සිසුන් 09 කට, ගුරුවරුන් 02කට කොරෝනා… පාසැල වසා දමයි..

January 27, 2021 at 3:00 pm | lanka C news
සිසුන් 09 කට, ගුරුවරුන් 02කට කොරෝනා… පාසැල වසා දමයි..

හැටන් කලාප අධ්‍යාපන කාර්යාලය යටතේ පාලනය වන හැටන් බොස්කෝ විද්‍යාලය (27) දින සිට තාවකාලිකව වසා දැමිමට පියවර ගත් බව හැටන් දික්ඔය නගර සභාවේ මහජන සෞඛ්‍ය පරික්ෂක ආර්.ආර්.එස් මැදවෙල මහතා පැවසිය.

එම විදුහලේ 9 ඒ වසරේ අධ්‍යාපනය ලබන 13 හැවිරිදි පාසල් සිසුවෙකුට 22 දින කොවිඩ් 19 වෛරසය අසාදනය වි ඇති බවට තහවුරු විම නිසා එම අසාදිත සිසුවා අධ්‍යාපනය ලබන 9 ඒ වසරේ සිසුන් 37 ක් සහ ගුරුවරුන් 14 ක් ස්වයං නිරෝධානයට යොමු කර එම පන්ති කාමරය වසා දැමිමට මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් පියවර ගෙන තිබුණි.

ස්වයං නිරෝධානයට යොමු කල සිසුන් 37 සහ ගුරුවරුන් 14 දෙනාගෙන් සිදු කල පි.සි.ආර් පරික්ෂණ වාර්තා අනුව සිසුන් 09 දෙනෙකුට සහ ගුරුවරුන් දෙදෙනෙකුට කොවිඩ් 19 වෛරසය අසාදනය වි ඇති බවට (27) දින තහවුරු විය.

පළමු අසාදිත සිසුවා එම පාසලෙන් හමු වු දින සිට අසාදිත සිසුවා අධ්‍යාපනය ලැබු පන්ති කාමරය වසා දමා සෙසු පන්ති කාමර පවත්වාගෙන යාමට සෞඛ්‍ය අංශ උපදෙස් ලබා දි තිබුණද (27) දින දහවල් සිට එම පාසල සම්පුර්ණයෙන්ම වසා දමා මුළු පාසලම විෂබිජහරණයට ලක් කිරිමට සෞඛ්‍ය අංශ පියවර ගෙන ඇත.

එම පාසල ළමුන් 1481 ක් සහ අචාර්ය මණ්ඩලයේ 81 කින් සමන්විත වන බව එම පාසලේ නියෝජ්‍යය විදුහල්පති සංකර් මණිවන්නන් මහතා පැවසිය.

– හැටන් රංජිත් රාජපක්ෂ

21,095 views

2 Comments to “සිසුන් 09 කට, ගුරුවරුන් 02කට කොරෝනා… පාසැල වසා දමයි..”

  1. ක්‍රිමිනල් says:

    පාසලේ හැමෝටම පකනිල් පෙත්තක් සමග කේරල ගව මුත්‍ර වීදුරුවක් බැගින් ලබා දුන්න නම් වැඩේ ඉවරයි.

    කොහෙද ඉතින්, ගොන් බයියන්ට තේරෙන එකක් යැ.
    බයියෝ යන්නෙම ඉගුරු, කොත්තමල්ලි, පැණි පස්සේ.

    • Randa says:

      උඹ හරි..කට කපලා ගියත් ඇත්ත කියන එකෙක්

Main News