පාස්කු කොමිසම යන දිශාව ගැන පාර්ලිමේන්තු මන්ත්‍රීවරැන්ටත් සැකයි.. කාදිනල් හිමිත් අප‍්‍රසාදයෙන්…

December 5, 2020 at 5:30 pm | lanka C news
පාස්කු කොමිසම යන දිශාව ගැන පාර්ලිමේන්තු මන්ත්‍රීවරැන්ටත් සැකයි.. කාදිනල් හිමිත් අප‍්‍රසාදයෙන්…

පාස්කු කොමිෂම යන දිශාව පිළිබදව පාර්ලිමේන්තුවේ දෙපාර්ශ්වය වගේම කාදිනල් හිමිපානන් පවා ප‍්‍රසාදයක් නෑ යයි අද පාර්ලිමේන්තුවේදී අදහස් දැක්වූ විපක්‍ෂයේ ප‍්‍රධාන සංවිධායක පා.ම. ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය

ජනතාවගේ අධිකරණ බලය පාර්ලිමේන්තුව විසිනුයි උසාවියට ලබාදෙන්නේ. පාර්ලිමේන්තුවේ ගරු මන්තී‍්‍රවරයකුගේ වගකීම තේරුම්ගන්න. ඒ නිසා අපිට අයිතියක් තිබෙනවා උසාවියේ කටයුතු හරියට වෙනවද නැද්ද කියලා පාර්ලිමේන්තුවේ කථා කරන්න.

ශ්‍රේෂ්ඨාධිකරණය හෝ ලංකාවේ ඕනෑම අධිකරණයක වැඩ කටයුතු හරියට වෙනවද නැද්ද කියලා හොයලා බලන්න පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන්ට අයිතියක් තිබෙනවා. මොකද අපි තමයි අධිකරණයට බලය ලබාදීලා තිබෙන්නේ.

කථානායකතුමනි, පාස්කු කොමිෂමක් පත්කෙරුවා. නමුත් පාස්කු කොමිෂම යන දිශාව පිළිබදව අපේ මන්තී‍්‍රවරුන්ට සැකයක් තිබෙනවා. කාදිනල්තුමා ඒ පිළිබදව සදහන් කරලා තියෙනවා. කාදිනල්තුමාගේ ප‍්‍රකාශයක් අනුව එතුමා අහන්නේ බෝම්බ තියපු අය අල්ලන්නේ කවදාද කියලයි. හිටපු අගමැතිතුමාව ගෙන්වනවා.

හිටපු ජනාධිපතිතුමාව ගෙන්වනවා, හිටපු පොලිස්පති. හිටපු ආරක්‍ෂක ලේකම් කොමිෂමට ගෙන්වනවා. නමුත් මම කියන්නේ මේ අය බෝම්බෙ තිබ්බේ නෑනේ. බෝම්බෙ තියපු අයව අල්ලන්න. මේක තේරුම්ගන්න ගරු අගමැතිතුමා.

පාස්කු කොමිෂම යන දිශාව පිළිබදව පාර්ලිමේන්තුවේ දෙපැත්තම වගේම කාදිනල් හිමිපානන් පවා ප‍්‍රසාදයක් නෑ. ඒ නිසා පාස්කු කොමිෂම යන දිශාව පිළිබදව අපි විවාදයක් ඉල්ලා සිටිනවා.

– මාධ්‍ය ඒකකය.

22,344 views

18 Comments to “පාස්කු කොමිසම යන දිශාව ගැන පාර්ලිමේන්තු මන්ත්‍රීවරැන්ටත් සැකයි.. කාදිනල් හිමිත් අප‍්‍රසාදයෙන්…”

  1. byya says:

    me praharaya pitipasse tiyenne rajapassalage tikiri mola tamai,

  2. Dr Pukanil Sajith says:

    Kiriellalaage yakaage paalanen daapu Paasku pareeksana kamituve theerana valata 100% k apee Kadinal thumaa sathutin naeva sitiye. Ahema eke me aluthin comisamak daala ethumath daen asathutata pathkarala kiriellalath asathutata daala monava karanavada manda?

  3. Modaya says:

    Catch those who deternated the Bomb Hon. MP needs to send an envoy to the Paradise of Almigty Allah where they have been received and honored. Talking rubbish he wastes time of the Citizen of this country.

  4. Modaya says:

    Catch those who deternated the Bomb Hon. MP needs to send an envoy to the Paradise of Almigty Allah where they have been reviewed hounoured.

  5. ක්‍රිමිනල් says:

    බය වෙන්නෙපා තව අවුරුදු තුනක් තියෙනවා !😂😂😂😂😂😂😂😂😂😂😂😂

  6. Priya says:

    පාස්කු ප්‍රහාරකයිනට කිසිසේත්ම සමාවක් නැහැ. දඬුවම් ලැබිය යුතුය.පාස්කු ප්‍රහාරයට ඉඩ සලසා මෙරටින් පැනගොස් රට අනාරක්ෂිත කල පාපතර පාලකයින් ඇත්නම් නොවලහා ඔවුනට දිය යුතු උපරිම දණ්ඩනය දිය යුතුය. ඔවුන්ගේ ප්‍රජා අයිතිය අහෝසිකොට දේපල රාජසන්තක කල යුතුය. එපමණක්ද නොව මෙම දේශපාලකයන් මුස්ලිම් අන්තවාදීන්ගෙන් අල්ලස් ලබාගෙන නිහඬව එසේ වන්නට ඉඩ හරියාදැයිද සොයා බැලිය යුතුය. මුස්ලිම් අන්තවාදීන්ට ආණ්ඩුකාර පදවි ලැබුණේ ලබාගත් අල්ලස් වලට හිලව්වටද කියාත් සොයා බැලිය යුතුය.

  7. 77 UNP says:

    කරුම ජඩයා පත්කරපු පාර්ලිමේන්තු කොමිසම හරි පැත්තට ගියා නේද? තව පොඩ්ඩක් කල් තිබුන්නම් බෝම්බෙන් මැරුණ මිනිස්සු වැරදිකරුවන් කරලා බෝම්බ පුපුරුවා ගත්ත ත්‍රස්තවාදීන්ට වන්දි ගෙවන්න තිබුනා කොටින්ට වගේ.

Main News