පාසල් සිසුවියක් ගැබිණියක් කල එක්දරු පියෙකු අත්අඩංගුවට…

June 23, 2022 at 8:02 am | lanka C news
පාසල් සිසුවියක් ගැබිණියක් කල එක්දරු පියෙකු අත්අඩංගුවට…

පාසල් සිසුවියක් (15) ගැබ් කල එක්දරු පියෙකු සැකපිට අත්අඩංගුවට ගත් බව බගවන්තලාව පොලිසියේ ස්ථානාධිපති  ප්‍රධාන පොලිස් පරික්ෂක ශාන්ත බණ්ඩාර මහතා පැවසිය.

සැකකරු නාවලපිටිය දොලොස්බාගේ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවත්, සැකකරුගේ බිරිද බගවන්තලාව පොලිස් වසමට අයත් කැම්පියන් වත්ත පහල කොටසේ පදිංචිකරුවෙකු බවත්, සැකකරු බිරිදගේ නිවසට පැමිණි අවස්තාවේ  බිරිදගේ නැගණිය වන පාසල් සිසුවිය දුෂණයට ලක් කර ඇති බවයි පොලිස් ස්ථානාධිපතිවරයා කියා සිටියේ.

පාසල් සිසුවිය මේ වන විට සය මසක ගැබිණියක් බවත්, ඇයගේ හැසිරිම් රටාව පිලිබදව සැකසිතු පවුල් සෞඛ්‍ය නිලධාරිනිය එම පාසල් සිසුවිය බගවන්තලාව ප්‍රාදේශිය රෝහල වෙත ඇතුලත් කර පරික්ෂා කර බැලිමේදි ඇය සය මසක ගැබිණියක් බවට වෛද්‍යවරුන් විසින් තහවුරු කර ඇති බවයි පොලිස් ස්ථානාධිපතිවරයා කියා සිටියේ.

අත්අඩංගුවට ගත් සැකකරු හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතය.

– රංජිත් රාජපක්ෂ

45,945 views

3 Comments to “පාසල් සිසුවියක් ගැබිණියක් කල එක්දරු පියෙකු අත්අඩංගුවට…”

  1. Ranjanee says:

    ගුරුවරුන් ඉස්කෝලේ මොනවද කරන්නේ? ඉස්කෝල ළමයින්ට ආරක්ෂක කොපු ගැන කියල දෙන්න ඕනේ… එහෙම කියල දුන්නොත් මෙහෙම දේවල් වෙන්නේ නැහැ.

  2. sd says:

    ඒ අවුරුදු 15 දී තමයි කසාදේ තීරණේ කලේ.

  3. ශන්කර් says:

    මූ කොටි කල්ලියේ සාමාජික යෙක් විය හැකිය. ඒකාලයේ කොටි කල්ලිය බලෙන් අල්ලාගෙන කොටි හමුදාවට දාපු හැම කෙල්ලම කොටියන් දූෂණය කරා. එතකොට විවාහයක් වත් කරගන්න බැරි නිසා මේ ගෑනු ලමයි කොටි හමුදාව අතහැර ගියේ නැහැ.

Main News