පාස්කු කොමිසමේ වාර්තාව ප‍්‍රසිද්ද කිරීම අගරදගුරුගේ බලපෑමෙන්ද…

February 24, 2021 at 3:26 am | lanka C news
පාස්කු කොමිසමේ වාර්තාව ප‍්‍රසිද්ද කිරීම අගරදගුරුගේ බලපෑමෙන්ද…

පාස්කු කොමිසමේ වාර්තාව ලබා දුන්නේ විපක්ෂයෙන් හා කාදිනල් හිමිපාණන්ගෙන් එල්ල වූ බලපෑම නිසා බව විපක්ෂයට පක්ෂපාතී වෙබ් අඩවි පෙන්වා දීමට උත්සාහ ගත්තත් එසේ නොවන බව ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග පෙන්වා දෙයි.

පාස්කු ඉරිදා දින මෙරට ස්ථාන කිහිපයකට එල්ල වූ බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පත් කරන ලද කොමිෂන් සභාවේ වාර්තාව ඊයේ දින කැබිනට් මණ්ඩලයට යොමු කර තිබිණි.

මෙසේ කැබිනට් මණ්ඩලයට මෙම වාර්තාව ලබා දීම ප්‍රමාද වූයේ එහි සිංහල පිටපත සකස් කර නොතිබූ නිසාය. ඒ අනුව ඊයේ දින කැබිනට් මණ්ඩලයට සිංහල පිටපත් සමග පාස්කු කොමිෂන් වාර්තාව ඉදිරිපත් කලේ කිසිවෙකුගෙන් වූ බලපෑම නිසා නොවන බවත් ආරංචි මාර්ග පවසයි.

තවද බ්‍රහස්පතින්දා සභානායක දිනේෂ් ගුණවර්ධන මහතා විසින් මෙම පාස්කු කොමිෂන් වාර්තාව සභාගත කිරීමටද නියමිතව ඇත.

කතානායක වරයාට අද දින ලබාදුන් වාර්තාවේ පිටපත සියලු මන්ත්‍රීවරුන්ගේ දැන ගැනීම සදහා පාර්ලිමේන්තුවේ පුස්තකාලයටද ලබා දී ඇති බවද එම ආරංචිමාර්ග වැඩිදුරටත් සදහන් කලේය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පසුගියදා හැත්ත තුන් වෙනි නිදහස් සමරු උළෙලේදීත් පාස්කු ප්‍රහාරයට සම්බන්ධ සියලු දෙනාටම දඬුවම් ලබා දෙන බවට ප්‍රත්‍යක්ෂව ප්‍රකාශ කළ බව විපක්ෂය අමතක කර ඇති බවත් මෙහිදී එම ආරංචි මාර්ග පැවසීය.

ඒ අනුව ජනාධිපතිවරයා මේ මස පළමුවැනිදා තමා අතට පත් වූ වාර්තාව සිංහල පරිවර්තනය කළ විගසම කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇත.

41,286 views

11 Comments to “පාස්කු කොමිසමේ වාර්තාව ප‍්‍රසිද්ද කිරීම අගරදගුරුගේ බලපෑමෙන්ද…”

  1. Sena says:

    අහිංසක මිනිස්සුන්ගේ මරණ දෙවෙනි වතාවටත් විහිලුවට ගත් කොමිසමේ විනිසුරුවන්ට සාප වේවා! ඒ විනිසුරුවන්ට අල්ලස් දුන්, නීතිය නැවූ දේශපාලුවන්ටත් සාපම වේවා!

  2. lakshitha says:

    ඔයිට හොඳයි කොමිසමට සහරාන්ව දැම්ම නම්. ඌට ඕනෙ ඒවනේ කොමිසමේ නිර්දේශ වෙලා තියෙන්නේ. මදෑ අන්තවාදයට විරුද්ධ නිර්දේශ එනකන් බලාගෙන හිටියා. මද්‍රසා පාසල් ගැන මුකුත් නෑ. බොදු බල සේනාව තහනම් කරන්න ඕනෙලු. තූ නොදකින් කොමිසමේ බලු වේස හැතිකරේ.

    • GU-VP PUNCHI AMMA says:

      Niyamai niya mai malliyo, ela ela, hodak karath gahapan, gahapiya, gahapiyoooo
      Ratata kelawewa

    • ගයාන් says:

      මද්‍රාසා ගැන තියනවා. නියාමනය කලයුතු ආකාරය ගැන. පේජ් දෙක තුනක් දැකලා බූරුවා වගේ කියවන්න එපා..

      • lakshitha says:

        ඇයි තෝ ඒක කියෙව්වද පිටු ලක්ශෙම. නිකන් පලයන් ඩෝ යන්න. අන්තවාදයක් ඇති කරන්න බොදු බල සේනාවක් හැදුවෙ නෑ. අන්තවාදයේ කෙනෙහිලිකම් ඉවසන්න බැරි තැනයි බොදු බල සේනාවක් පටන් ගත්තේ. බෞද්ධයො අවි අතට ගත්තේ නැත්තේ බොදු බල සේනාව නිසයි. මේ ආණ්ඩුව මෙහෙම නම් වැඩි කල් තියාගන්න බෑ.

  3. Suresh says:

    කොයි කොමිසම පත් කරත් අන්තිමට වෙන්නේ සල්ලි සහ බලය තියෙන උන්ට ඕනෙ විදියට ප්‍රතිඵල ලැබීමයි. පාස්කු කොමිසම් වාර්ථාවෙන් බලන්න පුලුවන් කාටද වැඩිම බලේ තියෙන්නේ කියලා. ඒකට අනුව ලංකාවේ බලය දැනට තියෙන්නේ මේ අනුපිලිවෙලට,
    1. ඉස්ලාම් අන්තවාදය
    2. අන්තවාදී මූලධර්මවාදී ක්‍රිස්තියානි කණ්ඩායම්
    3. බල කෑදර ප්‍රධාන දේශපාලු සෙට් එක

    උඹල බෞද්ධ කවුරු හරි මේ ලිස්ට් එකේ හෙව්වද, සාමාන්ය ක්‍රිස්තියානි මිනිස්සු හෙව්වද? උන්ට මේ රටේ බලයක් නෑ. නිකන් චන්දෙ ගන්න රවට්ටනව විතරයි. හිත හදා ගනිල්ලා.

  4. හෙලයා says:

    කාදිනල් තුමාත් අපේ හාමුදුරුවොත් කියන්නෙ එකම කතාවය්. ජනතාවට අවශ්‍ය වන්නේ මිනීමරු මුස්ලිම් අන්තවාදීන් ගේ පුරැක් සොයා උන්ට දඬුවම් කිරීම මිස මරාගෙන මැරැන උන් අල්ලා නොගත් අය සොයා ගැනීම වත් මුස්ලිම් අන්තවාදය සාධාරණය කිරීමට හේතු කාරනා සෙවීම වත් නොවේ.

    • Unlimited Fun says:

      දඩයම කරේ තියන් ගිය එකා ගැන කිසිම නිර්දේශයක් නෑ කිව්වම මේකේ… ඇඬි ඇඩ් හිනා යනවා මෙයාලා.. අම්මපා.
      දැන් ෂැපද??

  5. සිංහල බන්ඩා says:

    ගෝටාගෙ ආණ්ඩුවට වැරදිලා. ජනතාවට අවශ්‍ය වන්නේ සිරිසේන කොටු කිරීම නෙවෙය්. මිනීමරු මුස්ලිම් අන්තවාදීන් ගේ පුරැක් සොයා දඬුවම් කිරීම මිස මරාගෙන මැරැන උන් අල්ලා නොගත් අය සොයා ගැනීම වත් මුස්ලිම් අන්තවාදය සාධාරණය කිරීමට හේතු කාරනා සෙවීම වත් නොවෙය්.

  6. Dalit says:

    පාස්කු කොමිසම පත්කලේ බෝම්බ ගැන හොයන්න. අපේරටත් ඉන්දියාවත් රහස් තොරතුරු බෙදාගන්න ගිවිසුමක් හරි අවබෝදයක් හරි තියෙන්න ඇතිනෙ. එතකොට ඔයවගේ තොරතුරු එදිනෙදා හුවමාරු කරගන්න ඕනිනෙ. නැතුව ඔන්න හෙට වැඩක් දෙනවා කිව්වම කියන්නෙ වැඩේ දෙන්නෙ කියන එකාමයි කියල. ඉතින් කොමිසම කිසිම කෙනෙක් ඉන්දියාවෙන් ගෙනාවද ගෙන්න ගන්න උත්සාහ කලාද? ඉන්දියන් කාරයො අපිට හිනාවෙනව. අපි එකිනෙකා කෙලගන්නව.

Leave a Comment

Main News