පාස්කු කොමිසමේ වාර්තාව ගැන සෑහිමකට පත් වෙන්න බෑ.. ප්‍රහාරයේ මහා මොළකරුවන් සගවලාදැයි සැකයි..- ප‍්‍රසන්න

February 28, 2021 at 3:50 pm | lanka C news
පාස්කු කොමිසමේ වාර්තාව ගැන සෑහිමකට පත් වෙන්න බෑ.. ප්‍රහාරයේ මහා මොළකරුවන් සගවලාදැයි සැකයි..- ප‍්‍රසන්න

පාස්කු කොමිසමේ වාර්තාව පිළිබද ව සෑහිමකට පත් වීය නොහැකි බවත් පසුගිය යහපාලන රජය විසින් පත් කළ මෙම කොමිසමේ වාර්තාවෙන් ප්‍රහාරයේ මහා මොළකරුවන් පිළිබද තොරතුරු සගවා ඇත්දැයි සැක මතු වන බවත් පාස්කු කොමිසමේ වාර්තාව සොයා බැලීම සදහා ජනාධිපතිවරයා පත් කළ කමිටු සාමාජික ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පත් කළ පාස්කු කොමිසමට හෝ එහි නිර්දේශ වලට, වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හෝ ආණ්ඩුව කිසිදු බලපෑමක් සිදු නොකළ බවත්, වත්මන් ජනාධිපතිවරයා පත් කළ කමිටුවට පාස්කු කොමිසමේ නිර්දේශ වෙනස් කිරීමේ  කිසිදු උවමනාවක් හෝ බලයක් නොමැති බවත් රණතුංග මහතා අවධාරණය කරයි.

උඩුගම්පළ දී පැවති රැස්වීමකින් අනතුරුව මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඇමති ප්‍රසන්න රණතුංග මහතා මේ බව සදහන් කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වු ඇමතිවරයා මෙසේ ද කීවේය.

“ මේ දවස්වල හැමෝම කථා කරන්නේ පාස්කු කොමිසමේ වාර්තාව ගැන. මේ කොමිසමේ වාර්තාව ගැන අපිටත් ගැටළු තියෙනවා. පාස්කු කොමිසම පත් කළේ අපේ ආණ්ඩුව නෙමෙයි. යහපාලන ආණ්ඩුව. යහපාලන ආණ්ඩුව පාස්කු ප්‍රහාරය ගැන හොයලා බලන්න පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවකුත් පත් කළා. ඒකේ දී වුණෙත් මේ ප්‍රහාරයේ සැබෑ වගකිවයුත්තන් වසන් කරපු එක. මේ කොමිසම් සභාවෙනුත් මේ ප්‍රහාරයේ මහ මොළකරු හොයාගත්තේ නැද්ද? නැත්නම් ඒක වසන් කළාද? කියලා අපිටත් ප්‍රශ්නයක් තියෙනවා. මේ වාර්තාව ගැන සෑහිමකට පත්වෙන්න බෑ.

මේ කොමිසම් සභා වාර්තාවේ වගකීම එදා ආණ්ඩුවේ හිටපු, අද විපක්ෂයේ ඉන්න උදවිය මේ ආණ්ඩුව පිට පටවන්න හදනවා. ඔවුන් හදන්නේ ඒ පාපයත් අපේ පිටට දාන්න. මෛත්‍රී ජනාධිපතිවරයා පත්කළ කොමිසම ගෝඨාභය ජනාධිපතිතුමා පත් වුණාම වෙනස් කළේ නෑ. කොමිසමට කිසිදු බලපෑමක් කළේත් නෑ. මේ හින්දා පාස්කු ප්‍රහාරයට වගේම කොමිසමේ වාර්තාවේ වගකීමෙනුත් පහුගිය ආණ්ඩුව නියෝජනය කළ කිසිවෙකුටත් ගැළවෙන්න බෑ. පාස්කු ප්‍රහාරයට රනිල්, මෛත්‍රී, සජිත් සමස්ථ ආණ්ඩුවම වග කියන්න ඕනේ. සජිත් ඇතුළු විපක්ෂය මේ වාර්තාව එළියට දමන්න යැයි කෑ මොර දුන්නා. දැන් එය ඉදිරිපත් කරපුවාම නිර්දේශ වල වගකීමත් අපේ පිට දාන්න හදනවා. ඒ වගේම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පත් කරපු කොමිසමේ වාර්තාව ඔහු සභාපතිධූරය දරණ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රතික්ෂේප කිරීමත් එක්තරා අන්දමකින් විහිළුවක්.

පාස්කු ප්‍රහාරය පිළිබද සොයා බැලීම සදහා පහුගිය රජය පත්කළ කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම පිළිබද සොයා බැලීමට ජනාධිපතිතුමා විශේෂ කමිටුවක් පත්කළා. මමත් එහි සාමාජිකයෙක්. මේ ආණ්ඩුවට මෙම පාස්කු කොමිසමේ නිර්දේශ වෙනස්කිරීමේ කිසිදු උවමනාවක් නෑ. ජනාධිපතිතුමා පත් කළ කමිටුවේ අපිට එහෙම බලයකුත් නෑ. අපේ කමිටුව අවස්ථා දෙකක දී රැස්වුණා. අපි ඉක්මණින්ම මේ කමිටුවේ වාර්තාව ජනාධිපතිතුමා වෙත භාරදෙනවා. ”

– ප්‍රදීප් අනුර කුමාර

20,174 views

12 Comments to “පාස්කු කොමිසමේ වාර්තාව ගැන සෑහිමකට පත් වෙන්න බෑ.. ප්‍රහාරයේ මහා මොළකරුවන් සගවලාදැයි සැකයි..- ප‍්‍රසන්න”

  1. රන්වල says:

    අන්තිමට කොමසම පත් කරපු එකෙකුත් නෑ වැරදිකාරයෙකුත් නෑ දඩුවමකුත් නෑ චීනගෙන් ණයට ගත්තු සල්ලි කුට්ටියක් වියදම් කරල කොමිසමක් කියල නාඩගමක් නටල කාලය සහ මුදල් නාස්ති කල තවත් රැවටීමක් එසේ අවසන් විය.

    • ටකටන් says:

      පාස්කු ප්‍රහාරයේ මහ මොළකරුවන් සතියකින් අල්ලනවා කියලා බලය ගත්ත මුන්, දැන් කියනවා කොමිසම දැම්මේ අපි නෙවෙයි, ඒ හින්දා වගකීම තියෙන්නේ යහපලනේයේ කොමිසම දාපු කට්ටියගේ කියලා. මොන හතර බීරි කතාවක් ද මේක? යකෝ තොපි බලය ගත්ත වගකීම ඉෂ්ඨ කරපන් එක එකා පිට වැරදි දාල ඇත හොදහන්නේ නැතුව. යහපාලානේ වග කියන්න ඕනේ නම්, තොපි පැලියගොඩ මැනින් මාර්කට් එක, හුලන් විදුලි බලාගාරේ, කොළඹ කුණු වලින් විදුලිය හදන විදුලිබලාගරේ වගේ දේවල් විවුර්ත කරන එකත් පාටලී ට දෙන්නනේ තිබ්බේ. තොපි බොරුම කියලා කලේ කන්නේ නැතුව ඇත්තට දැන් වත් මුණ දීපන්, මේ රටේ ඔක්කොම හරක් කියලා හිතන්න එපා.

      • harsha says:

        මේ ආණ්ඩුවත් කොමිසම පවත්වා ගෙන යන්න අවශ්‍ය පහසුකම් දුන්නා.

  2. Nalinda says:

    Oba wan ugath ministers la ratakata sampathaki. Aho api ketharam wasanawanthada ?

    • SIRIMAL UYANE GU CHAMARA says:

      Prasanna Aiyye…. endako ape kubere rest-hous ekata rest karanda
      enakota
      1. Bittara 10
      2. Arakku bottle 2
      3. B-Lunu 1 KG
      4. Poll-tel 1 Bottle
      5. Kata-kasma 1 Kg
      6. Soda
      Aran enada

      Gu-Chamra gane kakiri Dewal

      PINATA BONNDA TIYENAWANAM KIYAPALLA

  3. Maha sinhale says:

    මේ වහබින්ගේ ජිහාඩ් වලට අපේ සිංහළයන් ඇතුල් නොකළ යුතුයි .මිනීමරු වහබින්ට පමණක් දඩුවම් කල යුතුයි.

  4. Nero says:

    මෛත්‍රීගේ ප්‍රජා අයිතිය අහෝසි කිරීමට සාලිය පීරිස් චේම්බරය සහ අලි සබ්‍රි චේම්බරය සන්ධාන ගත වේ.

  5. පොරමෝලා says:

    කොමිසමේ ඈයො ගත්ත රුපියල් මිලියන ගන්නක දීමනා ආපහු අයකර ගතයුතුයි . උන්ට පාස්කු ත්‍රස්තවාදීන්ගෙනුත් පඩි ලැබෙන්නෙ ඇති

  6. Dalit says:

    පාස්කු බෝම්බෙ තනිකරම ඉන්දියාවෙ වැඩක්. අපි කොමිසන් දාගෙන අපි අපි රන්ඩු වෙනව. බොදුවොයි මුස්ලිම් රන්ඩු වෙනව. අපිත් ඉන්දියාවත් අතර ත්‍රස්ත තොරරතුරු හුවමාරු කරගැනීමේ ගිවිසුමක් හරි අවබෝදයක් හරි තියෙන්න ඇතිනෙ. එම තොරතුරු එදිනෙදා හුවමාරු වෙන්න ඕනි. සතියකට කලින් ඔන්න බිල්ලො එනව කියල කියන්නෙ බිල්ලම තමයි. සිරිසේන තනිකරම ඉන්දියානු පඹයෙක්. ඉන්දියාවයි ඉන්දියන් කොලනි කාරයොයි අපිට හිනාවෙනව, අපි අපි කෙලගන්න ඇරල.
    · Reply · Share · 1h

  7. හර්ෂ ධනංජය පීරිස් says:

    මේ වගේ පට්ටි හරකෙක් කොමිසන් වලට දාන ඵවුනුත් හරක් ගම්පහ මෝඩ රැළ වගේම….!!!
    හර්ෂ ධනංජය පීරිස් අයි.ටී.ඵන් අට පාස් නැති ඵකම මැනෙජර්

  8. 😪😪😪😪😪😢🙏 says:

    හූල්ලයි මගේ අප්පච්චි අතීතය මතක් වෙලා
    කකුල අතගා තල්ලුකර රෝද පුටු ඉඳ වෙලා
    ජේසු පිහිට පතයි නැතිවූ අම්මව සිහි වෙලා
    කිහිලි කරු හුරු නැ පල්ලි ගිය කුසුම වෙලා

  9. Gajaman says:

    Me wena dewal diha baladdi 69 lakshaya ayet kiribath kanna oane.

Main News