පාසල් සිසුවියකට කොරෝනා.. ගුරුවරුන් සහ පාසලේ සිසු සිසුවියන් පිරිසකුත් නිරෝධායනයට..

December 11, 2020 at 12:00 pm | lanka C news
පාසල් සිසුවියකට කොරෝනා.. ගුරුවරුන් සහ පාසලේ සිසු සිසුවියන් පිරිසකුත් නිරෝධායනයට..

ගම්පොල කලාප අධ්‍යාපන කාර්යයාලය යටතේ පාලනය වන නාවලපිටිය කදිරේෂන් මධ්‍යම මහා විද්‍යාලයේ 12 වසරේ අධ්‍යාපනය ලබමින් සිටි පාසල් සිසුවියකට කොවිඩ් 19 වෛරසය අසාදනය වි ඇති බවටි පි.සි.ආර් වාර්තා අනුව තහවුරු වු බවත් , අසාදිත සිසුවිය පේරාදෙණිය පැණිදෙණිය නිරෝධායන මධ්‍යස්ථානය කරා (10) දින යොමු කල බව නාවලපිටිය පස්බාගේ  කෝරලේ සෞඛ්‍යය වෛද්‍යය නිලධාරි කාර්යයාලයේ මහජන සෞඛ්‍යය පරික්ෂකවරුන් පැවසිය.

නාවලපිටිය නගරයේ සුපිරි වෙලදසැලක වෙලද සහයකයෙතු වශයෙන් කටයුතු කල අසාදිතයෙකුගේ දියණියටයි මෙසේ කොවිඩ් 19 වෛරසය අසාදනය වි ඇත්තේ.

පෙර අසාදිතයාගේ පවුලේ සමාජිකයන් ස්වයං නිරෝධානයට යොමු කර පසුව සිදු කල පි.සි.ආර් පරික්ෂණ වාර්තා අනුව පෙර අසාදිතයාගේ වැඩිමහල් දියණියට කොවිඩ් 19 වෛරසය අසාදනය වි ඇති බවට තහවුරු වි ඇත.

කොවිඩ් 19 වෛරසය අසාදනය වි ඇති පාසල් සිසුවිය වෛරසය අසාදනය විමට ප්‍රථම ඉකුත් (03) දින නාවලපිටිය කදිරේෂන් විද්‍යාලයට පිවිස ඇති නිසා එම පාසලේ සිසුවියගේ ළගම ආශ්‍රිතයන් වු ගුරුවරුන් 04 , එම සිසුවියගේ පන්ති කාමරයේ සිටි සිසු සිසුවියන් 10 දෙනෙකු , පාසලේ ආපන ශාලාවේ හිමිකරු, එම පාසල් සිසුවිය පදිංචි නාවලපිටිය හයින්පොඩ් ප්‍රදේශයේ අසල්වාසින් 09 දෙනෙකුත් ස්වයං නිරෝධනයට යොමු කර ඇත.

නාවලපිටිය කදිරේෂන් කාන්තා විද්‍යාලය විෂබිජහරණය කිරිමටද මහජන සෞඛ්‍යය පරික්ෂකවරුන් විසින් කටයුතු කර ඇත.

– හැටන් රංජිත් රාජපක්ෂ

10,606 views

5 Comments to “පාසල් සිසුවියකට කොරෝනා.. ගුරුවරුන් සහ පාසලේ සිසු සිසුවියන් පිරිසකුත් නිරෝධායනයට..”

  1. Galle says:

    කලාප කාර්යාලයකට යන්න බෑ.
    එයාල ඉටිරෙදි වලින් වහගෙන එන්න දෙන්නෙ නෑ.

    විදුහල්පතිලා කාමරයෙන් එලියට බහින්නෙ නෑ.

    දරුවන් සහ ගුරුවරු අමාරුවෙ.

    • ක්‍රිමිනල් says:

      පකනිල් බිවුව නම් ඔහොම වෙන්නෙ නෑනේ

  2. ක්‍රිමිනල් says:

    කෝ අර වගකීම ගන්නවා කිව්ව උන්නැහේලා ? ඔක්කොම හැංගිලා , ඒ අතින් මොනවා උනත් ,වයසට ගියත් මහින්ද මහත්තයා එලියට බැහැලා අඩුම ගානේ මොනා හරි විවුර්ත කරන්න හරි යනවා ,කේක් කපනවා ,මිනිස්සු පුලු පුලුවන් විදියට හම්බවෙලා ප්‍රශ්ණ මොනාද කියලා හරි අහනවා , එකට චන්දේ කාලේ ඔවර් ඇක්ටින් දගලානා දාපූ ඩයල් එකෙක් නෑ පේන්න.

  3. මෙහෙම තත්වයක් ජන්දයට කලින් තිබුනානම් මුන්ට බෑ කියලා තෙරෙනවා….. අද වෙනකන් කරපු ඔක්කොම ෆෙල්….. අපි දවසෙන් දවස ණයකාරයො වෙනවා…….

Main News