පාසල් දැරියන් දෙදෙනෙක් කොත්මලේඔයට ගසාගෙන යයි..

July 18, 2019 at 6:48 pm | lanka C news
පාසල් දැරියන් දෙදෙනෙක් කොත්මලේඔයට ගසාගෙන යයි..

පාසල් සිසුවියන් දෙදෙනෙකු සැඩ පහරට හසු වි කොත්මලාඔයට ගසාගෙන ගොස් ඇති බව ආගරපතන පොලිසිය පැවසිය.

ආගරපතන ප්‍රදෙශයට අද (18) පස්වරුවේ ඇද හැලුණු අධික වර්ෂාවත් සමග කොත්මලාඔයට ටොරින්ටන් වත්ත ප්‍රදේශයේ සිට ජලය ගලා බසිනා ඇළ මාර්ගයක් තරනය කර නිවසට යාමට උත්සහ කල පාසල් සිසුවෙක් සහ සිසුවියන් දෙදෙනා  ජල පහරට හසු වි ඉන් පාසල් සිසුවා දිවි බේරාගෙන ඇති බවත්, පාසල් සිසුවියන් දෙදෙනා අතුරුදහන් වි ඇති බවත්, ආගරපතන පොලිසි පවසයි.

හොර්ටන් තැන්න ප්‍රදේශයට ඇද හැලුණු අධික වර්ෂාවත් සමග කොත්මලාඔය මේ වන විට පිටාර ගලා ඇති අතර, ඉහල කොත්මලේ ජලාශයද වාන් දොරටු තුනක් මේ වන විට විවෘත කර ඇත.

අතුරුදහන් වු පාසල් සිසුන් දෙදෙනා අවුරුදු 12 වයස් කාණ්ඩ වල පසුවන අය බවත්, එම සිසුවියන් දෙදෙනා සොයා මෙහෙයමුක් දියත් කර ඇති බව ආගරපතන පොලිසිය පැවසුවේය.

– හැටන් රංජිත් රාජපක්ෂ

21,057 Viewers

2 Comments to “පාසල් දැරියන් දෙදෙනෙක් කොත්මලේඔයට ගසාගෙන යයි..”

  1. නාගානන්දට සවන් දෙමු says:

    පුංචි දරැවනේ ඔබලාට කරදරයක් නොමවේවායි පතනව. කරදරයක් වී නම් මතු අත්භවයක මෙවන් වූ විපතක් නොවීමටත් භවය සුගති ගාමී වී හැකි ඉක්මන් භවයක නිවන් මග ශාක්සාත් කර ගැනීමටත් හැකි වේවායි ප්රාර්ථනා කරනව.

    • ටොමියා says:

      හරි ,හරි , නාගානන්දට සබන් දෙමු . මොකද මිනිහා නානවනෙ !.

Main News