පාස්කු ඉරිදා ත‍්‍රස්තයන් මාසයක් යන්න පෙර ඇල්ලීම ගැන ලෝකයම පුදුම වෙලා.. අපට ප‍්‍රශංසාත් කලා..- අගමැති

May 16, 2019 at 3:28 am | lanka C news
පාස්කු ඉරිදා ත‍්‍රස්තයන් මාසයක් යන්න පෙර ඇල්ලීම ගැන ලෝකයම පුදුම වෙලා.. අපට ප‍්‍රශංසාත් කලා..- අගමැති

අපේ‍්‍රල් 21 වැනිදා පාස්කු ඉරිදා මෙරටට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය ගැන සිදු කරමින් ඇති පරීක්‍ෂණවල විශාල ප්‍රගතියක් ඇතැයි අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා පවසයි.

මෙතරම් ප‍්‍රගතියක් කෙටි කලකින් අත්කර ගැනීම ගැන විදේශ ආයතනයන්ද මවිතයට පත්ව සිටින්නේ යයි ඔහු සදහන් කරයි.

අගමැතිවරයා මෙම අදහස් පල කරන ලද්දේ එජාප සන්නිවේදන බලකා ක්‍රියාකාරීන් පිරිසක් සමඟ පැවැති සාකච්ඡාවකදීය.

ත්‍රස්ත ප්‍රහාරය එල්ල වී මාසයක් ගතවන්නටත් කලින් එහි සියලූ සැකකරුවන් හඳුනාගැනීමට හැකිව ඇති බවත් මෙතරම් විශාල ප්‍රහාරයකින් පසුවද මෙතරම් ඉක්මනින් පරීක්‍ෂණ කර ඒවා සාර්ථක වූ අවස්ථා ලෝකයේම ඇත්තේ ඉතා සීමිතව බවත් විදෙස් ආයතන පැවසූ බවත් ප‍්‍රශංසාවද පල කල බවත් අගමැතිවරයා සදහන් කලේය.

ප‍්‍රභාකරන්ට විරුද්දව සාක්‍ෂි ලැබුනේ ඔහුගේ පළමු අපරාධයෙන් වසර 20 කට පසුව නමුත් පාස්කු ඉරිදා ත්‍රස්තයන්ට මාසයක් ගතවීමටත් පෙර නීතිය ක්‍රියාත්මක කිරීමට හැකිවී ඇතැයිද සදහන් කලේය.

33 views

42 Comments to “පාස්කු ඉරිදා ත‍්‍රස්තයන් මාසයක් යන්න පෙර ඇල්ලීම ගැන ලෝකයම පුදුම වෙලා.. අපට ප‍්‍රශංසාත් කලා..- අගමැති”

  1. Sun says:

    He does not know does not want to know what is happening as prime minister of the country.Am I correct my friends.

  2. Ratnamalala says:

    අවුරුදු 4ක් ඔඅහුවෙලත් බැංකු හොරා තාම එළියේ.

  3. amanaya says:

    ප්‍රහාර ගැන හැම බුද්ධි තොරතුරක්ම තක්කෙටම ලැබිල තියෙද්දිත් මිනිස්සු 350ක් මැරෙනකල් බලං හිටපු නපුංසක ආන්ඩුව ගැන ජාත්‍යන්තරේ පුදුම වෙනවලු.

  4. Buddhadasa says:

    Mechchara moda agamethi kenek me loke inna puluwanda kiyala , mulu lokema puduma wela!

  5. Dilini says:

    Awrudu ganan karapu wada masen allala majic wenna athi Nobel thagga denna watinawa. Ane mehemath upan gei modayo thawa awrudu ganaka wada thiyenawa .Me yakawa saththu wattata gihin dapalla samanallu allanna.

Main News