පාසල් සිසුන් දෙනෙකුට කොරෝනා..

December 13, 2020 at 6:25 am | lanka C news
පාසල් සිසුන් දෙනෙකුට කොරෝනා..

හැටන් කලාප අධ්‍යාපන කාර්යාලය යටතේ පාලනය වන නොර්වුඩ් දමිල මහා විද්‍යාලයේ 9 බි වසරේ අධ්‍යාපනය ලබන ස්වයන් නිරෝධනයට යොමු කර ඇති සිසුවෙකුට සහ සිසුවියකට කොවිඩ් 19 වෛරසය අසාධනය වි ඇති බවට (12) දින පස්වරුවේ ලද පි.සි.ආර් පරික්ෂන වාර්ථා අනුව තහවුරු වු බව බගවන්තලාව මහජන සෞඛ්‍යය පරික්ෂක ජේ ගනේෂ් මහතා පැවසිය.

එම පාසලේ ඉකුත් මස 28 සහ 30 යන දෙදින තුල ඉගැන්විම් කටයුතුවල නිරත වු ගුරුවරියකට සහ ඇගේ දරුවන් දෙදෙනාට කොවිඩ් 19 වෛරසය අසාදනය විම නිසා එම ගුරුවරිය සහ ඇගේ දරුවන් දෙදෙනා නිරෝධායන මධ්‍යස්ථානයක් කරා යොමු කර එම පාසල ඉකුත් මස (07) දින සිට තාවකාලිකව වසා දමා එම පාසලේ ලගම ආශ්‍රිත ගුරුවරුන් සහ සිසු සිසුවියන් පි.සි.ආර් පරික්ෂණයකට භාජනය කරනු ලැබුහ.

බගවන්තලාව සෞඛ්‍යය වෛද්‍යය නිලධාර් කාර්යාලය මගින් එම පාසලේ අධ්‍යපනය ලබන අසාධිත ගුරුවරියගේ ලගම ආශ්‍රිත ගුරුවරුන් සහ සිසු සිසුවියන්ගෙන් සිදු කල පි.සි.ආර් පරික්ෂනය අනුව පාසල් සිසුවියකට සහ සිසුවෙකුට කොවිඩ් 19 වෛරසය අසාධනය වි ඇති බවට (12) දින තහවුරු වි ඇත.

අසාධිත සිසුවිය සහ සිසුවාගේ ලගම ආශ්‍රිත සිසු සිසුවියන් සහ ගුරුවරුන් ස්වයන් නිරෝධනයට යොමු කිරිමට මහජන සෞඛ්‍යය පරික්ෂකවරුන් සහ පොලිසිය කටයුතු කර ඇත.

අසාධිත පාසල් සිසුන් දෙදෙනා නොර්වුඩ් වෙන්චර් වතුයායේ පදිංචි කරුවන්ය.

– හැටන් රංජිත් රාජපක්ෂ

3,873 views

3 Comments to “පාසල් සිසුන් දෙනෙකුට කොරෝනා..”

  1. කැප්පෙටිපොළ says:

    බෙහෙත් වට්ටෝරු වැරදියි කියන බටහිර වෛද්‍යවරුන්ට අභියෝගයක්
    පුතේ එපා උඩ බලාගෙන කෙල ගහන්න එපා පාරම්පරික සිංහල ඥාණයට පහර ගහන්නෙ. මොකද ගස් වල ගුණ දන්නවනම් ලෙඩ වල හේතු දන්නවානම් බෙහෙත් වට්ටෝරු හදන්න පුලුවන්. නාවින්න තියෙන 70000 වට්ටොරු පරික්ෂා කරන්න කාලයයි.

  2. Campus Kolla says:

    Ko ara wagakima gannawa kiyuwa eka? Uta thiyana ekama de thamayi lori talk saha lajja nathikama.

  3. ක්‍රිමිනල් says:

    අර වගකීම ගන්නවා කියපු කියත් මගේ ඩෑල් එක හැංගිලාද ?

Main News