පාසල් පටන් ගන්න සිසුන්ට එන්නත් දෙන්නම ඕනි කියල එකක් නෑ…

September 29, 2021 at 2:10 pm | lanka C news
පාසල් පටන් ගන්න සිසුන්ට එන්නත් දෙන්නම ඕනි කියල එකක් නෑ…

පාසල් සිසුන්ට එන්නත් ලබාදීමෙන් පසුවම පාසල් ආරම්භ කළ යුතු බවක් ළමා රෝග විශේෂඥයන් හා එන්නත්කරණය පිළිබඳ විශේෂඥයන් පවසන්නේ නැතැයි රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා සඳහන් කරයි.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වරයාගේ උපදෙස් මත අදියර හතරක් ඔස්සේ පාසැල් ආරම්භ කිරීමට කටයුතු කරන බවද ඒ මහතා පැවසීය.

ඒ අනුව ඔක්තොම්බර මාසයේ අවසන් වෙද්දී සම්පූර්ණයෙන්ම පාසැල් විවෘත කිරීමට වැඩපිළිවෙල ක්‍රියාත්මක කරමින් ඇතැයිද ඔහු සඳහන් කළේය.

දැනට සියලු ගුරුවරුන් සඳහා මෙන්ම අනධ්‍යයන කාර්ය මණ්ඩලය සඳහා ද එන්නත් කරණය සිදු කර අවසන් බවත් වයස අවුරුදු 12 ට වැඩි දරුවන් සඳහා එන්නත්කරණ වැඩපිලිවෙල සකස් කර ඇති බවත් අමාත්‍යවරයා කියා සිටියි.

ඔහු මේ බව කියා සිටියේ කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

12,659 views

8 Comments to “පාසල් පටන් ගන්න සිසුන්ට එන්නත් දෙන්නම ඕනි කියල එකක් නෑ…”

  1. ගෞම් ඊයාරාජ් says:

    බොලාට කොවිඩ් අරමුදල වෙනුවෙන් එක මාසයක පඩියවත් දෙන්න බෑනේ , එහෙනං පැත්තකට වෙලා හිටහං නොදන්න ලබු කියන්නැතුව , බොලාට සධාචාරාත්මක අයිතියක් නෑ කොවිඩ්19 ගැන කතාකරන්න , හිගන හැත්ත.

  2. කුඹුක්කණ් says:

    දෙන්න ඕනෙ කියලා එකක් නෑ, මෙන්ම දෙන්න ඕනෙම නෑ, ඔය ඊනියා එන්නත. විද්‍යාව ගැන බාගෙට ඉගෙන ගත්ත උන්ට නං එන්නත ඕනෙමයි,
    කොරෝනා මුල්කාලෙ වෛරස වලින් හදපු , ඩෙල්ටා වැනි ප්‍රභේද වලට වැඩ නැති, දිගුකාලීන අතුරු ආබාධ ගැන පරීක්ෂණ නැති , හදිසි භාවිතයට තියෙන එන්නත් වලට වැඳං ඉන්නෙ, විද්‍යාව නොවේ විද්‍යාව කියලා චුට්ටක් ඉගෙනගෙන ඒකට වැඳං ඉන්න, අවිද්යාවුන්.

  3. lakshitha says:

    ළමයින්ට ඉහල ස්වාභාවික ප්‍රතිශක්තියක් කොවිඩ් වලට එරෙහිව තියෙන නිසා එන්නත ලබා ගන්න කැමති අයට එන්නත් දෙන්න ඉස්කෝලෙදිම. දැන් ඉස්කෝල, විශ්ව විද්‍යාල වහලා තිබ්බා හොඳටම ඇති. උන්ගේ ජීවිතවල අවුරුදු 2ක් කාලකන්නි වෙලා තියෙන්නේ.

  4. Suresh says:

    ළමයින්ට විදින්න ෆයිසර් ගෙනාවා නේ. ඒක නිසා විද්වත් මතය අනුව සහ දෙමව්පියන්ගේ කැමැත්ත ඇතිව එන්නත විදින්න ක්‍රමයක් හදන්න.

  5. Jiwan says:

    පව් මේ ළමයි ගෙවල් වලට වෙලා කාලකන්නි වෙලා. වසන්ගතයක් කල විනාශයක්.

  6. Harshie says:

    ඇරගත්තදෙන්.අපි යවන්නේ නෑ දරුවෝ පාසල්වලට.නිසි ක්‍රමවේදයක් නැතුව,දරුවන් අවදානමකට ලක් කරන්න ඕනේ නෑ අපට.

  7. david milibanda says:

    But, dunnoth Hondai.

  8. asanka says:

    එන්නත් කල විට ස්වාභාවික ප්‍රතිශක්තිය අඩු වී වෙනත් ලෙඩ ඇතිවීමේ හැකියාව වැඩි වන බවත්
    එන්නත් කල අයගෙන් එන්නතට විරෝධී වෙනත් වයිරස් ප්‍රෙභේද හට ගන්න බවත්,
    ජාන වෙනස් විය හැකි බවත්,
    අන්ග විකල දරුවන් ඇති විය හැකි බවත්,
    සමහරු කියයි… මෙහි සත්‍ය…?