පාස්කු ඉරිදා බෝම්බ වැල ගැන ශ‍්‍රී ලංකාවේ ප‍්‍රකාශය ඇමරිකාව ප‍්‍රතික්‍ෂෙප කරයි.. CNN සාක්‍ෂියි..

April 24, 2019 at 10:36 pm | lanka C news
පාස්කු ඉරිදා බෝම්බ වැල ගැන ශ‍්‍රී ලංකාවේ ප‍්‍රකාශය ඇමරිකාව ප‍්‍රතික්‍ෂෙප කරයි.. CNN සාක්‍ෂියි..

පාස්කු ඉරිදා දිනයේ ශ‍්‍රී ලංකාවේ ස්ථාන කිහිපයකට එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාර සම්බන්ධයෙන් ඇමති හර්ෂද සිල්වා මහතා විසින් විදෙස් මාධ්‍ය වෙත කරන ලද ප‍්‍රකාශයක් ඇමරිකාව ප‍්‍රතික්‍ෂෙප කර ඇත.

CNN නාලිකාව හා අදහස් පල කරමින් ඇමති හර්ෂද සිල්වා මහතා සදහන් කරන ලද්දේ මෙම ප‍්‍රහාර සම්බන්දයෙන් ඇමරිකා බුද්ධි අංශ විසින් කලින් තොරතුරු ලබා දී තිබූ බවයි.

නමුත් කොළඹ සිටින ඇමරිකානු තානාපතිනි ඇලයිනා බී. ටෙප්ලිට්ස් මහත්මිය සදහන් කරන්නේ තම රජය මෙවන් ප‍්‍රහාරයක් ගැන දැනුවත් වී නොතිබූ බවයි.

කෙසේ වෙතත් ප‍්‍රහාරයන් සම්බන්දයෙන් පරීක්‍ෂණ සිදු කිරීම සදහා FBI සහාය ලබා දෙන බවද ඇය කියා සිටියාය.

143 views
Main News