පාසල ඉදිරිපිට මතපැන්හලක එරෙහි ප්රදේශවාසීන් විරෝධතා…
March 15, 2019 at 2:12 am | lanka C news
වවුනියාව ඕමන්ත ප්රදේශයේ පිහිටි පාසලක් ආසන්නයේ මත්පැන් හලක් හේතුවෙන් පාසල් ළමුන්ට එය බලපා ඇති බව පවසමින් අදාල මත්පැන් හලට විරෝධය පා ප්රදේශවාසීන් විසින් ඕමන්තේදී විරෝධතාවයක නිරත වූහ.
අදාල මත්පැන් හල හේතුවෙන් පාසල් ළමුන් මත්පැන් පානය කිරීම සඳහා පෙළඹීමක් සිදු කෙරෙන අතරම මත්පැන් පානය කරන ලද ඇතම් පුද්ගලයින් පාසල් ළමුන්ටද හිරිහැර සිදු කිරීම්ද වාර්ථාවන බව විරෝධතා කරුවන් කියා සිටියහ.
එමෙන්ම අදාල මත්පැන්හල වහාම එම ස්ථානයෙන් ඉවත් කරන ලෙසත් එසේ නොවන්නේනම් ඉදිරියේදී දැවන්ත විරෝධතාවයක් සිදු කරන බවට පාසල් දරුවන්ගේ දෙමාපියන් ඇතුලු ප්රදේශවාසීන් විසින් පැවසූහ.
කෙසේ වෙතත් අදාල විරෝධතාවය පැවති ස්ථානයට පැමිණී වව්නියාව පොලිස් නිලධාරීන් විසින් ගැටලු සම්බන්ධයෙන් අදාල පාර්ශවයන් සමග සාකච්ඡා කොට විසඳුමක් ලබා දෙන බවටද පැවසූහ.
– වන්නි රොමේෂ් මධුෂංඛ