පාස්කු ප්‍රහාරය දිනම කොළඹ ඩොක්යාඩ් සමාගමේ ඩොලර් මිලියන 50 ක ඇනවුම් නතර වෙලා…

December 25, 2019 at 12:40 pm | lanka C news
පාස්කු ප්‍රහාරය දිනම කොළඹ ඩොක්යාඩ් සමාගමේ ඩොලර් මිලියන 50 ක ඇනවුම් නතර වෙලා…

පාස්කු ප්‍රහාරයෙන් ජීවිත විතරක් නෙවෙයි , ආර්ථික වශයෙනුත් විශාල විනාශයක් වුණා. ප්‍රධාන වශයෙන් පැවති රජය මේ විනාශයට වගකියන්න ඕනි. නිසි වෙලාවෙදි නිසි තීන්දුව ගන්නෙ නැතිව මුළු ජාතික ආරක්ෂාව ම විහිලුවට ලක්කරලා මේ කරල තියෙන විනාශයට ඔවුන් වගකියන්න ඕනි. අද මෙතැනට ආවාම දැනගන්න ලැබුණා කොළඹ නැව් තටාකාංගන පුද්ගලික සමාගමට (Colombo dokyard PLC) විතරක් ජාත්‍යන්තර වශයෙන් ලැබුණ ඇ.ඩො. මිලියන 50 ක ඇනවුම් පාස්කු ප්‍රහාරය සිද්ධ වුණ වෙලාවෙම කැන්සල් වෙලා තියෙනව. මේක තමයි ආර්ථික කඩාවැටීම.

එකක් අවුරුදු හතරක් තිස්සේ ඔවුන්ගේ තිබුණ අදක්ෂ පාලනය හා හොරකම. මහා බැංකු හොරකම නිසා විශාල හානියක් වුණා. ඊළගට මනා දක්ෂ ආර්ථික පරිපාලනයක් නොමැතිකමින් රටේ ආර්ථිකය වැටීගෙන ආවා. සහරාන්ගෙ ප්‍රහාරයෙන් තව මාස පහ හයකින් කඩාවැටෙන්න තිබුණ ආර්ථිකය එවෙලේම කඩා වැටුණා.

ප්‍රේමදාස ජනාධිපති තුමා මේ සමාගම 1993 මාර්තු 10 වෙනිදා පෞද්ගලිකකරණය කෙරුවත්, අපි සතුටු වෙනවා ජාත්‍යන්තර වශයෙන් එන ඇනවුම් හා මොවුන්ගේ දක්ෂ කම් ගැන. හැබැයි අපි කණගාටු වෙනවා එක පැත්තකින් පසුගිය රජය මේ කරපු මහා විනාශය ගැන. අපේ රට අවුරුදු පහක් හයක් නෙවෙයි අවුරුදු 25ක් 30 ක් ආපස්සට ගෙනිහිල්ලා තියෙනව කියල තමයි අපට පේන්නෙ. ඔවුන් කරපු හොරකම්, දූෂණය කියල නිම කරන්න බෑ. ඒක තමයි ඇත්ත. ඔවුන් රාජපක්ෂ ජනාධිපති තුමාට හා පවුලේ අයට පහර දෙමින් කෙරුවෙ හොරකම හා මුදල් වංචාව. රාජපක්ෂ ජනාධිපති තුමා හා ඒ පවුලේ අයව ආවරණයක් හැටියට පාවිච්චි කරලා මේ රටේ ජනතාවගේ ධනයෙන් පහුගිය රජයේ උදවිය මහා දැවැන්ත හොරකමක් කරල තියෙනවයැයි වරාය නාවික කටයුතු , මාර්ග හා මහාමාර්ග සංවර්ධන අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පැවසීය.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත නව නියමු යාත්‍රා ( Pilot Boats ) 02 ක් කොළඹ වරායට එක් කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

එක් යාත්‍රාවක් දිගින් මීටර් 12ක් වන අතර පළලින් මීටර් 5.5 කි. පැයට නාවික සැතපුම් 22ක වේගයෙන් යාත්‍රා කළ හැකි මෙම අධිවේගී නවීන යාත්‍රා 02 කොළඹ නැව් තටාකාංගන පුද්ගලික සමාගම විසින් නිෂ්පාදනය කරන ලද අතර පයිලට් 16 (Pilot 16) හා පයිලට් 17 ( Pilot 17) ලෙස ඒවා නම්කර තිබේ. මෙම යාත්‍රා දෙකත් සමග ශ්‍රී ලංකා වරාය අධිකාරිය මගින් නාවුක සේවා සදහා යෙදවෙන ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත සමස්ත නියමු යාත්‍රා සංඛ්‍යාව 08 ක් බවට පත්වේ.

මේ සමග කොළඹ වරායට පැමිණෙන නෞකා සදහා විශ්වසනීය , කාර්‍යක්ෂම හා කඩිනම් නාවුක සේවා සම්පාදනයට ශ්‍රී ලංකා වරාය අධිකාරිය සතු හැකියාව තවදුරටත් වර්ධනය වනු ඇත. යාත්‍රා දෙකෙහි වටිනාකම ඇ.ඩො මිලියන 3.12 කි.

කොළඹ වරාය පරිශ්‍රයේ පැවති මෙම අවස්ථාවට වරාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය කනක හේරත්, වරාය හා නාවික අමාත්‍යාංශයේ ලේකම් එම්.එම්.පී.කේ මායාදුන්නෙ, ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති ලුතිනන් ජෙනරාල් දයා රත්නායක, කළමනාකාර අධ්‍යක්ෂ කපිතාන් අතුල හේවාපතිරණ, කොළඹ නැව් තටාකාංගන පුද්ගලික සමාගමේ සභාපති එච්. ටනකා , එහි ප්‍රධාන විධායක නිලධාරී ඩී.වී අබේසිංහ යන මහත්වරු ඇතුළු පිරිසක් සහභාගි වූහ.

– media unit

137 views

3 Comments to “පාස්කු ප්‍රහාරය දිනම කොළඹ ඩොක්යාඩ් සමාගමේ ඩොලර් මිලියන 50 ක ඇනවුම් නතර වෙලා…”

  1. n.s fasions kurunegala says:

    meke hitiya ranil wije,,,, kiyala unp karayaek – oka kewe miniha

  2. john the baptice says:

    රට විනාස කල මේ හැත්තට ඔබේ වටිනා චන්දය එන මැතිවරණයේදී නොදෙන්න

  3. Kakiyana Lea says:

    UNP unuth haraa kaawa.Iita issella oyaalath kalee hoda weda nemeine.Danwath baila nogaha mahamathiwarane wenakamwath hariyata wedak karanna.Kohomath iita passe oayalata sorry.com thamai.

Main News