පාස්කු ඉරිදා ප‍්‍රහාරයට අවසන් පුහුණුව කල ත්‍රස්ත පුහුණු කදවුරක් නුවරඑලියෙන් සොයාගැනේ..[Photo]

May 6, 2019 at 6:48 pm | lanka C news
පාස්කු ඉරිදා ප‍්‍රහාරයට අවසන් පුහුණුව කල ත්‍රස්ත පුහුණු කදවුරක් නුවරඑලියෙන් සොයාගැනේ..[Photo]

නුවරඑලිය බ්ලැක්ෆුල් ප්‍රදේශයේ තව්හිත් ජමාත් සංවිධානය  විසින් නුවරඑලිය බ්ලැක්ෆුල් ප්‍රදේශයේ පවත්වාගෙන ගිය පුහුණුවිම් කදවුරක් නුවරඑලිය පොලිසය සහ යුධ හමුදාව නිලධාරින් විසින් අද (06) වටලනු ලැබුනි.

අම්පාර කල්මුණේ සහින්දමාර්දු ප්‍රදේශයේ ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගත් ත්‍රස්තවාදියෙකුගෙන්  ප්‍රශ්න කිරිමේදි ඔහුනේ ලද තොරතුරක් මත දෙමහල් නිවසක පවත්වාගෙන ගිය මෙම කදවුර සොයා ගැනිමට ආරක්ෂක අංශ සමත්වි ඇත.

මෙම පුහුණු කදවුර තුල 38 දෙනෙකු පුහුණුව ලැබු බවත්, මෙම පුහුණු කදවුරට සහරාන්ද සහභාගි වි ඇති බවත්, දිවයිනේ ස්ථාන කිහිපයකම සිදු කල මරාගෙන මැරෙන බොම්බ ප්‍රහාරයේ අවසන් පුරුදු පුහුණු විම්   අප්‍රේල් 17 වෙනි දින සහරාන්ගේද සහභාගිත්වයෙන් සිදු කල ඇති බව දැනට සිදු කර ඇති මුලික පරික්ෂණ වලදි අනාවරණය වි ඇත.

නුවරඑලිය බ්ලැක්ෆුල් ප්‍රදේශයේ ප්‍රධාන පාසලක් ඉදිරිපිට කෙටිකාලින කුලි පදනම මත  ලබාගත් දෙමහල් නිවසකය  මෙම පුහුණු කදවුර පවත්වාගෙන ගොස් ඇත.

එම නිවසේ අයිතිකරු සහ එම නිවසට පහසුකම් සැපයු  නුවරඑලිය බ්ලැක්ෆුල් ප්‍රදේශයේම පදිංචිකරුවන් දෙදෙනෙක් නුවරඑලිය පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් නුවරඑලිය පොලිසිය සහ යුධ හමුදාව එකාබද්ධව අංශ කිහිපයක්  ඔස්සේ පරික්ෂණ පවත්වයි.

– හැටන් රංජිත් රාජපක්ෂ

14 views

One Comment to “පාස්කු ඉරිදා ප‍්‍රහාරයට අවසන් පුහුණුව කල ත්‍රස්ත පුහුණු කදවුරක් නුවරඑලියෙන් සොයාගැනේ..[Photo]”

  1. Crazy says:

    Less than 10% of what they have planned for is executed. I feel they had a massive destruction plan to feeble Sinhalese. Recovery of weapons and explosives together with other stuffs is a clear indication of that. With the blessings of the weaker exisiting government and in the wake of potential stronger candidate in the upcoming presidential election and may be for some other reasons their strategy was put in to action hurriedly. For sure Rishars,Sally, Hisbulla and Mujibeer are part of this conspiracy.

Main News