පාස්කු ප‍්‍රහාරයේ චූදිතයන්ට නඩු නොදැම්මොත් අපි අත දානවා…- කතෝලික සභාව යයි..

September 30, 2021 at 2:10 pm | lanka C news
පාස්කු ප‍්‍රහාරයේ චූදිතයන්ට නඩු නොදැම්මොත් අපි අත දානවා…- කතෝලික සභාව යයි..

පාස්කු ඉරිදා දිනයේ මෙරටට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයේ වගකිවයුත්තන්ට එරෙහිව නඩු පැවරීමට කටයුතු නොකළහොත් කතෝලික සභාව ලෙස නඩු පැවරීමට හැකි දැයි සොයා බලමින් සිටින බව කතෝලික සභාවේ මාධ්‍ය ප්‍රකාශක සිරිල් ගාමිණී පියතුමන් සඳහන් කරති.

මෙම ප්‍රහාරයේ වගකිව යුත්තන් සොයා ගැනීමට කතෝලික සභාව ගෙන යන අරගලය මුළු මහත් රට වෙනුවෙන් කරන දෙයක් බවත් කොපමණ කල් ගත වුවත් කොපමණ මිලක් ගෙවන්නට වුවත් එය අරගලය අත් නොහරින බවද එතුමන් කියා සිටියහ.

මෙම අරගලයේ දී ප්‍රජාතන්ත්‍රවාදී සාමකාමී හා විද්‍යානුකූලව කටයුතු කරන බව ද එතුමන් කියා සිටියේ කොළඹ අගරදගුරු මැදුරේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

නීතිපතිවරයා මේ සම්බන්ධයෙන් නඩු පවරන නැතිනම් කොමිසන් සභා වාර්තාව සහ පාර්ලිමේන්තු විවාදයේ හැන්සාඩ් වාර්තාවල ඇති කරුණු අනුව කතෝලික සභාව ලෙස නඩු පැවරිය හැකි දැයි නීති විශාරදයන් සමඟ සාකච්ඡා කරමින් සිටින බව ද එතුමන් තවදුරටත් එහිදී කියා සිටියහ.

26,354 views

23 Comments to “පාස්කු ප‍්‍රහාරයේ චූදිතයන්ට නඩු නොදැම්මොත් අපි අත දානවා…- කතෝලික සභාව යයි..”

  1. අවසානයේ පාදිලිවරුද පූර්නකාලීන දේශපාලකයන් වූහ. කතෝලිකයන්ට දහම් දෙසන්නට කවුරුත් ඉතිරි හොවූහ.

  2. සිංහල බන්ඩා says:

    පොලීසියකරන්නේ පැමිනිලි පරීක්ෂනය්. නඩු දමනවාද නැද්ද තීරණය කරන්නේ AG. කොමිසමටත් AG ගෙ වැඩේ කරන්න බැහැ.

  3. සිංහල බන්ඩා says:

    පොලීසියකරන්නේ පැමිනිලි පරීක්ෂනය්. නඩු දමනවාද නැද්ද තීරණය කරන්නේ AG. කොමිසමටත් AG ගෙ වැඩේ කරන්න බැහැ. කාදිනල්ට තමති කෙනෙතුට විරැද්ධව පුද්ගලික නඩුවක් දා ගන්න පුලුවන්.

  4. මහනුවර අක්‍රම් says:

    මේක හොඳ වැඩක්….. එතකොට උන්නාන්සෙලාටම තේරුම් ගන්න පුළුවන් මයික් ඉස්සරහ කියෝනවට වඩා, කරන්න ගියහම වැඩේ කොච්චර බරපතලද කියලා…… JVP මල්ලිලානම් ඕක තේරුම් අරන් ගොඩක් කල්……..

  5. damian says:

    දෙවියන් වහන්සේ ට කිව්වනම් ලෝයර් ගස්තුත් ඉතුරුයි.

  6. MD says:

    අසව් අසව් කාදිනල් අගරදගුරු නිවාස අඩස්සියේ තබා සිරිල් තුමා NGO කුට්ටියක් අරගෙන කරළියට පැමිණි වගයි.අසව් අසව්

  7. අ-රෙන කුමාර says:

    මේක නම් දැන් කං කරච්චලයක්.මැරුණ අය හා අනතුරට පත් වූ අය ගැන කණ ගාටුයි. ඒත් මේ පල්ලිවලට වෙන දෙයක් ඇත්තෙම නෑ. පළි ගැණීම, වෛරය හා ක්‍රෝධය.

  8. සිරිසේන 2 says:

    පල්ලිය වහාම පාස්කු මහ මොලකරැ නම් කල යුතුය්.

  9. සිරිසේන 2 says:

    පල්ලිය බොරැවට කියවන්නෙ නැතුව වහාම පාස්කු මහ මොලකරැ නම් කර නඩු දැමිය යුතුය්.

Main News