පාසල් සිසුවා ලොරියකට යටවී මරුට.. තවත් අයෙකුට බරපතලයි…

October 19, 2021 at 12:40 pm | lanka C news
පාසල් සිසුවා ලොරියකට යටවී මරුට.. තවත් අයෙකුට බරපතලයි…

වව්නියාව උළුක්කුලම් ප්‍රදේශයේදී සිදු වූ රිය අනතුරකින් 16 හැවිරිදි පාසල් සිසුවෙකු මිය ගොස් තවත් අයෙකු බරපතල තුවාල ලබා ඇතැයි උළුක්කුලම් පොලීසිය පවසයි.

උළුක්කුලම් වව්නියාව මාර්ගයේ අදාල සිසුවා යතුරුපැදියකින් ගමන් කරමින් සිටියදී යතුරුපැදිය මාර්ගයේ ගමන්ගත් තවත් යතුරුපැදියක ගැටීමෙන් පසුව විසී වී ගොස් ඉදිරියෙන් පැමිණි ලොරියකට යටවී ඇති බවට තොරතුරු අනාවරනය වෙයි.

අනතුරින් බරපතල තත්වයේ සිටි පාසල් සිසුවා සහ අනෙක් යුතුරුපැදිකරු වව්නියාව මහරෝහලට ඇතුලත් කිරීමෙන් පසුව පාසල් සිසුවා මිය ගොස් ඇති අතර අතුරට හේතුව මෙතෙක් අනාවරනය වී නොමැත.

අනතුරින් මිය ගොස් ඇත්තේ උළුක්කුලම සිරිසුමන විධ්‍යලයේ ඉගෙනුම ලැබූ 16 හැවිරිදි සිසුවෙකු වූ හංස දිල්සාන් මිහිරංග නැමති සිසුවෙකි.

අණතුරින් පසුව ලොරි රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර අනතුර සම්බන්ධයෙන් උළුක්කුලම් පොලීසිය වැඩිදුර පරික්ෂණ සිදුකරයි.

– වන්නි රොමේෂ් මධුෂංඛ

4,957 views