පාස්කු ප්‍රහාරය ගැන වාර්තා විමර්ශණයට පත් කළ කැබිනට් අනු කමිටු වාර්තාව ජනපති අතට…

April 5, 2021 at 7:58 pm | lanka C news
පාස්කු ප්‍රහාරය ගැන වාර්තා විමර්ශණයට පත් කළ කැබිනට් අනු කමිටු වාර්තාව ජනපති අතට…

පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ වාර්තාව හා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ වාර්තාව අධ්‍යයනය කර ඒ පිළිබඳ ගත යුතු ක්‍රියාමාර්ග නිර්දේශ කිරීමේ අමාත්‍ය මණ්ඩල අනු කමිටුවේ අවසන් වාර්තාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට භාර දෙනු ලැබීය.

කමිටුවේ සභාපති, අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා අද (05) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී වාර්තාව භාර දුන්නේය.

2021 පෙබරවාරි මස 19 වන දින ජනාධිපතිතුමා විසින් කමිටුව පත් කරනු ලැබිණ.

කමිටු වාර්තාව මාර්තු මස 15 වන දිනට පෙර ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණ ද වැඩිදුර විමර්ශණය සඳහා කමිටුව තවත් සති දෙකක කාලයක් ලබා ගත්තේය.

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් වූ වාර්තා දීර්ඝ ලෙස අධ්‍යයනය කළ කමිටුව නිර්දේශ 78ක් හඳුනාගෙන තිබේ. එම නිර්දේශ ක්‍රියාත්මක කරන්නේ කෙසේද, ක්‍රියාත්මක කරන්නේ කුමන ආයතන ද යන්න වාර්තාවට ඇතුළත් කර ඇත.

නීතිමය කාරණා පිළිබඳ නිර්දේශ ජනාධිපතිතුමා විසින් මීට පෙර නීතිපතිතුමා වෙත යොමු කරනු ලැබීය.

කමිටුවේ සෙසු සාමාජිකයන් වන අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු, රමේෂ් පතිරණ, ප්‍රසන්න රණතුංග, රෝහිත අබේගුණවර්ධන සහ කමිටුවේ ලේකම් ජනාධිපති කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල් (නීති) හරිගුප්ත රෝහණධීර යන මහත්වරු වාර්තාව භාරදීමේ අවස්ථාවට එක්ව සිටියහ.

– ජනාධිපති මාධ්‍ය අංශය

10,432 views

6 Comments to “පාස්කු ප්‍රහාරය ගැන වාර්තා විමර්ශණයට පත් කළ කැබිනට් අනු කමිටු වාර්තාව ජනපති අතට…”

  1. බයියට මොළයක් ජාතික ව්‍යාපාරය says:

    දැන් මේ වාර්තාව අනුව සිරිසේන රනිල් බදුර්දීන් සාලි ඇතුලු දේශපාලන නායකයන්ට දඩුවම් කරන තුරු බලා සිටින බයියන්ට මොළයක් ලැබේවා

    • ශිරාන් says:

      කමිටුවේ සෙසු සාමාජිකයන් වන අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු, ප්‍රසන්න රණතුංග, රෝහිත අබේගුණවර්ධන

      අම්මේ ඉතිං. බයි ආතල් නම් සුපිරී

  2. Ayotallah says:

    The members of this committee are first class fools and wonder how can they write a report in English. The members are a chain snatcher, CWE Robber, and the only academic is Prof Mendis Rohanadheeras son Harigupta.Their recommendations will become the joke of the history

  3. Ranjith Gunawaradana says:

    To address that remedies occur in 2019 April 21st Islam terrorist attacked had been killed over 290 citizens of Sri Lanka. In my view chief culprit was UNP leadership including that UNP’s leadership of Dr Ranil W…..Sajith P…..of other Muslim politician of leaders are key plyers of that attacked.which was their known attacked. That was many reason there were prevented avoided by intentionally. It has foreign backing including many intelligence services of West and south Asian countries. We urage take action sooner the batter.

  4. පූට්‍ටුවේ දේශප්‍රේමී says:

    අනුව කුමාර පාපාර්ලිමේන්තුවේදී හෙලිදරව් කරපු කට්ටියගේ විස්තරත් ඕකේ තියෙයි.

  5. NuwanJ says:

    මේ කමිටුවවට පවරල තියෙන්නේ නිතියෙන් වැරදි කරුවන්ට දඩුවම් දීම සොයා බැලීමට නොවේග
    මෙවැනි දේ යලි සිදු නොවීමට සමාජ දේශපාලන කුමය තුල කළයුතු වෙනස්කම් නීති සහ සංවිධානතුළ කළයුතු වෙනස්කම් හදුනා ගැනීමටයි.

Main News