පාසල් සිසුවියන් අටක් ප්‍රවාහනය කල ත්‍රිවිලයක් අනතුරේ.. 08 දෙනාම රෝහලේ.. රියදුරුට බරපතලයි..

July 2, 2019 at 5:30 pm | lanka C news
පාසල් සිසුවියන් අටක් ප්‍රවාහනය කල ත්‍රිවිලයක් අනතුරේ.. 08 දෙනාම රෝහලේ.. රියදුරුට බරපතලයි..

පාසල් ළමුන් ප්‍රවාහනය කරන ත්‍රිරෝද රථයක් අනතුරට පත් විමෙන් එම ත්‍රිරෝද රථයේ ගමන් ගත් පාසල් ළමුන් 8 දෙනෙකු සහ රියදුරා බරපතල ලෙස තුවාල ලබා නාවලපිටිය මුලික රෝහල වෙත ඇතුලත් කර ඇති බව නාවලපිටිය පොලිසිය පැවසිය.

අද (02) උදැසන 7.30 පමණ මෙම අනතුර සිදු වි ඇත්තේ නාවලපිටිය හපුගස්තලාව ප්‍රධාන මාර්ගයේ හපුගස්තලාව මුස්ලිම් විදුහලට ආසන්නයේය.

හපුගස්තලාව අක්කර 10 ප්‍රදේශයේ අතුරුමාර්ගයක සිට අධික වේගයෙන් ධාවනය වි ඇති ත්‍රිරෝද රථය ප්‍රධාන මාර්ගයට ඇතුලත් කිරිමත් සමග ත්‍රිරෝද රථය වේගය පාලනය කර ගත නොහැකිව ත්‍රිරෝද රථය ප්‍රධාන මාර්ගය අභියස තිබු කාණුවක් මතට පෙරලිමෙන් මෙම අනතුර සිදු වි ඇති  බව අනතුර පිලිබදව පරික්ෂන පවත්වන නාවලපිටිය පොලිසිය පැවසුවේය.

අනතුරෙන් හපුගස්තලාව මුස්ලිම් පාසලේ 1 වසරේ සිට 3 වසර දක්වා  අධ්‍යාපනය ලබන සිසුන් පස් දෙනෙකු සහ සිසුවියන් තිදෙනෙකු සිටින බවත්,ඔහුන් අවුරුදු 7 ත් 8 ත් වයස් කාණ්ඩවල පසුවන අය බව පොලිසිය පැවසුවේය.

තුවාල ලැබු සිසුවෙක් වැඩි දුර ප්‍රතිකාර සදහා මහනුවර ශික්ෂන රෝහල වෙත මාරු කර යවා ඇත.

අනතුරෙන් ත්‍රිරෝද රථයටද දැඩි අලාභහානි සිදු වි ඇති අතර ත්‍රිරෝද රථයේ රියදුරාගේ අපරික්ෂාකාර රිය ධාවනය සහ අධික වේගය, පමණට වඩා ත්‍රිරෝද රථයේ සිසු සිසුවියන් ප්‍රවහනය කිරිම  අනතුරට හේතුව වි ඇති බව අනතුර පිලිබදව පරික්ෂණ පවත්වන නාවලපිටිය පොලිසිය පැවසුවේය.

– හැටන් රංජිත් රාජපක්ෂ

9,642 Viewers

4 Comments to “පාසල් සිසුවියන් අටක් ප්‍රවාහනය කල ත්‍රිවිලයක් අනතුරේ.. 08 දෙනාම රෝහලේ.. රියදුරුට බරපතලයි..”

  1. Love nature says:

    The three wheeler unstable, dangerous machine.

  2. Dilshan says:

    8 children most probably from the same family I suppose. They breed like pigs

    • aniwa says:

      Just wow ! what can I say. Innocent little girls ar fighting for their lives and this is all what you have to say.
      no wonder as a country we are in such a state thanks to people like you with such amazing mindset.

  3. sithmal says:

    මගමරුවා..

Main News