පාස්කු ඉරිදා බෝම්බ ප‍්‍රහාර ගෝටාගේ වැඩක් නොවෙයි.. චෝදනා බොරු..- ෆොන්සේකා

May 2, 2019 at 3:28 am | lanka C news
පාස්කු ඉරිදා බෝම්බ ප‍්‍රහාර ගෝටාගේ වැඩක් නොවෙයි.. චෝදනා බොරු..- ෆොන්සේකා

පාස්කු ඉරිදා දිනයේ එල්ලවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් සංවිධානය කරන හෝ මෙහෙයවන ලද්දක් බවට ආණ්ඩු පාර්ශවයෙන් එල්ල වන චෝදනාව ප්‍රතික්ෂේප කරන බව හිටපු හමුදාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා සඳහන් කරයි.

ඔහු සඳහන් කළේ මේ ජාත්‍යන්තර බැඳුණු ඉතා සංවිධානාත්මක කටයුත්තක් බවත් එවන් කටයුත්තක් කිසිසේත්ම හිටපු ආරක්ෂක ලේකම්වරයා විසින් නොකරනු ඇති බවත්ය.

ඔහු මේ බව කියා සිටියේ අස්ගිරි මල්වතු මහනාහිමිවරුන් බැහැ දැකීමට ගොස් ආපසු එන එන අතරවාරයේදී මාධ්‍ය වෙත අදහස් පල කරමිනි.

169 views
Main News