පාසල් බස් රථ සහ මගී ප‍්‍රවාහන බස් රථවල රියදුරන්ගේ අක්ෂි ආබාධ ගැන අවධානය..

November 12, 2016 at 2:02 am | lanka C news
පාසල් බස් රථ සහ මගී ප‍්‍රවාහන බස් රථවල රියදුරන්ගේ අක්ෂි ආබාධ ගැන අවධානය..

ජාතික අනතුරු නිවාරණ සතිය ප‍්‍රකාශයට පත් කිරීෙමි මාධ්‍ය හමුවක් සෞඛ්‍ය අමාත්‍යාංශ ශ‍්‍රවණාගාරයේ දී සෞඛ්‍ය, සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්විනි.

එහිදී 2016 නොවැම්බර් මස 15 සිට 18 වන දින දක්වා අනතුරු නිවාරණය පිළිබද ජාතික සතියක් ක‍්‍රීයාත්මක කිරීම සෞඛ්‍ය අමාත්‍යාංශයේ අනතුරු වැළැක්වීම පිළිබද කේන්ද්‍රීය ඒකකය වන බෝනොවන රෝග අංශය විසින් ප‍්‍රකාශයට පත් කරන ලදි.

මෙහිදී අදහස් දැක්වූ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා,

ජාතික අනතුරු නිවාරණ සතිය දින 04 ක් පුරා දීප ව්‍යාප්තව පවැත්වීමට කටයුතු යොදා තිබෙනවා. එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින්  මාර්ග අනතුරු නිසා විපතට පත්වූවන් සැමරීෙමි ලෝක දිනය” ලෙස නොවැම්බර් මස 03 වන ඉරිදා ප‍්‍රකාශයට පත් කර තිබෙනවා. එම දිනයට සමගාමීව මෙම සතිය ක‍්‍රියාත්මක කරනවා. වර්තමානයේ දිනකට මාර්ග අනතුරු 06 ක් 08 ක් සංඛ්‍යාවක් සිදු වෙනවා.”

මෙම සතිය තුල දී මහජනතාව දැනුවත් කිරීම, අනතුරු සිදුවීෙමි අවදානමක් ඇති ස්ථාන පරීක්ෂා කිරීම, ඉදිරියේ දී අනතුරු ඇතිවීෙමි අවදානම අවම කිරීම සදහා කෙටි කාලීන, මධ්‍ය කාලීන සහ දිර්ඝ කාලීන ක‍්‍රීයාමාර්ග ගැනීමටත් අපෙක්ෂා කරනවා. මෙම සතිය නොවැම්බර් මස 15 සිට 18 දක්වා ක‍්‍රීයාත්මක කෙරෙන අතර, 15 වනිදා පාසල් සහ පෙරපාසල් සුරක්ෂිත දිනය ලෙස ද, 16 වන දා රාජකාරී ස්ථාන සුරක්ෂිතතා දිනය ලෙස ද, 17 වන දා ගෘහස්ථ ආරක්ෂිතතා දිනය ලෙස ද, 18 වනිදා මාර්ග සුරක්ෂිතතා දිනය ලෙස ද වෙන් කර තිබෙනවා”

මෙහිදි පාසල් බස් රථ සහ මගී ප‍්‍රවාහන බස් රථවල රියදුරන්ගේ අක්ෂි ආබාධ කෙරෙහි ද අවදානය යොමු කළ යුතුයි. පසුගිය කාලය පුරා අක්ෂි ආබාධවලට ගොදුරු වූ රියදුරන් සොයාගෙන තිබෙනවා. එම නිසා ඔවුන් වෛද්‍ය පරීක්ෂණයකට ලක් කළ යුතුයි.”  යැයි ද වැඩිදුරටත් පැවැසීය.

2016 වර්ෂයේ මුල් මාස 06 තුළ දී මූලික රෝහල් සහ ඉහළ මට්ටෙමි රෝහල් වලින් ලබාගත් හදිසි අනතුරුවලට අදාල දත්ත වලට අනුව අනතුරුවලට ගොදුරුවූවන් පිිළිබද ස්ත‍්‍රී පුරුෂ අනුපාතය 1:2 කි. (සියයට 34 ක් ස්ත‍්‍රී සියයට 66 පුරුෂ) වාර්තා කරන ලද සියළුම අනතුරුවලට අනුව සත්ව සපාකෑම් සියයට 29.9 කි. ප‍්‍රවාහන අනතුරු ( මාර්ග අනතුරු දුම්රිය අනතුරු සහ ජලයේ ප‍්‍රවාහන අනතුරු) සියයට 17.6 කි. වැටිම් සියයට 16.9 කි. කැපීම් සහ ඇනීම් සියයට 11.1 කි.

එමෙන්ම අනතුරු හේතුවෙන් වාර්තා වූ මරණ දෙස බැලීෙමි දී ප‍්‍රවාහන අනතුරු හේතුවෙන් සියයට 29 ක් ද, වැටිම් හේතුවෙන් සියයට 09 ක් ද, විෂවීම් හේතුවෙන් සියයට 09 ක් ද, සියදිවි හානිකර ගැනීම් හේතුවෙන් සියයට 09 ක් ද, ස්වභාවික බලෙවිග නිසා සියයට 08 ක් සහ දියේ ගිලීම් හේතුවෙන් සියයට 06 ක් වශයෙන් වාර්තා ෙවි.

ශ‍්‍රී ලංකා පොලීසියේ වාර්තාවලට අනුව 2016.01.01 සිට 2016.09.03 දක්වා සිදු වූ මාර්ග අනතුරු දෙස බැලීෙමි දි මරණීය අනතුරු 2019 ක් ද, බරපතල අනතුරු 6142 ක් ද, සුළු අනතුරු 11,132 ක් ද, දේපල හැනි 10,266 ක් ද,  ඒ අනුව මුළු අනතුරු 29630 ක් සහ සිදුව ඇති මරණ සංඛ්‍යාව 2207 කි.

මෙම අවස්ථාවට බෝනොවන රෝග අංශයේ නිලධාරින් ඇතුලු පිරිසක් එක්ව සිටියහ.

– නිපුන් ඒකනායක

8 views

One Comment to “පාසල් බස් රථ සහ මගී ප‍්‍රවාහන බස් රථවල රියදුරන්ගේ අක්ෂි ආබාධ ගැන අවධානය..”

  1. shimal says:

    le pariksha karanna okkoma kuddo

Main News