පාස්කු ප්‍රහාරයට හිටපු ජනපති සිරගත කිරීමේ සූදානමක්..

April 7, 2021 at 2:10 pm | lanka C news
පාස්කු ප්‍රහාරයට හිටපු ජනපති සිරගත කිරීමේ සූදානමක්..

පාස්කු ප්‍රහාරයේ මහ මොළකරුවන් පසෙකට දමා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිරගත කිරීමේ උත්සාහයක් තිබෙන බව පැහැදිලිව පෙනී යන්නේ යැයි ගම්පහ ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන සංවිධායක අජිත් බස්නායක මහතා සඳහන් කරයි.

හිටපු ජනාධිපතිවරයා ඉලක්ක කරමින් අගරදගුරු තුමන් විසින් මෑතකදී කළ ප්‍රකාශය කිසිවකුගේ දේශපාලන උවමනාවට කළ ප්‍රකාශයක් බව පෙනෙන බව ද ඔහු සඳහන් කළේ ය.

රට ප්‍රශ්න රැසක් මැද ඇති වෙලාවක ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මැතිවරණයට එන බව ප්‍රකාශ කළ සැණින් අගරදගුරුතුමන් මෙවන් ප්‍රකාශයක් කිරීමෙන් මෙය දේශපාලන කුමන්ත්‍රණයක් ඔස්සේ කළ එකක් යැයි පෙනෙන බව ද ඔහු සඳහන් කළේ ය.

අද රටේ ඇති ආර්ථික ප්‍රශ්න සමාජ ප්‍රශ්න යට ගැසීම සඳහා කිසියම් දේශපාලන හස්තයක් විසින් අගරදගුරුතුමන් හරහා මෙවන් ප්‍රකාශයක් කර වන්නේ දැයි සැකයක් ඇතැයිද ඔහු කියා සිටියේය.

ඒ මහතා මෙම අදහස් පළ කළේ යක්කල දී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

35,687 views

24 Comments to “පාස්කු ප්‍රහාරයට හිටපු ජනපති සිරගත කිරීමේ සූදානමක්..”

  1. Jagath Silva says:

    Let us give freedom to Perarivalan

    • Anton says:

      රාජපක්ෂල බලයේ සිටින තාක් නියම වැරදි කරුවන්ට දඩුවම් දීමක් සිදුවන්නේ නෑ. රාජපක්ෂල සහ මුස්ලිම් ජාතිකයින් අතර ගහට පොත්ත මෙන් සම්බන්දයක් තියෙන්නේ. මේ රටේ ප්‍රභලම මුස්ලිම් ජාතිකව්‍යපාරිකයෝ සියලු දෙනාම රාජපක්ෂල සමග සහජීවනයෙන් වැඩ කරන අය .ඉතින් ඔහුන්ගේ කීමට පිටින් යාමට රාජපක්ෂලාට කිසිම හැකියාවක් නෑ මේක ගොන් බයියන්ට තේරෙන්නේ නෑ.

    • Banda says:

      බලාගෙන යනකොට මේකෙ මහ මොලකාරය මෛත්‍රීනෙ. කාදිනල් මැදිහත් නොවන්ඩ මහ මහ මොලකාරය අල්ලගන්ඩ ලැබෙන්නේ නෑ දැන් තියේන්නේ චන්දෙට නොයෙන්ඩ වැඩ සලස්වන්ඩ. හොද වැඩේ අපේ මහින්ද මහත්තය එක්ක හැප්පෙන්ඩ ආවා .කාදිනල් තුමනි ඔබට පින්.

  2. GAMINI SENANAYAKE says:

    ඇයි, ඕන නැද්ද?

  3. PULATHISI says:

    පාස්කු ප්රිහාරයට අදාල චෝදනා පිළිබඳව ඉතා කඩිනමින් දඬුවම් දිය යුතුුය.
    2. ඊට අමතරව මහින් ද රාජපක්ෂා රජය පෙරලා දමා නව ලිබරල්වාදීන් සමග එක්ව අපේ රට අගාධයට ඇද දමා අපේ රට විනාශ කිරීම පිළිබඳව ඔහුට උපරිම දඬුවම් ලබාදිය යුතුය. එසේම ඔහුගේ පාලන කාලය තුල විවිධාකාර අල්ලස් දූෂණ ක්රිහයාකාරකම් තුලින් හරි හම්බකරගෙන ඇති සියලුම සම්පත් සහ මූල්යල වත්කම් ද රාජසන්තක කරමින් ඒවා දුෂ්කර ගම්මානවල සිටින් දිලිඳු ජනතාවගේ සුභ සිද්ධිය සඳහා යෙදවිය යුතුය.

    • Saman says:

      රාජපක්ශල දේශපාලන යෙන් හම්බකල මුදල් නැවත ලබා ගත්තොත්. මේ රටේ සියලුම ජනතාවට නොමිලේ සුඛෝපබෝගී නිවාස තනාදී අවුරුදු 10 ක් නෝමිලේ කන්ඩ දෙන්ඩ පුලුවන්.

  4. උපාසක says:

    මේක මළ කෙලියක්නේ ආයිබෝවං … මෙහෙම ගියොත් වරදක් කලා කියලා ඔප්පුවෙන එකෙකුටවත් දඩුවමක් දෙන්න ලැබෙන්නේ නෑනේ. උසාවියට අපහාස කලා කියලා ඔප්පු උනාට පස්සේ දඩුවම් දුන්නාම ඒක දේශපාලන පලිගැනීමක්.. බලය අයුතු ලෙස යොදවලා පලිගැනීම් කල උන්ට දඩුවම් දෙන්න යනකොට ඒකත් දේශපාලන පලිගැනීමක් නැතිනම් විරුද්ධ පක්ෂය මර්දනය කිරීමක්. තමන්ගේ වගකීම හරියට ඉෂ්ඨ නොකල මිනිහට දඩුවම් දෙන්න කීවාම ඒක දේශපාලන උවමනාවට කරන දෙයක්. එතකොට චන්දෙ දීපු අපිද මේවට වැරදි කාරයෝ?

  5. පොඩි එකා says:

    රටේ ආරක්ෂක ඇමති… විධායක ඡනාධිපති…. වසර 10 බෝම්බයක් නොපිපිරී තිබුන රටක්… බෝම්බ පුපුරන බවට 99 වතාවත් ඔත්තු දීලා… ගහන්න පැය තුනකට කලිනුත් දැනුම් දීලා… එකෙක්වත් ගණන් ගත්තේ නෑ..දෙතුන් සීයක් නිකරුනේ මැරිලා ගියා… දැන් එතකොට කවුරුවත් වගකිව යුතු නැද්ද..? පල්ලි ගිය මැරිච්ච මිනිස්සුද වැරදිකාරයෝ…?

  6. Dilshan says:

    බෞද්දයන ලෙස අප ගරු කාදිනල් තුමාට දේශපාලනය ආරුඩ kirima ට විරුද්ද වෙමු එතුමාට තම ජනතාවගේ දුක ගැන කම්පාවක් ඇති වීම ස්වාබාවිකයි තොපේ සිරිසේන මේ රටට උදාකළ විපත බෞද්ද අපි හොඳින් දනිමු. සිරිසේන මේ විපත සිදුවන බව හොඳින් දන සිටියා අහිංසක ජනතාවගේ ජිවිත බේරාගැනීමට ඔහුට හොඳ හැටි ඉඩ තිබුන අනිවර්යෙන්ම මොහුට, සිර දඩුවම් දියයුතුයි

    • බ්ල්ලා says:

      සිරිසේන පාස්කු බෝම්බය පුපුරවන බව දැනසිටියා. ඒ වගේම සිරිසේනගේ කිට්ටුවන්තයන් වූ අසාද් සාලි, හිස්බුල්ලා ආදි අන්තවාදීන් බෝම්බ කාරයන් හට උදව් කලා. බෝම්බ පිපිරවීම වළක්වන්න තමන්ට ව්‍යවස්ථාව අනුව ලැබී තිබුන බලතල තමන් පාවිච්චි නොකොට, කිසිම කෙනෙකුට පවරන්නේ නැතිව පුතාගෙ මගුලට ෂොපින් කරන්න ඉන්දියාවේ සහ සිoගප්පුරුවේ පවුලම සාප්පු සවරියේ ගියා. මූ වෛද්‍ය පරීක්ෂණයක් සදහා ගියා කියන්නේ පට්ටපල් බොරු. මූ රට සූරාකමින් වගකීම් සහ යුතුකම් පැහැරහැරීම නිසා නීතියෙන් දඩුවම් දෙන්න ඕං.

  7. D.Nimal says:

    I personally view that ex-President who was in incharge of State security during 2019 April 21 Islam terror attacked having key role of National security of our Republic. Undoubtedly his accountability cannot be exonerated of Terror attacks of his criminal offence by law of land of Island Republic. He (MS of ex-President) deserved punishment by court of Law. That is the sovereignty of law of Judiciary .Offence so seriously address by Attorney General.

  8. D.Nimal says:

    I personally view that ex-President who was in incharge of State security during 2019 April 21 Islam terror attacked having key role of National security of our Republic. Undoubtedly his accountability cannot be exonerated of Terror attacks of his criminal offence by law of land of Island Republic. He (MS of ex-President) deserved punishment by court of Law. That is the sovereignty of law of Judiciary .Offence so seriously address by Attorney General.
    Regardless their position of State of ruling governments as citizens of Sri Lankan we are awaiting to be looking for legal action against MS ?

  9. Banda says:

    බලාගෙන යනකොට මේකෙ මහ මොලකාරය මෛත්‍රීනෙ. කාදිනල් මැදිහත් නොවන්ඩ මහ මොලකාරය අල්ලගන්ඩ ලැබෙන්නේ නෑ . දැන් තියේන්නේ චන්දෙට නොයෙන්ඩ වැඩ සලස්වන්ඩ. හොද වැඩේ අපේ මහින්ද මහත්තය එක්ක හැප්පෙන්ඩ ආවා .කාදිනල් තුමනි ඔබට පින්.

    • Red sea says:

      වහාබ් අන්තවාදයේ මහමොලකරු වහාබ් අන්තවාදයයි. ගලගොඩවත්තේ හිමි ඒක පැහැදිලිවම ප්‍රකාශ කලා. මෙතන ප්‍ර්ශ්නය බෝම්බ පුපුරුවනබව 97 වතාවක් කියන්කනුත් නිදි වැදන් හිටපු හිටන් පරයා වහාබ් මිනිමරුවන් උන්ගේ ප්‍රහාරය සිදුකරන එක වලක්වන්න ව්‍යවස්ථාවෙන් තමුන්ට පවරලා තිබුන බලය පාවිච්චි නොකළ එකයි. අහිංසකයන් මරන්න දීල මගඇරලා ගිය එකයි. හිටන් මිනීමරුවෙක්.

  10. kkuruwita says:

    අජිත් බස්නායක, ජනතාව ගොන්නු නොවෙයි මේ වගේ හිනායන විහිලු පිලිගන්න !!!!!!!

Main News