පාස්කු ප‍්‍රහාරය ගැන රට කළඹන විශ්මිත හෙලිදරවුවකට පුජිත-හේමසිරි සූදානම්…

February 8, 2020 at 2:10 pm | lanka C news
පාස්කු ප‍්‍රහාරය ගැන රට කළඹන විශ්මිත හෙලිදරවුවකට පුජිත-හේමසිරි සූදානම්…

තුන්සියයකට ආසන්න පිරිසකට මරු කැඳවූ පාස්කු බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් මෙතෙක් හෙළිදරව් නොවූ ආන්දෝලනාත්මක තොරතුරු ලිඛිත සාක්ෂිද සමඟ අධිකරණයට සහ ජනාධිපති කොමිසමට ඉදිරිපත් කිරීමට හිටපු ආරක්ෂක ලේකම්වරයා සහ හිටපු පොලිස්පතිවරයා තීන්දුකර ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග කියයි.

මෙම ප්‍රහාරය සම්බන්ධ මෙතෙක් පළවූ බොහෝ අසත්‍ය තොරතුරු නිවැරදි කිරීමටත් මේ සඳහා ඍජුව වගකිවයුත්තේ කවුද යන්න තහවුරු කිරීම පිණිසත් ඔවුන් මෙලෙස සාක්ෂි ලබාදීමට නියමිත බව කියැවේ. ප්‍රථමයෙන්ම ඔවුන් සාක්ෂි දීමට නියමිතව ඇත්තේ පාස්කු ප්‍රහාරය සම්බන්ධව කරුණු විමසන ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවේය. තවත් දෙසතියක් තුළ හිටපු ආරක්ෂක ලේකම්වරයා සහ හිටපු පොලිස්පතිවරයා ඊට කැඳවීමට නියමිත බව වාර්තාවෙයි.

ඉන් අනතුරුව ඔවුනට එරෙහිව අධි චෝදනා යටතේ කොළඹ මහාධිකරණයේ පවරා ඇති නඩුව කැඳවීමට නියම වී ඇත. කලින් මෙම විත්තිකරුවන් දෙදෙනා තමන් ජනාධිපති කොමිසම හා අධිකරණය හමුවේ කරනු ලබන ප්‍රකාශ රහසිගතව සිදුකිරීමට කලින් සැලසුම්කර තිබුණද දැන් එම සාක්ෂි විවෘත උසාවියේදී ජනතාවගේද දැනගැනීම පිණිස ඉදිරිපත් කිරීමට තීන්දු කර ඇතැයි නීති අංශ ආරංචි මාර්ග ප්‍රකාශ කරයි.

පාස්කු ප්‍රහාරයට වගකිවයුත්තන් ලෙස සලකා හිටපු පොලිස්පති හා ආරක්ෂක ලේකම් පසුගිය මාස 4ක පමණ කාලයක් රිමාන්ඩ් බන්ධනාගාර ගතකරනු ලැබ සිටියහ.

– deshaya

38,120 Viewers

11 Comments to “පාස්කු ප‍්‍රහාරය ගැන රට කළඹන විශ්මිත හෙලිදරවුවකට පුජිත-හේමසිරි සූදානම්…”

  1. Eiffel says:

    යහපාලන නරි දෙන්නා මිස කවුරුනම් වග කිව යුතුද ඕකට ?

    • Dilshan says:

      This is a ploy of UNP to get their name clear and put the whole responsibility on Sirisena. It’s not just Sirisena both UNP and Sirisena to be blamed for Easter Sunday attacks.Sirisena wanted to get UNP and UNP wanted to put a blame on Sirisena so both parties put a blind eye to intelligence report though some UNP ministers like Harin Fernando, Sujiwa senasinghe, Sajith Premadasa, Ranil Wickramasinghe, Ranjan Ramanayaka etc knew it’s coming and PEOPLE DIED IN VAIN

  2. Saradiel says:

    සත්තිය ජය ගනී

  3. ඩපයා says:

    සිරිසේන සිරිසේන කෝ මේ සිරිසේන? කෙලවෙන්න කලින් තොලොන්චි වෙලා පලයන් සිරිසේන..

  4. Kanishta says:

    Bra-Sira is over. He will have to hang him self

  5. MD says:

    RANILTA SUDU HUNU GALA DEI DONKILA DENNA.

  6. Dp says:

    කලින් අසත්‍ය තොරතුරු ලබා දෙනවා .දැන් ඒවා සත්‍ය කරනවා .මුන් උසස් කියන නිලදාරීන්ද?? කොමිසම් නොමග යවන රටම නොමග යවන මේ වගේ අපතයින් එල්ලුම් ගසට යැවිය යුතුයි .

  7. Ranji says:

    Buddhi thorathuru labunama ewa janadhipathigen anaumatha weanathuru aararkshaka lekamta ho police pathiwarayata ewa gana kisidu piyawarak gatha nohakida.Ehema nam aarakshaka lekamwarayek saha police pathiwarayek ratata awashya kumakatada, ae rajakariyath Janadhipathithumatama kala hakiyine!

  8. අනිවා මෙහි නියම වැරදිකරු, ත්‍රස්තවාදීන් ,අන්තවාදීන් තම හිස් මුදුනේ තබාගෙන ,දැන් රන්ජගේ හදපටවලින්ද සනාථවන, රටේ මර්මස්ථාන වන විදායකය,
    ව්‍යවස්ථාදායකය,අධිකරණය හා ත්‍රිවිද හමුදා සහ බුද්ධි අංශයන් සුනු විසුනු කොටදමමින් ,රට මත ද්‍රව්‍ය, සමනළ පතල පාරාදීසයක් කරමින් රට ක්‍රමානුකුලව
    අමුසොහොනක් බවට පත් කරමින් සිටි හිටපු අගමැති ප්‍රමුක යමපලන ආණ්ඩුවය.
    නරි කපටියෙකුට වෂී වූ මෝඩ ගම රාළට ඇස ඇරුණේ තමා ගාතනය වන උගුලක් ඇටවී ඇති බව පසක් වූ කලය.
    එතැන් සිට ගමරාලගේ ඒකායන අරමුණ වුයේ රට පාලනය පසෙක තබා ,එහි ආරක්ෂාවද උකසට තබමින් තමා ගතනයට සැලසුම් කලවුන්ගෙන් හැකි සෑම
    ආකාරයකින්ම පලිගැනීමය.
    ගමරාළ පාස්කු බෝම්බයට වගකිවයුත්තෙකු වන්නේ මෙම අවුල් මානසික තත්වයෙන් තම වගකීම් පහර හැර විරුද්දවදීන්,ගාතන සැලසුම් කරුවන්ගෙන් පලිගන්නෙකු පමණක් වූ අංශයෙන් ය.

Main News