පාසල් ළමයින්ට ගුරුවරුන්ට ටැබ් දීම රජයේ බදු ආදායම වැඩිකර ගැනීමට ගත් උපක්‍රමයක්..

November 19, 2016 at 8:02 am | lanka C news
පාසල් ළමයින්ට ගුරුවරුන්ට ටැබ් දීම රජයේ බදු ආදායම වැඩිකර ගැනීමට ගත් උපක්‍රමයක්..

පාසල් ළමයින් හා ගුරුවරුන්  සදහා ටැබි පරිඝණක ලබාදීම රජයේ බදු ආදායම වැඩිකර ගැනීමට ගත් උපක්‍රමයක් බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය පවසයි.

එම සංවිධානය විසින් මේ බව සදහන් කරමින් නිකුත් කර ඇති නිවේදනය මෙසේය.

පාසල් ළමයින් හා ගුරුවරුන් සදහා ටැබි පරිඝණක ලබාදීම රජයේ බදු ආදායම වැඩිකර ගැනීමට ගත් උපක්‍රමයක්.

2017 වසරේ අයවැය මගින් පාසල් ළමයින්ට හා ගුරුභවතුන් සදහා ටැබි පරිගණක ලබා දීම සදහා යෝජනාවක් මුදල් ඇමතිවරයා විසින් ගෙන එන ලදී. මෙරට සමස්ත පාසල් පද්ධතියතුළ විශාල අඩුපාඩු තිබියදී අදාල යෝජනාව මුදල් ඇමතිවරයා විසින් ඉදිරිපත් කිරීම හාස්‍යජනක වූවත් අදාල යෝජනාව ගෙන ඒමට ප්‍රධාන හේතුව ලෙස අප දකින්නේ රජයේ බදු ආදායම වැඩිකර ගැනීම සදහා එසේ කල බවයි.මක්නිසාදයත් ලෝකයේ වෙනත් දියුණු රටවල අන්තර්ජාල සමිබන්ධතාවක් මිලදී ගන්නා පාරිභෝගිකයන් සදහා නොමිලේ ටැබි පරිඝණක ලබා දීම සිදුකරනු ලබන බැවිනි. ඔවුන් එසේ කරන්නේ තමන්ගේ පිරිවැටුම වැඩිකර ගැනීම සදහාය.

මේවන විට ටැබි පරිගණකයක් රු.5000 ක වැනි මුදලකට මිලදී ගැනීමට පාරිභෝගිකයාට හැකියාවක් ඇත. එහෙත් අන්තර්ජාල ගාස්තු සදහා ඊට වැඩි මුදලක් වියදමි කිරීමට සිදුව ඇත. එබැවින් කලයුතුව ඇත්තේ ටැබි පරිගණක ලබා දීම පමණක් නොව නොමිලේ අන්තර්ජාල පහසුකමිද පාසල් ළමයින්ට හා ගුරුවතුන්ට ලබා දීමයි. එසේ නොමැතිව ටැබි පරිගණක නොමිලේ ලබා දී අන්තර්ජාල ගාස්තු සදහා බදු මුදල් වැඩි කිරීමනොවේ.

සියලුම පාරිභෝගිකයින් සදහා සහනයක් ලැබෙන ආකාරයට 2017 අයවැය සදහා යෝජනා කල 25% බදු වැඩිවීම වහා සංශෝධනය කරන ලෙස අප ඉල්ලා සිටිමු.

රංජිත් විතානගේ
සභාපති

16 views

One Comment to “පාසල් ළමයින්ට ගුරුවරුන්ට ටැබ් දීම රජයේ බදු ආදායම වැඩිකර ගැනීමට ගත් උපක්‍රමයක්..”

  1. Amda says:

    ඉතින් එහෙනම් ඔයිට මරුනේ රටේ හැම පවුලකටම වාහනය බැගින් නොමිලේ රජය මගින් දුන්න නම්…ටැබ් වගේද කාර් ????? අනේ බොල අර 5 පන්තියෙ ලමයි ටිකක් එකතු කරල රටේ අය වැය හදන්න කිව්ව නම් ඔයිට වඩා හොඳට කරයි

Main News