පාස්කුවේ ලේ විලක් කල රටම හඬා වැටෙද්දී බදුර්දීන් යහතින් මක්කම ගිහින් ඇවිත් ආණ්ඩුවට තම වීරත්වය පෙන්වයි..

May 24, 2019 at 6:26 am | lanka C news
පාස්කුවේ ලේ විලක් කල රටම හඬා වැටෙද්දී බදුර්දීන් යහතින් මක්කම ගිහින් ඇවිත් ආණ්ඩුවට තම වීරත්වය පෙන්වයි..

පිවිතුරු හෙල උරුමයේ නියෝජ්‍ය නායක මධුමාධව අරවින්ද මහතා වෙනුවෙන් මූලික අයිතිවාසිකම් පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු කිරීමෙන් අනතුරුව පිවිතුරු හෙළ උරුමය ප්‍රචාරක ලේකම් නීතිඥ තුෂාර දිසානායක මහතා මෙම අදහස් මාධ්‍ය වෙත පල කලේය.

පාරේ ඇවිදගෙන ගිය මධුමාදව අරවින්දට අද රටෙන් පිට වෙන්නට බැරි වෙලා තියෙනවා. නමුත් පාස්කු ප්‍රහාරයෙ ලේ මළමිනී මතින් මුළු රටම හඬා වැටෙද්දී බදුර්දීන් බොහොම යහතින් මක්කම ගිහින් ඇවිල්ලා මේ රටේ ආණ්ඩුව ඉදිරියේ තමන්ගේ වීරත්වය පළ කරමින් ඉන්නවා. ඉතින් මෙහෙම රටකයි අද අපි ඉන්නේ.

අද මේ ආණ්ඩුව විපක්ෂය සහ විපක්ෂයේ ආණ්ඩු විරෝධී බලවේග මර්දනය කිරීමට යොදාගනු ලබන උපකරණයක් ලෙස ICCPR හෙවත් සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති පනත යොදා ගනිමින් ඉන්නවා.

මිනුවන්ගොඩ පන්සලේ රැස් වෙච්ච දායක සභාව ග්‍රාමසේවකතුමා ඒ වගේම පන්සලේ ඇබිත්තයා පවා අරන් ගිහිල්ලා රක්ෂිත බන්ධනාගාර ගත කරලා ඊයේ වෙනකොට මුදා හැරියා. මෙවැනි තත්වයක් උඩ මිනුවන්ගොඩ සිද්ධීන්වලට සැකකටයුතු යැයි ප්‍රකාශ කරමින් අද මධුමාධව අරවින්ද අත්අඩංගුවට ගෙන ICCPR පනතේ 3(1) සහ 3(3) වගන්ති යටතේ නඩු පැවරීමට සූදානම් වෙලා ඉන්නවා. ඉතින් අපි සූදානම් නැහැ ආණ්ඩුවේ මේ උගුලට අසුවෙන්න. විශේෂයෙන්ම ආණ්ඩුව උත්සුක වන්නේ විපක්ෂයේ බලවේග මර්දනය කරමින් ඉදිරි ජනාධිපතිවරණයේදී විපක්ෂ ක්‍රියාකාරිකයන් රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට සහ එයින් අයුතු වාසියක් ලබාගැනීමට.

ඒ නිසා අද අප බලාපොරොත්තු වූ ආකාරයටම මධුමාධව අරවින්ද මහතා වෙනුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් නඩුවක් ගොනු කරනු ලැබුවා. එම මූලික අයිතිවාසිකම් නඩුවේ අතුරු සහනයක් විදිහට ඒ මහතා නීති විරෝධී ලෙස අත්අඩංගුවට ගැනීම වළක්වන ආඥාවක් ඉල්ලා සිටිනවා. ඒ අනුව අප ඉදිරි දිනවලදී ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කරුණු තහවුරු කරමින් වාරණය ලබා ගැනීමට බලාපොරොත්තු වෙනවා.

– අරවින්ද අතුකෝරල

76 views

18 Comments to “පාස්කුවේ ලේ විලක් කල රටම හඬා වැටෙද්දී බදුර්දීන් යහතින් මක්කම ගිහින් ඇවිත් ආණ්ඩුවට තම වීරත්වය පෙන්වයි..”

  1. sunimal says:

    දැක්කම හිරිකිතයි මුහුණේ රැවුලු කැත
    පැත්තම ගඳ ගසයි ගෙරි මස් පිළුණු කත
    බොක්කම නරි ගුලයි වනචර කපටි සිත
    මක්කම අපායට මිස වෙනතකට නැත

  2. Love nature says:

    එංගලන්තයේ පුස්තකාලයේ තිබෙන ”අපේ ග්‍රන්ථ ලංකාවට ගෙන්වා ගතහොත් අපිට එහි ඇති තොරතුරු සමග මෙතෙක් අප්‍රකටව ඇති දකුණු බුදු සිරිපතුල පිහිටි ස්ථානය වූ මක්කම හෙවත් මරගන ඓතිහාසික වූ පූජාභූමිය පිළිබඳව බොහෝ දේ දැන ගැනීමට පුළුවන.

    “ලස්සන සෝභන සමගම බබළන
    මක්කම සිරිපා සමනළ වැඳගෙන
    ලස්සන තල මල කිනිති පෙළින් පෙළ
    විස්තර තල මල පච්ච වෙල මැද

  3. Sun says:

    The problem the law is governed by lawless people in the country. Nobody knows what is happening in the country as everything going against the law and nobody is talking against that. All are frustrated due to this happenings round the country disobeying the law from the top leaders to the bottom. The common man who want to find the means of living is hard. But the politicians going against the law and make money. They help to create lawless behaviour round the country. All are keeping mouths shut. Democracy is there.

Main News