පාසල් සිසුවෙකු අභිරහස් ලෙස මිය යයි.. පොලිස් පරීක්‍ෂණ..

August 15, 2019 at 2:02 am | lanka C news
පාසල් සිසුවෙකු අභිරහස් ලෙස මිය යයි.. පොලිස් පරීක්‍ෂණ..

පාසල් සිසුවෙකු අභිරහස් ලෙස මිය යාමේ සිද්ධිය සම්බන්ධයෙන්  දික්ඔය මුලික රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍යවරිය  ලවා පශ්චාත් මරණ පරික්ෂණය පවත්වා එහි වාර්තාව හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙස හැටන් දිසා විනිසුරු සහ මහෙස්ත්‍රාත් ජේ.ස්ට්‍රොස්කි මහාතා දිඹුල පොලිසියට නියෝග කලහ.

දිඹුල පොලිස් වසමට අයත් මවුන්ට් වර්නන් වත්තේ පදිංචිව සිටි හත් හැවිරිදි  මුත්තුලිංගම් අරොෂ් නැමති පාසල් සිසුවා දින කිහිපයක් සිට අතුරුදහන්ව ඇති බවට එම පාසල් සිසුවාගේ බාප්පා විසින් දිඹුල පෙලිසියට පැමිණිල්ලක් කර පසුව අතුරුදහන්ව සිටි ළමයා එම වතුයායේ දළු මඩුවක තුවාල සහිතව වැටි සිටියදි  වතු කම්කරුවන් විසින් සොයාගෙන  බරපතල ලෙස තුවාල ලබා සිටි පාසල් සිසුවා ඊයේ රාත්‍රි දික්ඔය මුලික රෝහල වෙත රැගෙන යන අතරතුර ජිවිතක්ෂයට පත් වි ඇති බව දිඹුල පොලිසිය පැවසුවේය.

ජිවිතක්ෂයට පත් සිසුවාගේ පියා කොළඹ ප්‍රදේශයේ රැකියාවක නිරත වන අතර මව පියාගෙන් වෙන් වි කිලිනොච්චි ප්‍රදේශයේ ජිවත්වන බව පොලිසිය කියා සිටියේය.

බාප්පා යටතේ  හැදි වැඩුණු පාසල් සිසුවාට තවත් වැඩිමහල් සහෝදරයෙක් සහ බාල සහෝදරයෙකු සිටින බවත්, තිදෙනාම බාප්පා විසින් රැක බලා ගන්නා බව දිඹුල පොලිසිය විසින් කරන ලද මුලික විමර්ෂණ වලදි අනාවරණය වි ඇත.

ජිවිතක්ෂයට පත් පාසල් සිසුවා විවිධ වද හිංසා වලට ලක් වි ඇති බවට  සිසුවාගේ ශරිරය පුරා ඇති බරපතල තුවාල වලින් තහවුරු වන බව දික්ඔය මුලික රෝහලේ වෛද්‍යවරුන් කියා සිටියි.

අභිරහස් ලෙස මිය ගිය සිසුවාගේ   පශ්චාත් මරණ පරික්ෂණය (15) දික්ඔය මුලික රෝහලේදි සිදු කිරිමට නියමිත අතර ජිවිතක්ෂයට පත් සිසුවාගේ අභිරහස් මරණය සම්බන්ධයෙන් දිඹුල පොලිසිය පරික්ෂන පවත්වයි.

– හැටන් රංජිත් රාජපක්ෂ

3,290 Viewers
Main News