පාසල් සිසු පිරිසක් සප්ත කන්‍යා කන්ද පමුල බස් නැවතුමක ඔන්ලයින් පන්තිවලට එක්වේ…

June 16, 2021 at 5:30 pm | lanka C news
පාසල් සිසු පිරිසක් සප්ත කන්‍යා කන්ද පමුල බස් නැවතුමක ඔන්ලයින් පන්තිවලට එක්වේ…

හැටන් නෝටන්බ්‍රිජ් හතරේ කණුව ප්‍රදේශයේ සිංහල සහ දමිල පාසල් වල සිසු සිසුවියන් පිරිසක් නෝටන්බ්‍රිජ් සප්ත කන්‍යා පාමුල පිහිටි බස් නැවතුම්පොලක පවතින අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ වුවද ඔන්ලයින් පන්ති සදහා සහභාගි වි සිටින අයුරු අප කැමරාවේ සටහන් විය.

නෝටන්බ්‍රිජ් හතරේ කණුව ප්‍රදේශයට අන්තර්ජාල දුරකථන සංඥා නොමැති නිසා නෝටන්බ්‍රිජ් සහ මස්කෙලිය හපුගස්තලාව ප්‍රදේශයේ පාසල් සිසුන් පදිංචි නිවාස වල සිට විශාල දුරකින් පිහිටි සප්ත කන්‍යා කන්ද පාමුල පිහිටි බස් නැවතුම්පොලට පැමිණිමට සිදු වි ඇත.

සප්ත කන්‍යා පාමුල පිහිට හතරේ කණුව ප්‍රදේශයේ නෝටන්බ්‍රිජ් මස්කෙලිය ප්‍රධාන මාර්ගය මයිම පිහිටි බස් නැවතුම්පොලට මස්කෙලිය හපුගස්තලාව, නෝටන්බ්‍රිජ් හතරේ කණුව ප්‍රදේශයේ සිංහල සහ දමිල පාසල් වල සිසු සිසුවියන් දිනපතා ඔන්ලයින් පන්ති පැවැත්වෙන වේලාවන් වලට තම දෙමව්පියන් සමග බස් නැවතුම්පොල වෙත පැමිණෙමින් සිටියි.

නෝටන්බ්‍රිජ් හතරේ කණුව ප්‍රදේශයටම අන්තර්ජාල දුරකථන සංඥා ඉතා අඩුවෙන් වුවද පවතින්නේ සප්ත කන්‍යා කන්ද පාමුල පිහිටි බස් නැවතුම්පොල පිහිටි ස්ථානයේ  පමණක් බවත්,පවත්නා තත්ත්වය මත තම දරුවන් ඔන්ලයින් පන්ති සදහා දැඩි දුෂ්කරතා මැද්දේ සහභාගි වන බවයි එම සිසු සිසුවියන්ගේ දෙමව්පියන් කියා සිටින්නේ.

නෝටන්බ්‍රිජ් හතරේ කණුව ප්‍රදේශයට කිසිදු දුරකථන ජාලාවල අන්තර්ජාල සංඥා සම්බන්ධතා නොමැති බවත්, නෝටන්බ්‍රිජ් හතරේ කණුව ප්‍රදේශයට අන්තර්ජාල සංඥා සහිත කුළුණක් සවි කරදෙන මෙන් ඔන්ලයින් පන්ති වලට සහභාගි වන සිසු සිසුවියන් සහ දෙමව්පියන් අදාල බලධාරින්ගෙන් ඉල්ලා සිටියි.

– හැටන් රංජිත් රාජපක්ෂ

27,779 views

9 Comments to “පාසල් සිසු පිරිසක් සප්ත කන්‍යා කන්ද පමුල බස් නැවතුමක ඔන්ලයින් පන්තිවලට එක්වේ…”

  1. 🙏🙏🙏🤣 says:

    මතු පරපුරේ චන්ඳය ලබා ගන්ට ඕනි නම්
    ලබා දෙන්න තීක්‍ෂණ ලමුනට ‘වයිෆයි’ ගම්
    ග්‍රාමසේවකල ගම්වල මේ දැක නිහඬ නම්
    මතු පරපුර පාස්වේ අට මන්ත්‍රීල වගේ නම්

  2. 😪😢😪😢🤬 says:

    දියවන්නාවට වයිෆයි සිග්නල් හතරයි
    මැතිඇමති ගෙදරටත් සිග්නල් හතරයි
    ගමේ පාසලට සිග්නල් තල්ගස් අතරයි
    ගූගල් දැන ගත්තොත් වයි-ෆයි නතරයි

  3. 🙏🙏😂😂 says:

    කන්‍යාවරුන් හත්දෙනාවත් දැකල මෙය
    බිමට බැස දෙන්නකො ඔන්ලයින් සවිය
    රටේ දෙයියා අකමැතිය උගත ගම අවිය
    කුඹුරු කොටන කොලු ගම් නැතිවේ බිය

  4. Sumangala says:

    මේ ගොබ්බ මාද්‍ය කාරයෝ දන්නෙ නෑ ලෝකේ ඕනෑම රටක මිනිස් ජනාවාස අඩු පැතිවලට සිග් නල් ද නැති බව​.

  5. Priyantha says:

    Hareenge…..baloonnn…thibbaanam..

  6. MD says:

    දුවලා පුතාල ඔයාලගේ අනාගත දියුනුව රඳා පවතින්නේ ඔබගේම නොපසුබට උත්සාහය මතමයි. ලෝක ව්‍යසනයක් පවතින අවස්ථාවෙ ඵක රටකට තවත් රටකටත් ඵකපවුලකට තවත් පවුලකටත් උදව්වක් කරන්න පුලුවන් කමක් නොමැති බව තේරුම් හොඳින් උවමනාවෙන් ශිල්ප දක්වන්න උත්සාහ කරන්න.තෙරුවන් සරණයි!

  7. MD says:

    දුවේ පුතේ ඔයාලගේ අනාගත දියුනුව රඳා පවතින්නේ ඔබගේම නොපසුබට උත්සාහය මතමයි. ලෝක ව්‍යසනයක් පවතින අවස්ථාවෙ ඵක රටකට තවත් රටකටත් ඵකපවුලකට තවත් පවුලකටත් උදව්වක් කරන්න පුලුවන් කමක් නොමැති බව තේරුම් ගෙන හොඳින් උවමනාවෙන් ශිල්ප දක්වන්න උත්සාහ කරන්න.තෙරුවන් සරණයි!

  8. හැරී ජයවර්ධන says:

    උඹලට ඉන්ටනෙට් ඕනෙනම් ඔය ඉඩම් විකුණලා ටවුන් වලට වරෙල්ලා මම ලංකා බෙල් කනෙක්ෂන් දෙන්න ම්. තාත්තලාට බොන්න DCSL අරක්කු දෙන්නම්.බබාලට බොන්න අඹේවෙල කිරි දෙන්න ම්. ලෙඩ වුනොත් මෙල්ස්ටා එකෙන් බෙහෙත් දෙන්නම්. රුපියල් පන්දාහක් අරන් වරෙන් senika දෙවැනි මාත්‍රාව දෙන්නමි.තූ නොදකිං.

  9. Xman says:

    Dialog, Slt boasting about 5G, yet not even facilitate 3g facilities all over this small island,

Main News