පාස්කු කොමිසම යන දිශාව ගැන පාර්ලිමේන්තු මන්ත්‍රීවරැන්ටත් සැකයි.. කාදිනල් හිමිත් අප‍්‍රසාදයෙන්…

December 5, 2020 at 5:30 pm | lanka C news
පාස්කු කොමිසම යන දිශාව ගැන පාර්ලිමේන්තු මන්ත්‍රීවරැන්ටත් සැකයි.. කාදිනල් හිමිත් අප‍්‍රසාදයෙන්…

පාස්කු කොමිෂම යන දිශාව පිළිබදව පාර්ලිමේන්තුවේ දෙපාර්ශ්වය වගේම කාදිනල් හිමිපානන් පවා ප‍්‍රසාදයක් නෑ යයි අද පාර්ලිමේන්තුවේදී අදහස් දැක්වූ විපක්‍ෂයේ ප‍්‍රධාන සංවිධායක පා.ම. ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය

ජනතාවගේ අධිකරණ බලය පාර්ලිමේන්තුව විසිනුයි උසාවියට ලබාදෙන්නේ. පාර්ලිමේන්තුවේ ගරු මන්තී‍්‍රවරයකුගේ වගකීම තේරුම්ගන්න. ඒ නිසා අපිට අයිතියක් තිබෙනවා උසාවියේ කටයුතු හරියට වෙනවද නැද්ද කියලා පාර්ලිමේන්තුවේ කථා කරන්න.

ශ්‍රේෂ්ඨාධිකරණය හෝ ලංකාවේ ඕනෑම අධිකරණයක වැඩ කටයුතු හරියට වෙනවද නැද්ද කියලා හොයලා බලන්න පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන්ට අයිතියක් තිබෙනවා. මොකද අපි තමයි අධිකරණයට බලය ලබාදීලා තිබෙන්නේ.

කථානායකතුමනි, පාස්කු කොමිෂමක් පත්කෙරුවා. නමුත් පාස්කු කොමිෂම යන දිශාව පිළිබදව අපේ මන්තී‍්‍රවරුන්ට සැකයක් තිබෙනවා. කාදිනල්තුමා ඒ පිළිබදව සදහන් කරලා තියෙනවා. කාදිනල්තුමාගේ ප‍්‍රකාශයක් අනුව එතුමා අහන්නේ බෝම්බ තියපු අය අල්ලන්නේ කවදාද කියලයි. හිටපු අගමැතිතුමාව ගෙන්වනවා.

හිටපු ජනාධිපතිතුමාව ගෙන්වනවා, හිටපු පොලිස්පති. හිටපු ආරක්‍ෂක ලේකම් කොමිෂමට ගෙන්වනවා. නමුත් මම කියන්නේ මේ අය බෝම්බෙ තිබ්බේ නෑනේ. බෝම්බෙ තියපු අයව අල්ලන්න. මේක තේරුම්ගන්න ගරු අගමැතිතුමා.

පාස්කු කොමිෂම යන දිශාව පිළිබදව පාර්ලිමේන්තුවේ දෙපැත්තම වගේම කාදිනල් හිමිපානන් පවා ප‍්‍රසාදයක් නෑ. ඒ නිසා පාස්කු කොමිෂම යන දිශාව පිළිබදව අපි විවාදයක් ඉල්ලා සිටිනවා.

– මාධ්‍ය ඒකකය.

22,346 views

18 Comments to “පාස්කු කොමිසම යන දිශාව ගැන පාර්ලිමේන්තු මන්ත්‍රීවරැන්ටත් සැකයි.. කාදිනල් හිමිත් අප‍්‍රසාදයෙන්…”

  1. Saradiel says:

    කාදිනල් හිමිපානන් පසුගිය රජයේ රනිල් පාලනයේ නොසැලකිලිකම ගැන ඉතා කනගාටුවෙන් ඉන්නේ.

  2. Mahinda den karanne, election ekata pera kiyapuwa newei! Pasku bomba walin Muslim isis karayo marapu saha barapathala thuwala sidu karapu ahinsaka des/videsh ahinsaka minissu gena Mahinda hiththanna ona. Namuth den Mahinda karanne, Maithri/Ranil wahapalana kalliye minimaruwan araksha karana ekai. Janapathi Gotata ona vidiyata weda karanna Mahinda denne neha. Eka ape Lankawata awasanawak!!

    • Tomba says:

      Komisama iwara wenna kalin mokuth karanna be. Danata 275 k allagena innawa. Unwa ellennada kiyanne nadu ahanne nathuwa. Neethipathi chodana gonu karala nadu danne komisame warthawa labunama. Mahindata karanna puluwan deyak ne. Yahapalane nadu karayinta tharjana keruwa mathaka nadda?

  3. S.Vitharana says:

    යහපාලන කාලේ ඔබතුමා කොහේ ද හිටියේ?

  4. සහරාන් says:

    2019 අප්‍රේල් 20 නිදාගත්තට පස්සෙ අද ඇහැරිලා වගේ. බෝම්බෙ තිබ්බ සහරාන් මැරුණා කියල තාම දැනගෙන නෑ.

  5. Nimal says:

    කාදිනල්තුමා අප‍්‍රසාදයෙන් ඉන්නේ බොලාගේ බුරැ හරින් එක්කල සේමසිරි ඔයවගේ කතා ඔන ගොනෙකුට කියන්ට පුලුවන් බන්

  6. Thruth says:

    Sir ta aurudu 4 adagena yanna thiyena ekama topic eka …

  7. Hussain says:

    කොමිසමට එන සමහරු මුස්ලිම් දේශපළුවන්ව පරිස්සම් කරන්න හදන බව පේනවා. හකිමා, ර්සාඩ්, අසාඩ්ලා, මුජිඌරා වැනි එවුන් සැකයි. හැබැයි කොමිසම නිසා රටේ ජනතාව මුස්ලිමුගේ හොර තක්කඩි වැඩ ගැනැ දැනගත්තා. පාස්කු ප්‍රහාරය වලක්වා නොගත්තෙ තියන ගොංකම නිසා බව පැහැදිලි. සොයා ගතයුත්තේ කවුද මුස්ලිම් ත්‍රස්තවාදින්ට මුදල්, ආරක්ෂාව සහ අනුබල දුන්නේ කවුද කියලා?

  8. Felix says:

    Pasku Commission….. Maha Banku Commission …… Eewa Okkoma Higannage Thuwala….. Mee Dekama Ho Dekatama Adithalama Damme Mona Wasaredeeda? Anna Ethanai Uththaraya.

  9. Jayarathna says:

    පාස්කු ප්‍රහාරකයිනට කිසිසේත්ම සමාවක් නැහැ. දඬුවම් ලැබිය යුතුය.පාස්කු ප්‍රහාරයට ඉඩ සලසා මෙරටින් පැනගොස් රට අනාරක්ෂිත කල පාපතර පාලකයින් ඇත්නම් නොවලහා ඔවුනට දිය යුතු උපරිම දණ්ඩනය දිය යුතුය. ඔවුන්ගේ ප්‍රජා අයිතිය අහෝසිකොට දේපල රාජසන්තක කල යුතුය. එපමණක්ද නොව මෙම දේශපාලකයන් මුස්ලිම් අන්තවාදීන්ගෙන් අල්ලස් ලබාගෙන නිහඬව එසේ වන්නට ඉඩ හරියාදැයිද සොයා බැලිය යුතුය. මුස්ලිම් අන්තවාදීන්ට ආණ්ඩුකාර පදවි ලැබුණේ ලබාගත් අල්ලස් වලට හිලව්වටද කියාත් සොයා බැලිය යුතුය.

  10. sena says:

    කිබුල්කදුලුහලන මේ දේශපාලුවා
    ජනතාවගෙ යහපතට නොවේ තමුන්ගෙ වාසියට දේශපාලනය කරන තවත් දේශපාලුවේක්
    මොහුව මෙවර පාර්ලිමේන්තු එව්වෙත් මහනුවර මුස්ලිම් ජනතාවයි
    පාස්කුප්‍රහාරයෙත් ෂාපිගෙ ප්‍රශ්ණවලදි මොහු නිහඩව හිටියා

Main News