දැරියන් විරෝධතා පා ගමන් සංවිධානය කොට තිබුණි.
උතුරේ මත්ද්‍රව්‍ය උවදුරද මර්ධනය කිරීමට අවශ්‍ය පියවර හැකි ඉක්මනින් ගන්නා ලෙසටත් මත් උවදුර නිසාවෙන් උතුරේ තරුණ ජීවිත විශාල ප්‍රමාණයක් දිනෙන් දින විනාශ වන අතරම ළමා අපයොජිනයන් හා ලිංගකි ක්රියාකාරක්මද වැඩි වී ජීවිත පවා අහිමි වී ඇත්තේ මත් උවදුරු හිස එසවීම නිසාවෙන් පොලීසිය ඇතුලු සියලුම දෙනා එක්ව උතුරේ මත් උවදුර මැඩිලීමට පියවර ගන්නා ලෙසට විරෝධතාවයේ නිරත වූ සිසු දැරියන් වැඩි දුරටත් කියා සිටියහ.
පසුගිය 25 වැනිදා පාසල් ගොස් නැවත නිවස වෙත නොපැමිණි 06 හැවිරිදි ශිවනේසවරන් රෙජීනා එදින නිවසට නොපැමිණිම සම්බන්ධයෙන් සොයා බැලීමේදී දැරියගේ මළ සිරුර නිවස ආසන්නයේ ළිඳක තිබි සොයාගත් අතර 06 හැවිරිදි සිවනේස්වරන් රෙජීනා දැරිය සුලිපුරම් කාට්ටුපුලම් රජයේ දෙමළ මිශ්‍ර පාසලේ පළමු ශ්‍රේණියේ මෙම දැරිය අධ්‍යාපනය ලැබුවාය.
දැරියගේ ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින සැකකරුවන්ගෙන් ප්‍රධාන සැකකරු දැඩි ලෙස මත්ද්‍රව්‍යට ඇබ්බැහි වී සිටින අයෙකු බවට පරික්සණ සිදු කරන වඩුක්කොඩෙයි පොලීසිය විසින් අනාවරනය කරගෙන තිබුණි.
– වන්නි රොමේෂ් මධුෂංඛ
මේ රටේ පවතින නීතිය ගෝඨාභයට පමණද සාධාරණ….ඈ…..(ගෝඨාභයට එරෙහිව කිසි නඩුවක් බෑ….)
මල්ලී නීතිය විවේචනය කරලා ලෙඩ දාගන්න එපා…
උතුරෙ විතරක් නවෙය් අද මුලු රටෙිිම මැරයන්ගෙ හොඳම බිස්නස් ඒක ගන්ජ සහ කුඩු් සංහිඳියාව කියල
යහපාලන හැත්ත සහ ජෙප්පො රට කෑවා
මේ සිරි ලංකාවේ නීතියේ ආරක්ෂාව ඇත්තේ ගෝඨාභයට පමණද?ගෝඨා ජනාධිපති වූ පසු මේවාට දියයුතු පිදේනි මොනවාද?
මල්ලී… නීතිය විවේචනය කරලා ලෙඩ දාගන්න එපා. අප්සෙට් නම් නඩු දාන්න…