පාස්කු ඉරිදා මියගිය අයට ඇමති කබීර් හෂිම් මාවනැල්ලේදී දානයක් දෙයි..

April 29, 2019 at 8:02 am | lanka C news
පාස්කු ඉරිදා මියගිය අයට ඇමති කබීර් හෂිම් මාවනැල්ලේදී දානයක් දෙයි..

පාස්කු ඉරිදා සිදු වු ප‍්‍රහාර මාලාව හේතුවෙන් මියගිය ජනතාවට සෙත් පතා අමාත්‍ය කබිර් හෂිම් මහතාගේ උපදේශකත්වයෙන් අමාත්‍යවරයාගේ කාර්ය මණ්ඩලය, කතෝලික, මුස්ලිම්, දමිළ ජාතිකයන් හා රාජ්‍ය නිලධාරින් එක්ව භික්ෂුන් වහන්සේලා තිස් පස් නමකට සහ එක් කතෝලික පුජකවරයෙකුට දානමය පිංකමක් ප‍්‍රහාරය සිදු වි දින 7 ක් යෙදෙන 27 දා මාවනැල්ල ගෝන්දිවෙල විහාරස්ථානයේදි පැවැත්විය.

මෙම දානම පුණ්‍ය උත්සවය වෙනුවෙන් අමාත්‍යවරයා සහභාගි වන බව මුලින් දන්වා තිබුණත් ආරක්ෂක හේතුන් මත කබිර් හෂිම් මහතා ඊට සහභාගි නොවිය.

දහවල් දානමය අවස්ථාව ආරම්භ වුවායින් පසුව පන්සිල් සමාදන් විම ඇතුලූ ආගමික කටයුතු සිදු වන අවස්ථාවේ මුස්ලිම් ජාතිකයන් ද සිංහල හා දමිළ ජනතාව සමග එකට වාඩි වි එම කටයුතු වල නිරත වන අයුරු දැක ගත හැකි විය.

ඒ වෙනුවෙන් සහභාගි වු මුස්ලිම් ව්‍යාපාරික මහත්මයෙකු ආගමික කටයුතු සිදු වන අවස්ථාවේ ඔවුන්ගේ ආගමික සංකේතයක් වන මුස්ලිම් හිස් වැසුම පැළඳ සිටි හෙයින් එම ජාතින් එම ස්ථානයේ සංකේතවත් විය. අනිකුත් මුස්ලිම් ජාතිකයන් හිස් වැසුම් එම අවස්ථාවේ භාවිතා කිරිමකින් තොරව දානමය කටයුතු වලට පෙර සිදු වන ආගමික කටයුතු අවස්ථාවේ එක්ව සිටින අයුරු ද දැක ගත හැකි විය.

එසේම මේ සඳහා මාවනැල්ල උතුවන්කන්ද කතෝලික පල්ලියේ පූජකවරයා පමණක් උන් වහන්සේගේ ආගම සංකේතවත් වන ඇදුමකින් මෙ සඳහා එක්ව සිටින ලදි. කතෝලික ආගමේ සංකේතයක් වන කුරුසය දැක්වෙන මාලයක් කතෝලික පූජකවරයා පැලඳ එහි පැමිණ ආගමික වතාවත් වලින් පසුව භික්ෂුන් වහන්සේලා දානය වළදන අතරේ කතෝලික පුජකවරයාද ආහාර අනුභව කරන අයුරු දැක ගත හැකි විය. භික්ෂුන් වහන්සේලා හා කතෝලික පල්ලියේ පූජකවරයා එකම දාන ශාලාවේ මෙ පුණ්‍ය කටයුත්ත වෙනුවෙන් සහභාගි වි සිටිමද විශේෂත්වයකි.

සියලූ හිමිවරුන්ට කතෝලික පුජකවරයාට දානය පිළිගැන්විමේදි මුස්ලිම් ව්‍යාපාරිකයන් හා ඊට සහභාගි වු මුස්ලිම් ජනතාව බෞද්ධ ජනතාව සමග එක්වි සියලූ ජාතින්ගේ එකතුවෙන් ආගමික සංහිඳියාවට හොඳ ආදර්ශයක් වන බව එම අවස්ථාවේ අනුශාසනාවක් පැවැත්වු භික්ෂුන් වහන්සේලා හා ගිහි අය පිරිස් අතින්ද කිය මෙම අවස්ථාවේ පිරිකර පුජා කිරිම හා මිය ගිය ජනතාව වෙනුවෙන් පැන් වැඩිමේ කටයුත්තට මුස්ලිම් ව්‍යාපාරිකයන් හා මුස්ලිම් පිරිස් මෙන්ම කතෝලික දේවාස්ථානයේ ප‍්‍රධාන පූජක වරයාද එක්විය.

– සමන් විජය බණ්ඩාර

30,354 Viewers

8 Comments to “පාස්කු ඉරිදා මියගිය අයට ඇමති කබීර් හෂිම් මාවනැල්ලේදී දානයක් දෙයි..”

  1. samanb says:

    ලංකාවේ ත්‍රස්තවාදයට සල්ලි දෙන, කැලේ කපා මුස්ලිම් ගම්මාන හදන කටාර් රටේ බැංකු ලංකාවේ න් එලවන්න. දෝහා බැංකුව මේ ආණ්ඩුව ලංකාවට ගෙනත් ඇත……දැන් සල්ලි ලේසියෙන්ම එවයි ත්‍රස්තවාදයට. ත්‍රස්තවාදයට සල්ලි දෙන කටාරය මද පෙරදිග රටවල් පවා කොන් කර ඇත.

  2. මේඝවර්ණ අභය says:

    රටට ආදරේ කරන සිංහල , දමිළ , මුස්ලිම් සහ සෙසු සියළු ජනතාවගේ එකමුතුවෙන්ම තමා
    මේ අන්තවාදයට වැට බැඳ තිත තැබිය හැක්කේ..

  3. saman says:

    den ithin palaveni jihad eka fail vunane….ilanga eka enakan watalalppan kanna puluwan.

  4. sakalabujan says:

    මීට කලින් අපි මේ අන්තවාදය ගැන පුලුවන් විදිහට ආණ්ඩුවට කරුණු දැන්වුවා. නමුත් මුස්ලිම් ඇමතිවරු වැඩි දෙනෙක් මේ වහාබ්වාදයේ අනුගාමිකයන් නිසා ආණ්ඩුව කිසිම දෙයක් කළේ නෑ. රිෂාඩ් බදුර්දීන්, රවුෆ් හකීම්, වගේ ඇමතිවරු මොවුන් ආරක්ෂා කරනවා. ඉතින් අපි පැමිනිලි කලාට කිසිම දෙයක් වෙන්නෙ නෑ. රටේ මිනිස්සු හිතන්නේ මේ උදවිය තමයි නියම මුස්ලිම්වරු කියලා. නමුත් මේ දේශපාලන තක්කඩිකම පහුගිය ඉරිදා එළියට වැටුණා.

    මේවා එක දවසෙන් වෙච්ච දේවල් නෙවෙයි. අවුරුදු විස්සක තිහකට පෙර වපුරපු බීජවල අස්වනු අපි මේ නෙළමින් ඉන්නේ. මේ ලංකාවට කුඩු ගෙන්වන ජාත්‍යන්තර සබඳතා හැදෙන්නේ තබ්ලීක් තව්හීඩ් හා ජමාද් අල් ඉස්ලාම් ගනුදෙනු හරහා. මොවුන් තමයි මේ රට ජාත්‍යන්තර කුඩු මූලස්ථානය කළේ. දැන් මොවුන් ලෝකයේ ආගමික අන්තවාදයේ මූලස්ථානය කරමින් ඉන්නවා. රටේ වගකිව යුත්තන් මේ සංවිධාන හා ඔවුන්ගේ මේ විකාර පැවැත්ම වහාම නතර කළ යුතුයි. මුස්ලිම්වරු කියන්නේ මේ රටේ ඉන්න තවත් අවංක අහිංසක ජන කන්ඩායමක්. මොවුන් මේ ජන කණ්ඩායම විනාශ කරමින් ඉන්නේ.”

  5. Bakaya says:

    කබිර් හෂිම් did a good thing. However, he could have organized some thing in the catholic church as well. Because, most of the victims are catholic. People of all religions should get to gather against all types extremism. Should have a balance mind.
    They are:
    Party extremism. UNP, SLPP, SLFP, JVP, ect.
    religion
    Race.

  6. Nuwan says:

    එතකොට හරිද? මූත් රට අල්ලන්න ගමනේ මුල් ගමන් කරුවෙක්.

  7. Ranga says:

    Although he has some links with bond scam as a conservative Muslim he should be respected

  8. David Milli-banda says:

    Kaatada may Dana ?…. ayage Chanda dayakayantada?
    Chanda ekathu kara ganna.

Main News