පාසල් සිසුන්ට තෑගි අරන් උත්තර දේවී කන්කසන්තුරේ යයි..

January 27, 2019 at 8:02 am | lanka C news
පාසල් සිසුන්ට තෑගි අරන් උත්තර දේවී කන්කසන්තුරේ යයි..

කොළඹ – යාපනය කන්කසන්තුරේ උත්තර දේවි දුම්රියේ නව බලවේග කට්ටලය ජනතා අයිතියට පැවරීමේ සමාරම්භක චාරිකාව ලබන අද උදෑසන කොළඹ දුම්රිය ස්ථානයේදී සිදු කෙරින.

කොළඹ දුම්රිය ස්ථානයේ සිට යාපනය කන්කසන්තුරේ දක්වා උදෑසන ගමන් ඇරඹුණු අතර සමාරම්භක උත්සවය පැවැත්වුනේ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන, ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය අර්ජුන රණතුංග සහ ඉන්දීය මහ කොමසාරිස් තරංජිත් සිං සන්දු යන මහත්වරුන්ගේ සහභාගිත්වයෙනි.

උත්තර දේවි කොළඹ – යාපනය කන්කසන්තුරේ දක්වා ධාවන කරනුයේ උතුරු – දකුණු සංහිඳියාව සංකේතවත් කරමින් වීම විශේෂත්වයකි. ඒ අනුව මෙම සමාරම්භක චාරිකාවට සමගාමීව යාපනය දිස්ත්‍රික් පාසල් ළමුන් සඳහා පාසල් බෑග්, පොත්පත් ඇතුළුව පාසල් උපකරණ දකුණෙන් ගෙන යාමට අපේක්ෂා කරයි. යාපන දිස්ත්‍රික් පාසල් ළමුන්ට බෙදා දීම සඳහා පාසල් උපකරණ යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට භාර දීම පස්වරු 01.00ට යාපනය දුම්රිය ස්ථානයේදී සිදු කෙරේ. මෙම සමාරම්භක සංචාරයට සමගාමීව කිලිනොච්චිය අරවියල් නගර් උප දුම්රිය ස්ථානයද විවෘත කෙරෙනු ඇත.

උත්තරා දේවි දුම්රියට යොදවන නව බලවේග කට්ටය ආනනය කළේ ඉන්දියාවෙනි. එහි මැදිරි සංඛ්‍යාව හයකි. එයින් වායු සමනය කළ පළමු පංතියේ මැදිරියක් මෙන්ම වායු සමනය කළ දෙවැනි පංතියේ මැදිරියක්ද මෙම දුම්රියට අයත් වේ. පළමු පංතියේ මැදිරියේ ආසන 52ක් ඇත. දෙවැනි පංතියේ ආසන 64කි. තුන්වැනි පංතියේ එක් මැදිරියක ආසන 152ක් වේ. ඒ අනුව මෙ දුම්රියෙන් එකවර ගමන් කළ හැකි මගීන් සංඛ්‍යාව 724 කි.

දුම්රිය නවත්වන්නේ ගම්පහ, පොල්ගහවෙල, කුරුණෑගල, මහව, ගල්ගමුව, අනුරාධපුර, මැදවච්චිය, වව්නියා, මාන්කුලම්, කිලිනොච්චි, පලෙයි, කොඩිකාමන්, යාපනය සහ යාපනයේ සිට කන්කසන්තුරේ දක්වා වූ සියලු දුම්රිය ස්ථානවල වේ.

මෙම දුම්රියේ ගමන් ගන්නා මගීන්හට ජී. පී. එස් තාක්ෂණය ඔස්සේ ඉදිරියේදී තමන් බැසීමට බලාපොරොත්තුවන දුම්රිය ස්ථානය පිළිබඳ තොරතුරු පූර්වයෙන් දැනගත වීමත් විශේෂත්වයකි.

– තමීර මංජු

148 views

5 Comments to “පාසල් සිසුන්ට තෑගි අරන් උත්තර දේවී කන්කසන්තුරේ යයි..”

  1. Gobrial says:

    Why does India, a country with horrible infrastructure fund projects in Sri Lanka, specially in Tamil areas? Tamils consider India their fatherland and Indians want leverage in Sri Lanka and Tamils are their pawns. India has the further ulterior motive to offload Tamils from densely populated Tamil Nadu to Sri Lanka.

    India also secretly funds left wingers, when FUTA asked for 6% GDP (and 6% alcohol) to put the then MR gov in trouble the 6% T-shirts were printed in India. Also why do you think the massive Thagore Auditorium was built in University of Ruhuna?

    We should understand this.

    • say no to says:

      Very true when Indians don’t even have basic facilities like “TOILETS” Indian government come here any spent millions of rupees for ambulances and housing projects WHY?
      INDIA IS SCARED OF CHINA
      they want to stop Lankan getting friendly with China
      My enemies enemy I consider as MY VERY GOOD FRIEND.

      lets boycott Indian cars and products ,anyway Indian cars are very much inferior to Chinese cars.
      India doesn’t even have their own vehicle safety standards or international labs to commission car designs, nor they have facilities to test the safety of their cars .all they do is to use somebody elses standard and just say that they have some foreign standard products.
      Indian cars are produced with very poor quality steel and anybody who owns an Indian vehicle knows it very well

  2. sakalabujan says:

    give a new train for peoples who are working in govt/private offices around Colombo

  3. අපේ රට says:

    උතුරැ දුම් රිය මාර්ගය ද්විත්ව මාර්ගයක්ලෙස පොල්ගහවෙල දක්වාපමනක් ඇති අතර ඉන්පසුව කන්කසන්තුරේ දක්වාම ඇත්තේ තනිමාර්ගයයි. පොල්ගහවෙල සිට පොතුහැර අතර උඩහට හෝ පහලට තවත් දුම් රියක් නිදහස් කිරිමට විනාඩි 20ක් පමනගතවේ.හේතුව මේඅතර දුම් රිය ස්ථානයක් නොතිබිමයි.එනිසා වහාම තලවත්තේගෙදර, දුම් රිය ස්ථානයක් කර ලුප් එකක දැමිමෙන් මෙම කාලය විනාඩි9කට අඩුකල හැක.ඊට සමගාමිව පොල්ගහවෙල-කුරණැගල අතර ද්විත්ව මාර්ගයක්ලෙස වැඩිදියුණුකරන්න.මෙය කිරිමට සැලසුම් කරතිබුනත් දුම් රිය දෙපාර්තමෙන්තුව එය ප්‍රමාධ කරමබව ජනතා මතයයි.

  4. අපේ රට says:

    උතුරැ දුම් රිය මාර්ගය පොල්ගහවෙල දක්වා ද්විත්ව වනමුත් එතැන්සිට KKS දක්වාම තනිමාර්ගයකි.මෙහි වැඩිම තදබදය ඇත්තේ පොල්ගහවෙල-කුරුණැගල අතරය. පොල්ගහවෙල-පොතුහැර අතර දුම් රියක් උඩහට හෝ පහලට ගැනිමේදි විනාඩී20 ප්‍රමාදයක් සිදුවේ.එබැවින් වහාම තලවත්තේගෙදර, දුම් රිය ස්ථානයක් බවට පත්කර ලුප් එකක් දැමිමෙන් ප්‍රමාදය විනාඩි 9කට පත්කරගතහැක.ඊට සමගාමිව පොල්ගහවෙල-කු/ගල ද්විත්ව මාර්ගය ක්‍රීයාත්මක කිරිමෙන් මාර්ගයේ ප්‍රමාදයන් අඩුකරගත හැක.

Main News