පාස්කු ප‍්‍රහාරකයන්ට තඹ තොග ලබා දීම ගැන බදියුදීන්ගෙන් ප‍්‍රශ්ණ කරයි.. දින 90ක් අතුලේ..

April 27, 2021 at 12:00 pm | lanka C news
පාස්කු ප‍්‍රහාරකයන්ට තඹ තොග ලබා දීම ගැන බදියුදීන්ගෙන් ප‍්‍රශ්ණ කරයි.. දින 90ක් අතුලේ..

පාස්කු ප‍්‍රහාරයේදී මරාගෙන මැරෙන ප‍්‍රහාරයක් එල්ල කළ මොහොමඞ් ඉල්හාම් නමැති ව්‍යාපාරිකයාට අයත් වැල්ලම්පිටියේ තඹ කර්මාන්ත ශාලාවට නීත්‍යනුකූල නොවන ආකාරයට රුපියල් කෝටි ගණනක් වටිනා අබලි තඹ තොග ලබාදුන් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව පාර්ලිමේන්තු මන්තී‍්‍ර රිෂාඞ් බදුර්දීන් මහතාගෙන් දීර්ඝ ලෙස ප‍්‍රශ්න කිරීම් ආරම්භ කර ඇත.

රිෂාඞ් බදුර්දීන් සහ සොහොයුරා දින 90ක කාලයක් රඳවා තබාගැනීමේ නියෝග ලබාගෙන ඇති අතර පාස්කු ප‍්‍රහාරයට සම්බන්ධ ත‍්‍රස්තවාදීන් සමග පැවැත්වූ සම්බන්ධතා පිළිබඳව ඔවුන්ගෙන් වෙන වෙනම ප‍්‍රශ්න කිරීමට නියමිත බවද පොලිස් ආරංචි මාර්ග පවසයි.

පාස්කු ප‍්‍රහාරයේදී මොහොමඞ් ඉල්හාම් නමැත්තා මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාරයක් එල්ලකර සියදිවි හානිකර ගෙන තිබිණි. මොහොමඞ් ඉල්හාම් සහ ඔහුගේ පියා වන ඊබ‍්‍රාහිම් නමැත්තා මන්තී‍්‍ර රිෂාඞ් බදුර්දීන්ගේ සමීප මිතුරන් බව විමර්ශනවලින් හෙළිවී ඇත.

මොහොමඞ් ඉල්හාම්ට අයත් තඹ කර්මාන්ත ශාලාවක් වැල්ලම්පිටියේ පිහිටා තිබූ අතර ඊට විශාල වශයෙන් අබලි තඹ ලබාගෙන ඇත්තේ රජයේ ආයතනවලින්ය.

එම තඹ තොග වැඩි ප‍්‍රමාණයක් නීත්‍යනුකූල නොවන ආකාරයට ලබාදීමට කටයුතු කර ඇත්තේ එවකට රජයේ ඇමැතිවරයකු වූ රිෂාඞ් බදුර්දීන් විසින් බව විමර්ශනවලින් හෙළිවී ඇත.

මෙම අයතා ක‍්‍රමවලට තඹ තොග ලබාදීම හරහා ත‍්‍රස්ථවාදීන්ට මුදල් උපයා ගැනීමට අවශ්‍ය ඉඩ ලබාදුන්නේද යන්න පිළිබඳව රිෂාඞ් බදුර්දීන්ගෙන් දීර්ඝ ලෙස ප‍්‍රශ්න කරගෙන යන බව පොලිස් ආරංචි මාර්ග කීය.

නෝමන් පළිහවඩන, හේමන්ත රන්දුණු
– divaina

26,518 views

10 Comments to “පාස්කු ප‍්‍රහාරකයන්ට තඹ තොග ලබා දීම ගැන බදියුදීන්ගෙන් ප‍්‍රශ්ණ කරයි.. දින 90ක් අතුලේ..”

  1. GU-VP SAKKILI NGO API says:

    Menna Ahinsakayanta karadara karawooooooooooooooooooooooooooooooooo

  2. GAMINI SENANAYAKE says:

    තඹ නිකුත් කරන්ඩ කියලා, ලියුමකින් මෝටර් එක දීපු මිනිහගෙන් අහන්නේ නැද්ද?

    • NGO PVT LTD-GU-VP PUNCHI AMMA says:

      GAMINI SENANAYAKE malliye, UNP + JVP වහපාලුවන්ගෙ වැඩ.
      තව පොඩ්ඩෙන් ඊබ්‍රාහිම් මුදලාලි JVP ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට එනවා.
      Awanam oyatath sarui neda

  3. Kanday says:

    What took them so long to question Bathiudeen about the copper situation????

    Should have been done two years ago!!!!

  4. Lapa Kumaraya says:

    Ahinsaka minissu wahama nidahas karanu!

  5. Dilshan says:

    Important ***
    Rishad Badudeen used to call up government officers and shout at them on top of his throat if the officers do not comply with his illegal requests. He will threaten to fire the officers if they don’t follow his orders.
    He also traveled to Quatar, Saudi, Dubai, Bahrain, Quwaite at least fifty times a year with government money. He brought fundamentalist Arab business men to Sri Lanka and got them to invest on halal related businesses

    • මාක්ස්වාදී ජෙප්පා says:

      UNP + JVP වහපාලුවන්ගෙ වැඩ.
      තව පොඩ්ඩෙන් ඊබ්‍රාහිම් මුදලාලි JVP ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට එනවා.

  6. සමන් says:

    මෙතන කියවෙනව නීත්‍යානුකූල නොවන ආකාරයට රුපියල් කෝටි ගණනක් වටිනා අබලි තඔ ලබාදුන්න කියල. ඒකට කිසිම නඩුවක් නැද්ද? ඒකට කමක් නැද්ද? ත්‍රස්ථවාදීන්ට සම්බන්ධද නැද්ද කියල විතරද බලන්නෙ? මේකටත් කියාවිද දන්නෑ අබලි තඔ දීපු ටික වෙනුවට අබලි තඔ ගෙනත් දෙන්න කියල.

  7. Banda says:

    Thaba vikanapu eka neme, pasku bomba Maha molakaru kawda kiyalana ekai vadagath.

Main News