පාස්කු ප‍්‍රහාරයට මෛත්‍රී වගකිවයුතුයි… ඔහුට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගත යුතුයි.. තුනෙන් දෙක ඔ්න නෑ….

November 26, 2021 at 12:40 pm | lanka C news
පාස්කු ප‍්‍රහාරයට මෛත්‍රී වගකිවයුතුයි… ඔහුට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගත යුතුයි.. තුනෙන් දෙක ඔ්න නෑ….

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාස්කු ප්‍රහාරයට සම්පූර්ණයෙන්ම වගකිවයුතු බැවින් ඔහුට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගත යුතුයි  යන්න තමාගේ ස්ථාවරය බව  සංචාරක හා ගුවන් සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

ගම්පහ දිස්ත්‍රික්කයේ ජනතාවට ජල පහසුකම් ලබාදීම වැඩි දියුණු කිරීම සඳහා යක්කල වීදියවත්ත  ප්‍රදේශයේ ජල කුළුණක් ඉදි කිරීම  සඳහා මුල්ගල තැබීම අද (26 )පෙරවරුවේ සිදු කෙරුණ අතර එම  උත්සව සභාවෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා.

මම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් එක්ක තරහ කෙනෙක් නෙවෙයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තමයි අපේ ආරම්භය. ඒ නිසා ශ්‍රී  ලංකා නිදහස් පක්ෂයට ඒ ගෞරවය දෙනවා. නමුත් පසුගිය කාලයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මෙහෙයවපු පුද්ගලයන් පිළිබඳව අපට ගැටලුවක් තියෙනවා. ඒ නිසා තමයි පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේදී මම කිව්වේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ගෑවිච්ච එකෙකුට ඡන්දෙ දෙන්න එපා කියලා. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පක්ෂය විනාශ කලා.ඒගොල්ලො අද මේ ආණ්ඩුවත් විනාශ කරන්න හදන්නේ. පාස්කු ප්‍රහාරයට හිටපු ජනාධිපතිවරයා සම්පූර්ණයෙන්ම වග කියන්න ඕනේ. හැමදාම එතුමාට විරුද්ධව ක්‍රියාත්මක වෙන්න ඕනේ කියන තැන ඉඳගෙන මම කතා කරනවා. පසුගිය කාලයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරු එළියෙ කතා කරන දේවල් අපි අහගෙන හිටියා. හැමදාම කටවහගෙන ඉන්න බැහැ.  ඒ කියන දේවල් වලට උත්තර දෙනකොට සමහර අයට රිදෙනවා. එහෙම රිදෙන කොට ඒගොල්ලො කියන දේවල් වලට වඩා ගොඩක් දේවල් අපිට කියන්න වෙයි.

මම හැමදාම මගේ මතය කියපු කෙනෙක්.  ආණ්ඩුව හැටියට ශක්තිමත්ව ඉදිරියට යන්න නම් සෘජු තීරණ වලට යන්න ඕනේ. ආණ්ඩුව ඇතුළේ කවුරුහරි ඉන්න බැරි කෙනෙක් ඉන්නවනම් ඇතුලේ ඉඳගෙන සියලු වරප්‍රසාද අරගෙන බොරුවට කෑ ගහන්නේ නැතුව එලියට යන්න පුළුවන්.එහෙම නැත්නම් ආණ්ඩුවත් එක්ක සාමූහික වගකීම ආරක්ෂා කරගෙන කටයුතු කරන්න ඕනේ.

ආණ්ඩුවක් ගෙනියන්න තුනෙන් දෙකේ බලයක් අවශ්‍ය නැහැ. චන්ද්‍රිකා මැතිනිය ආණ්ඩුවක් ගෙනිච්චා එක මන්ත්‍රී කෙනෙක්ගෙන්. යන අය ඔක්කොම එළියට ගියත් අපිට ආණ්ඩුව ගෙනියන්න පුළුවන්.

– ප්‍රදීප් අනුර කුමාර

28,199 views

18 Comments to “පාස්කු ප‍්‍රහාරයට මෛත්‍රී වගකිවයුතුයි… ඔහුට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගත යුතුයි.. තුනෙන් දෙක ඔ්න නෑ….”

  1. LalithM says:

    බඩ තරමට මොලේ නෑ කියල මෙයා දන්නේ නෑ. රජා හොම්බෙන් ගිහින් තග දානවා.මුන් එයාව පුම්බනවා.

  2. Pronto says:

    He is a big talker. 100% boasting!

  3. On The Spot says:

    මොහුටත් ස්වභාවයෙන් ලද කඳ බඩ තරමට මොළයත් තිබුනා නම් කොතරම අපූරුද​?මෛත්‍රී හෝ වෙනයම් පුද්ගලයකු වැරදි නම් අල්ලා දඬු කදේ නොගසා උදේ හවා අඳෝනා දෙමින් තම නොහැකියාව ප්‍රදර්ශණය කරනා මෙවන් වෘෂභ රාජයින් සමස්ථ වෘෂභ සංහතියටද නිඟාවකි.එළැඹෙන මහ මැතිවරණයේදීත් මේ වෘෂභයින් මේ මන්තරයම මතුරනු ඇත​.අපේ දෙකෝටියක් වූ වෘෂභ පෝතකයින් මුන්ගේ බහට රැවටෙනු ඇත​.නැවතත් බත් කන වෘෂභයින්‍ රජ කරවන්නට නිරාහාරව ඉන්නා වෘෂභ පෝතකයින් පෙල ගැසෙනු ඇත​.සියල්ල නොමිලේ දෙන්නට කැස කවන බොත්තමක් ඔබා වැඩ කිඩ පෙන්වන අලන්තර කයිප ප්ලැකුනිලයින්ද,ආටක ,නාටක, සාටක හොල්මන්කරුවෝද​,රතු, කහ, නිල් කසකරුවෝද​,සියල්ල උඩු යටිකුරු කරනවා කියා කටමැත දොඩවන නාගයෝද​,කල්පයක් ගියත් විකල්පයක් නැති විකල්පවාදියෝද පුන්නක්කු හා තණකොළද රැගෙන වේදිකා ගත වනු ඇත​.නැවතත් වෘෂභ පෝතකයෝ ගින්නට පැන නැසෙනා පළඟැටියන් සේ දුර නොබලා ළඟම බලා වල්මත් වනු ඇත​.

  4. අක්බාර් ලොක්කා says:

    ප්‍රසන්නගේ කේන්දරේ බලලා සාත්තර කාරයෙක් කියලා ඊලඟ ජනාධිපති වෙන්න පුළුවන් කියලා .ඒක නිසා ඉක්මනින් මේ ආණ්ඩුව ගෙදර යවා ජනාධිපති වීමේ සිහිනයෙන් මිනිහා අන්ධ වෙලා

Leave a Comment

Main News