පාසල් සිසුවෙක් සිය නිවසේ කාමරය තුල බාල්කයේ එල්ලි සිය දිවි හානි කර ගනි…

April 3, 2019 at 2:05 am | lanka C news
පාසල් සිසුවෙක් සිය නිවසේ කාමරය තුල බාල්කයේ එල්ලි සිය දිවි හානි කර ගනි…

පාසල් සිසුවෙක් සිය නිවසේ කාමරය තුල බාල්කයේ එල්ලි සිය දිවි හානිකරගෙන ඇති බව නාවලපිටිය පොලිසිය පැවසිය.

මෙසේ ජිවිතක්ෂයට පත් වි ඇත්තේ නාවලපිටිය පොලිස් වසමට අයත් ගල්ඔය ප්‍රදේශයේ පදිංචි දුමේෂ් මදුෂන් නැමති අවුරුදු 13 ක පාසල් සිසුවෙකි.

මෙම සිසුවාගේ වැඩිමහල් සෙහොයුරා පස්වරු 2.30 ට පමන පාසල හැර නිවසට පැමිණ මුළුතැන්ගෙය පරික්ෂා කිරිමේදි මිත්තනියගේ සාරියක් ආධාරයෙන්  සිය බාල සහෝදරයා බාල්කයේ එල්ලි සිටින බව දැක එ බැව් මිය ගිය සිසුවාගේ සොහොයුරා විසින්  අසල්වාසින්ට දන්වා ඇත.

මිය ගිය සිසුවා නාවලපිටිය ග්‍රින්හුඩ් දමිල විද්‍යාලයේ 8 වන ශ්‍රේණියේ අධ්‍යාපනය ලබමින් සිට ඇති අතර මෙම සිසුවාගේ පියා ජිවතුන් අතර නොමැති බවත්, මව ගෘහ සේවය සදහා විදෙස්ගත වි ඇති බවත්, සියා සහ මිත්නිය භාරයේ මිය ගිය සිසුවා සිට ඇති බව නාවලපිටිය පොලිසිය පැවසුවේය.

මිය ගිය සිසුවා 01 දින  පාසලෙන් සංවිධානය කරන ලද විනෝද චාරිකාවකට සහභාගි වි ඊයේ දිනම නිවසට පැමිණ අද පාසල් නොගොස් ඇති බවත්, සිසුවා සිය දිව් හානි කර ගැනිමට හේතුව මෙතෙක් අනාවරණය වි නොමැති බවපොලිසිය පැවසුවේය.

මිය ගිය සිසුවාගේ සිරුර පශ්චාත් මරණ පරික්ෂනය සදහා නාවලපිටිය මුලික රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් නාවලපිටිය පොලිසිය පරික්ෂණ පවත්වයි.

– හැටන් රංජිත් රාජපක්ෂ

26 views
Main News