පාසල් සිසුවියගේ මළ සිරුර ළිඳකින් හමු වෙයි..

January 14, 2019 at 5:30 pm | lanka C news
පාසල් සිසුවියගේ මළ සිරුර ළිඳකින් හමු වෙයි..

වවුනියාව පූවර්සන්කුලම් තාලිකුලම් ප්‍රදේශයේ පිහිටි වගා ළිඳක තිබී පාසල් සිසුවියකගේ මළ සිරුරක් හමු වී ඇති බවට පූවර්සන්කුලම් පොලීසිය කියා සිටියේය.

තාලිකුලම් ප්‍රදේශයේ පදිංචි 15 හැවිරිදි කේ. ලෝබිකා නැමති පාසල් දැරිය නිවසේ නොමැති වීම සමබන්ධයෙන් පවුලේ ඥාතීන් විසින් ඒ බව පූවර්සන්කුලම් පොලීසිය දැනුම් දීමෙන් පසුව ප්‍රදේශවාසීන්ගේද සහය ඇතිව අතුරුදහන්වූ දැරිය සොයා සෝදිසියක් සිදු කොට ඇත.

එහිදී අසල්වැසියෙකු විසින් සිය වගාවට ජලය ලබා ගැනීම සඳහා වගා ළිඳට යන අවස්ථාවේදී ළිඳ තුල මළ සිරුරක් දැක ඒ බව පූවර්සන්කුලම් පොලීසියට දැනුම් දීමේන් පසුව පොලිස් නිලධාරීන් විසින් සිසුවියගේ මළ සිරුර ගොඩ ගෙන ඇති අතර අදාල මළ සිරුර අතුරුදහන් වූ ලෝබිකා සිසුවියගේ බවට හඳුනාගෙන ඇත.

පාසල් සිසුවියගේ මරණයට හේතුව මෙතෙක් අනාවරනය වී නොමැති අතර මළ සිරුර පශ්චාත් මරණ පරික්ෂණ කටයුතු සඳහා වව්නියාව මහරෝහලේ තැන්පත් කොට ඇති බවටද පරික්ෂණ සිදු කරන පූවර්සන්කුලම් පොලීසිය වැඩි දුරටත් කියා සිටියේය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

86 views
Main News