පාසල් සිසුවෙකුට බිම්බෝම්බයක් පෑගි පිපිරෙයි… සිසුවාට අතකුත් අහිමි වන ලකුනු…

August 9, 2018 at 12:40 pm | lanka C news
පාසල් සිසුවෙකුට බිම්බෝම්බයක් පෑගි පිපිරෙයි… සිසුවාට අතකුත් අහිමි වන ලකුනු…

යාපනය මුහමාලෙයි කැලෑබඳ ප්‍රදේශයේ බිම්බෝම්බ ඉවත් නොකරන ලද ප්‍රදේශයට ගිය පාසල් සිසුවෙකුට ඊයේ (08) සවස බිම් බෝම්බයක් පෑගී බෝම්බය පුපුරා යාමෙන් සිසුවා බරපතල තුවාල ලබා රෝහල්ගත කොට ඇති බවට පලෙයි සහ කොඩිකාමම් පොලීසිය කියා සිටියහ.

මුහමාලෙයි එලුදුමට්ටුවාල දකුණ ප්‍රදේශයේ පදිංචි 17 හැවිරිදි ජේ.එම්. නිදර්ශන් සිසුවා ඊයේ (08) සවස මුහමාලෙයි කැලෑවට ගොස් ඇත්තේ ලී කැපීමේ අවශ්‍යතාවකටය. නමුත් සිසුවා ගමන් කොට ඇත්තේ බිම් බෝම්බ ඉවත් නොකරන ලද ප්‍රදේශයක බැවින් සිසුවා කැලෑවේ තිබූ වැටක් තුලින් රිංගා යාමට උත්සහ කිරීමේදී පයට පෑගි තිබූ බිම්බෝම්බයක් එම අවස්ථාව්දී පුපුරා යාමෙන් සිසුවා බරපතල තුවාල ලබා ඇත.

බෝම්බය පුපුරා යාමෙන් සිසුවාගේ අත්වලට බරපතල හානි සිදුව ඇති අතරම සිසුවා පලෙයි රෝහලට ඇතුලත් කොට වැඩිදුර ප්‍රතිකාර සඳහා යාපනය මහරෝහලට ඇතුලත් කොට ඇති අතරම හානි සිදුවූ එක් අතක් ඉවත් කිරීමේ වැඩි ප්‍රවණතාවක් ඇති බවටද රෝහල් වෛද්‍ය වරුන් පවසා ඇති බවට පරික්ෂණ සිදුකරන පලෙයි හා කොඩිකාමම් පොලීසිය වැඩි දුරටත් පවසා සිටියහ.

– වන්නි රොමේෂ් මධුෂංඛ

22 views
Main News