පාස්කු ප්‍රහාරය ජනාධිපතිතුමා බලයට එන්න කල කුමන්ත්‍රණයක් කියා ජනගත කරන්න හදනවා…

April 22, 2022 at 8:02 am | lanka C news
පාස්කු ප්‍රහාරය ජනාධිපතිතුමා බලයට එන්න කල කුමන්ත්‍රණයක් කියා ජනගත කරන්න හදනවා…

පාස්කු ප්‍රහාරයෙන් අගතියට පත්වූවන් වෙනුවෙන් සාධාරණය ඉෂ්ඨ කිරීම සදහා  ආණ්ඩුව කටයුතු කරන බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ප්‍රසන්න රණතුංග මහතා (21) පාර්ලිමේන්තුවේදී පැවසීය.

ඒ මහතා කළ සම්පූර්ණ කතාව මෙසේයි.

පාස්කු ප්‍රහාරය සිදුවුනේ පසුගිය යහපාලන රජය කාලයේදියි.  ඒ සම්බන්ධව මෙතෙක් ගෙන ඇති පියවර සම්බන්ධයෙන් වූ සටහන්  ඔබතුමාගේ අවසරය ඇතිව පාර්ලිමේන්තුවට ඉදිරිපත් වෙනවා. ඒ වගේම මේ වන විටත් ජනාධිපති කොමිෂන් සභාවේ සම්පුර්ණ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා තියෙන්නේ. සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයින් 735ක් මේ වන විට අත් අඩංගුවට ගෙන තිබෙනවා.ඒ අතරින් 196 දෙනෙක් දැනට රක්ෂිත බන්ධනාගාරගතව සිටිනවා. රැඳවුම් නියෝග මත 19 දෙනෙක් සිටිනවා. ඉන් 81ක් දෙනෙකුගේ පරීක්ෂණ අවසන් කර චෝදනා ගොනුකර ඇති තිබෙනවා. ඇප මත නිදහස් කළ පුද්ගලයින් ප්‍රමාණය 453යි. ඒ වගේම සැකකරුවන් 79 දෙනෙකුට  ගම්පහ, මහනුවර, කුරුණෑගල, පුත්තලම, නුවරඑළිය, මඩකළපුව මහාධිකරණ වල හා කොළඹ, කෑගල්ල මහාධිකරණ වල ඇති විශේෂ ත්‍රි පුද්ගල මහාධිකරණවල දී චෝදනා 25753කට අදාළව නඩු 27ක් පැවරීමට කටයුතු කරල තියනවා.

මෙම විමර්ශන හා නඩු පැවරීම සඳහා ඇමරිකානු රහස් ඔත්තු සේවය, ඕස්ට්‍රේලියානු රාජ්‍ය බුද්ධි අංශය සහ මාලදිවයින රාජ්‍ය බුද්ධි අංශය වල සහයෝගය ලබාගෙන තියෙනවා. ඒ වගේම ස්වයං ඝාතකයන් හා සංවිධාන සම්බන්ධයෙන් ලක්ෂ 3650ක් වටිනා ඉඩම් ගොඩනැගිලි, වාහන හා මුදල් රුපියල් ලක්ෂ 1680 ක් වටිනා රත්තරන් බඩු රාජ සන්තක කර තිබෙනවා.  පාස්කු ප්‍රහාරයේ මහමොළකරු නවුෆර් මව්ලානා. ඔහු තමයි අන්තවාදී දේශන පවත්වා මෙම අන්තවාදීන්ව පුහුණු කළේ. මීට අමතරව ඇමරිකානු ෆෙඩරල් උසාවිය විසින් ශ්‍රී ලංකාවේ තිදෙනෙකුට නඩු පවරලා තියෙනවා. ඒ මොහොමඩ් නවුෆර්, මොහොමඩ් රිස්ඛාන්, මොහොමඩ් අහමන් මිල්ලාහ් කියන පුද්ගලයින්ට.

ඒ වගේම සාක්ෂි විභාගයේදී සාරා ජෙස්මින්ව නොදුටු බව තහවුරු වෙලා තියනවා.සාරා ජෙස්මින් පැනයන බව දුටුවායි කියන සාක්ෂිකරු මෙරටින් අතුරුදහන් වෙලා. ඔවුන් රටින් පැන ගොස් ඇතැයි සැක කරනවා.

ඒ වගේම ගරු කතානායකතුමනි,

නිලන්ත ජයවර්ධන සාක්ෂිකාරයෙක් වුණේ ඇයි කියන එක පහුගිය කාලේ හැමෝටම ඇතිවුණු ගැටලුවක්. ඒ පිළිබඳව පොඩි පැහැදිලි කිරීමක් කරන්නම්. බොහෝ දෙනෙක් උත්සාහ කරනවා පාස්කු ප්‍රහාරය ජනාධිපතිතුමා බලයට එන්න කරපු කුමන්ත්‍රණයක් කියලා ජනගත කරන්න.  පාස්කු ප්‍රහාරය සිදුවුණේ  2019 දියි. 2018 පැවැති පළාත් පාලන මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පළාත් පාලන ආයතන බහුතරයක් ජයග්‍රහණය කළා. ඒ වෙලාවේ අපි කුමන්ත්‍රණයක් කරන්නේ කොහොමද.   එදා විපක්ෂයේ හිටපු අය හැටියට අපි දන්නවා, ආණ්ඩු පක්ෂය දූෂණ මර්දන කමිටුව කියලා කමිටුවක් දාගෙන අපේ අයට නඩු පිට නඩු දාලා තිබුනේ. අපිට ඒවා එක්ක ගැටෙන්න සිද්ධ වුණා මිසක් කුමන්ත්‍රණයක් වගේ දෙයක් කරන්න ඕන උනේ නෑ.

ඒ වගේම නිලන්ත ජයවර්ධන රජයේ සාක්ෂිකාරයෙක් වශයෙන් යෝජනා කළේ එවකට නීතිපති හැටියට කටයුතු කරපු දප්පුල ලිවේරා මහත්මයායි. එතුමා තමයි නිලන්ත ජයවර්ධන රජයේ සාක්ෂිකාරයෙක් වශයෙන් පත් කරන්න කටයුතු කරලා තියෙන්නේ. ඒ වගේම දප්පුල ලිවේරා මහත්මයා විශ්‍රාම යන්න ඔන්න මෙන්න තියා පාස්කු ප්‍රහාරය කුමන්ත්‍රණයක් බව රටට ප්‍රකාශ කළා.  සමහරවිට එතුමාගේ සේවා කාලය දීර්ඝ නොකිරීම නිසා වෙන්න පුළුවන්. වෙනත් හේතු වෙන්නත් පුළුවන්. එතුමා තමයි මේ මතය ජනගත කරන්න කටයුතු කරලා තියෙන්නේ.

පාස්කු ප්‍රහාරය ජනාධිපති කොමිෂන් වාර්තාව හරහා පාර්ලිමේන්තු අනු කමිටුවක් පත් කළේ චෝදනා ලබපු අයව නිදහස් කරලා සුදු හුණු ගාන්න කියන මතය ජනතාව අතර තියෙනවා. ඒක ඔබ දන්නවා. මේ වෙනකොට ජනාධිපති කොමිෂන් වාර්තාවේ  නිර්දේශ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරල තියෙනවා.

මම අද උදෙත් නීතිපති දෙපාර්තමේන්තුවට යොමු කරන්න  ලිපියක් සකස් කෙරුවා. ඒ ලිපියෙන් ඉල්ලා සිටියෙත් ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ නිර්දේශ කඩිනමින් ක්‍රියාත්මක කරන්න කියන ඉල්ලීමයි. මොකද, අපිට පුළුවන් කමක් නෑ, අධිකරණ වලට බලපෑමක් කරන්න. අපි කරන්නෙත් නෑ. නීතිපති දෙපාර්තමේන්තුව හරහා මේ කටයුතු සිද්ධ වෙන්න ඕනේ.

මම  වගකීමෙන් කියනවා ගරු කථානායකතුමනි,

පාස්කු ප්‍රහාරයට මුහුණපෑ සියලු දෙනාටම සාධාරණයක් ඉෂ්ඨ කරන්න මමත් අපේ ආණ්ඩුවත් කටයුතු කරන බව.

– Media unit

20,791 views

23 Comments to “පාස්කු ප්‍රහාරය ජනාධිපතිතුමා බලයට එන්න කල කුමන්ත්‍රණයක් කියා ජනගත කරන්න හදනවා…”

  1. නිශ්ශංක says:

    ඔව් ඔව් කෝටිපති ඉබ්‍රාහිම් ගේ කෝටිපති පුතාලා තමුන්ගේ ගෑණුන්ට ළමයින්ට සමුදීලා “සොදුර මම යනවා ගෝඨාභය ජනපති කරන්න ජීවිතය පූජා කරන්න” කියලා ගිහිල්ලා තමයි ගෝඨාභයගේ ඉල්ලීමට මරාගෙන මරුනේ

    • කුඹුක්කණ් says:

      ගෝඨාභය ජනපති කරන්න , ඉබ්‍රාහිම් ප්‍රමුඛ ජවිපෙ කාරයො පුදුම කට්ටක් නෙ බං කාලා තියෙන්නෙ බලං ගියාම.

      යකෝ ගෝඨාට ඡන්දෙ දෙන්න එක හම්බයෙක් නෑ, ඒ වුනාට ඌ වෙනුවෙන් මරාගෙන මැරෙන්න හම්බයො ඉන්නවා.
      හරිම විද්යාත්මකයි නේද කතාව.

  2. Dr. Wijesekara says:

    මිනිස්සු දැන් බඩගින්නේ ඉන්නේ. උන්ට තෙල් නැතුව, ගෑස් නැතුව ජොබ් එක කරගන්න බැරුව ඉන්නේ. මිනිස්සු දැන් කන්න දෙන ඕනම එකෙක් කියන ඕනම දෙයක් පිලිගන්න සූදානම්. මිනිස්සුන්ගේ ගැලවුම්කාරයා පල්ලිය කියලයි දැන් මිනිස්සු හිතාගෙන ඉන්නේ. දැන් මිනිස්සුන්ට ඕන ඇත්ත නෙමේ. කන්න.

    කන්න නැති බල්ලා සර්කස් කරන්න උනත් පුරුදු කරන්න පුලුවන් කෑම දීලා. පල්ලිය ලංකාවෙ මිනිස්සුන්ටත් ඒකම තමයි කරවන්නේ. උඹලගේ ගෝඨගෙයි, මහින්දගෙයි, ගෙරි බැසිලගෙයි මහන්තත්ත කම, මාන්නය නිසා කඩා වැටිච්ච රටේ ආර්ථිකේ හදලා, උන්ට කන්න දීලා, බඩගින්න නිවලා ඊට පස්සේ ඔය කතාව කියපන්. එතකොට මිනිස්සුන්ට තේරේවි. ඒත් එතකොට පල්ලිය ලංකාවේ රනිල්, සජිත් හෝ අනුර ලවා මේ රටේ ආණ්ඩුවක් හදල තියේවි.

    • අසංවේදී මිනිසාගේ මරණ දිනය says:

      ආචාර්ය සහ වෛද්‍ය කියමින් හොර සහතික ගත්ත උනුත් දැන් රට පුරාම ඉන්නවා. මුන්ට මෙතරම් මිනිස් ඝාතනයක් සිදුවීත් සංවේදී බවක් නෑ. මෙලහකටත් මොකෙකුට හරි හේත්තුවෙලා බඩ වඩාගෙන අහංසක මිනිස්සුන්ට තම මහන්තත්කම පෙන්නගෙන බොරු හොදක් රගපානව ඇති. පොහොට්ටු එවුන්ට උන් මැරෙන බව මතක නැහැ. මුන් මැරුණම ඉපදෙන්නෙ නල මැස්සො වෙලා.උන්ට මෙවැනි අසංවේදී අධමයින්ට ලැබුණු බලු කථාත් ලඅබීමට නියමිතයි.

  3. Katharagama says:

    ගෝඨාභය මහත්තයාගේ වැරදි තියෙන්න පුළුවන් ආණ්ඩුවේ වැරදි තියෙන්නත් පුළුව න් මේ ආණ්ඩුව ගෙදර යවන්න ඕනඒක වෙනම කතාවක් ඒත් කීයටවත් බලය ගන්න පාස්කු ප්‍රහාරය එල්ල කලේ කරේ නෑ ආණ්ඩුවෙන් ඒක කවුරුත් දන්න සත්‍ය කාදිනල්තුමාගේ මනස්ගාත අන්තවාදී ඉස්ලාම් ජාතිකයන්ගේ ආගමික මතවාදයක්උඩ සිදු වූ විශාල අපරාධයක් පමණයි

  4. Jude perera says:

    Kappam kaka inne dan puluwanne hoyala daduwam denna, pissu yakek

  5. ගෞම් ඊයාරාජ් says:

    මුදල් විශිද්දු කරණ සහ අයථා ගණුදෙනු නඩු තියෙන එකෙක් මුදල් ඇමති කලා , කප්පන් නඩු තියෙන එකෙක් පොලිස් ඇමති කලා . ඔන්න ඔව්වට තමයි සිස්ටම් චේන්ජ් කියන්නේ , අනික ඉතින් පාස්කූ ප්‍රහාරය පිලිබදව කරුණු උබලගෙන් අහලා වැඩක් නෑ , හොරාගේ අම්මගෙන් පේන අහලා වැඩක් නෑනේ. ඒ විමර්ශණයන් පැහැදිලිව නුදුරේදී ස්වාධීනව පැවැත්වේවී , පාස්කූ ප්‍රාහරයට අඩු වැඩි වශයෙන් දායක වෙච්ච හැමොම විදවන්නන ලෑස්තී වෙලා හිටහල්ලා , එච්චරයි !!

  6. dananjaya says:

    සියත පහත් ක්‍රියාවලිෙය්

  7. Iresh says:

    JVP ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර අපේක්ෂක ඊබ්රහිම් ගේ මුල්‍ය දායකත්වයෙන් ඔහුගේ දරුවන් ඇතුළු පිරිස සිදුකල පාස්කු ප්‍රහාරයේ වින්දිතයින්ට සාධාරණය ඉටු කරනු

    • THE PEOPLE says:

      The people unarguably believe the facts that Ester attack was mainly due to the weakening of the national intelligence ,not taking promt action even when foreign intelligence services have informed it and also overlooking some incidents due to the fear that such actions would lose their minority votes.If there are reasonable evidences to show that the President was involved in it ,they should present them to the public. On the other hand, the people also to a some extent ,tend to query whether it was a continuation of their rivalry that existed for centuries, 8 Crusades and Jihads( from 1095 to 1291) and also whether due to recent events like
      civilians killing in Iraq,Lybia, Syria ,Afghanistan etc . due to aeral bombings.

  8. ගොන්ජා says:

    ඔය පාස්කු ප්‍රහාරය නිසා වාසි ගැනීමේ අරමුණු තිබුනා නම් ඒ මෛත්‍රීපාල සිරිසේන විතරයි. බොහෝ දේවල් ගැලපෙන්නේ එතනටයි. බූරු පුතානෝගේ නඩය බලාගෙන හිටියේ උන්ටත් මේකේ වාසි ඇති කියලා. නමුත් උන්ටම කැරකිලා වැදුනා පාරාවලල්ලක් වෙලා. ජේවීපී මිනීමරු කන්ඩායමේ සාමාජික ලැයිස්තුවේ බෝම්බ කාරයෝ සහ උන්ගේ තාත්තා ඉන්නවා නම් ජෙප්පන් රැල මේ පාස්කු ප්‍රහාරයට සම්බන්ධයි. ඒකයි මේ අග මුල හොයන්න බැරි

  9. ගරසරප says:

    අතහැර ගෝටා ඇදහූ ඉස්ලාමීය අන්තවාදී සහරාන්?

  10. Dengu Nona says:

    Sajith Jayasena booruwo ! Le pipaasayenp peluna mini maruwo kawuda kiyalaa mulu ratama Dannawa. Danne neththe umba wage `Sinhala-Bawuddha – Booruwo` witharayi ! Bawuddha Label alawaa gaththata thope athi kisima Bawuddha kamak nehe!