පාස්කු ප‍්‍රහාරය වැනි අන්තවාදී ප‍්‍රහාර එල්ල කිරිමේ අනතුරක්..- ජනපතිට ලිඛිතව දැනුම් දෙයි..

September 9, 2021 at 10:40 am | lanka C news
පාස්කු ප‍්‍රහාරය වැනි අන්තවාදී ප‍්‍රහාර එල්ල කිරිමේ අනතුරක්..- ජනපතිට ලිඛිතව දැනුම් දෙයි..

ඉතා කුඩා ආරක්ෂක හිඩැස් තුලින් රිංගා පාස්කු ප්‍රහාරය වැනි අන්තවාදී ප්‍රහාර එල්ල කිරීමට සැලසුම් දියත් කිරීමේ අනතුරක් රට හමුවේ ඇතැයි බොදුබලසේනා සංවිධානය සඳහන් කරයි.

එහි මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත මේ බව දැනුම් දී තිබේ.

ජනාධිපතිවරයා වෙත උන්වහන්සේ විසින් මේ බව දැනුම් දෙමින් යොමු කර ඇති ලිපිය මෙසේය.

ගරු ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා,
ජනාධිපති කාර්යාලය,
කොළඹ.

2021 සැප්තැම්බර් 9

ජාතික ආරක්ෂාව දුර්වල කිරීමට සිදුකෙරෙන කුමන්ත්‍රණ සහ අන්තවාදී බලපෑම සම්බන්ධවයි.

ජනාධිපති තුමනි,

පසුගිය වසර 5ක “යහපාලන රජය” සමයේදී බුද්ධි අංශ ඇතුළු ආරක්ෂක අංශ අකර්මන්‍ය කිරීම හේතුවෙන් සහරාන් ප්‍රමුඛ ඉස්ලාම් අන්තවාදී කණ්ඩායම්වලට පාස්කු ප්‍රහාරය එල්ල කිරීම සඳහා අවශ්‍ය වාතාවරණය රට තුල නිර්මාණය වූ බව අපි දනිමු. එබැවින් යලිත් එවන් ප්‍රහාරයක් රට තුල සිද්ධ නොවීම සඳහා බුද්ධි අංශ ඇතුළු ආරක්ෂක අංශ ඉතා සවිමත්ව තබාගැනීමේ අවශ්‍යතාවය බොදු බල සේනා සංවිධානය ලෙස අප අවධාරණය කර සිටිමු. බුද්ධි අංශ රණවිරුවන් වෙනුවෙන් පෙනී සිටීම හේතුවෙන් මා හට සිරබත් වැළඳීමට පවා අතීතයේ දී සිදුවුව ද තවදුරටත් කොන්දේසි විරහිතව ඒ වෙනුවෙන් පෙනී සිටිමි.

පසුගිය කාලයේ කොරෝනා වසංගතය පවතින අවස්ථාව තුල ද ගෝලීය දේශපාලන ක්‍රියාවලියක් අපගේ මාතෘ භූමියට අතපෙවීමට ගන්නා උත්සහයක් නිරීක්ෂණය විය. රට ස්ථාවර රාජ්‍යයක් ලෙස පවත්වාගෙන යාම අස්ථාවර කිරීම සඳහා විවිධ ස්වරූපයේ ක්‍රියාකාරකම් එකම අරමුණකින් ක්‍රියාත්මක වෙන ආකාරයක් සියුම්ව බැලීමේදී නිරීක්ෂණය විය.

චීනය සහ ශ්‍රී ලංකා රජය ඉතා මිත්‍රශීලි ප්‍රතිපත්තියක සිට ක්‍රියාත්මක වීම හේතුවෙන් ගෝලීය වශයෙන් චීනයේ සතුරන් ශ්‍රී ලංකාව සතුරු රාජ්‍යයක් ලෙස සලකා ක්‍රියාත්මක වීම පිළිබඳව බරපතල අවිශ්වාසයක් ගොඩනැගෙමින් පවතී. එමනිසා, ශ්‍රී ලංකාව තුල සිදුකෙරෙන විදේශීය බුද්ධි අංශ ක්‍රියාකාරකම් පිළිබඳව මීට වඩා සැලකිලිමත් වීමේ වැදගත්කම ඔබතුමාගේ අවදානයට යොමු කරන්නට කැමැත්තෙමි.

කොටි ත්‍රස්තවාදීන් සමග පැවති යුද්ධයේදී රට පුරා ප්‍රහාර රැසක් එල්ල විය. එම ප්‍රහාර පිළිබඳව පරීක්ෂණ සිදුකරණවා වගේම කොටි ත්‍රස්තවාදය මෙරටින් අතුගා දැමීම ඉලක්ක කරගෙන සිදුකල ක්‍රියාන්විත හේතුවෙන් අපේ රට කොටි ත්‍රස්තවාදයෙන් මුදවා ගැනීමට හැකිවිය. ඒ ආකාරයෙන්ම ඉස්ලාම් අන්තවාදය තුලින් ත්‍රස්තවාදීන් බිහිවීම වැලැක්වීම සඳහා කටයුතු කිරීමේ අවශ්‍යතාවය මතුව ඇත. ඒ සඳහා අනුගමනය කලයුතු ක්‍රියාදාමයන් සියුම්ව කඩිනමින් සිදුකල යුතුය.

ඉස්ලාම් ආගමේ නාමයෙන් අහිංසක සිවිල් වැසියන් ඉලක්ක කර සිදුකල පාස්කු ප්‍රහාරය මේ වනවිට දේශපාලන පා පන්දුවක් බවට පත්ව ඇත. ඒ තුලට මේ වනවිට ගෝලීය දේශපාලනය රිංගා ඇති ආකාරයක් දක්නට ලැබේ. ප්‍රහාරය එල්ලකිරීමට මූලික වූ “මිනීමරු ඉගැන්වීම්, මිනීමරු න්‍යායයන්” පිළිබඳව කිසිදු වග විභාගයක් සිදුවන ආකාරයක් පෙනෙන්නට නැත. හුදෙක් රට තුල අස්ථාවරත්වයක් නිර්මාණය කිරීම සඳහා මේ වන විට පාස්කු ප්‍රහාරය සැලසුම් සහගතව භාවිතා කරන ආකාරයක් මෙන්ම දැන හෝ නොදැන ආගමික නායකයන් ඇතුළු යම් යම් බලවේග ඒ සඳහා යොදාගන්නා ආකාරයක් ද නිරීක්ෂණය වේ.

සිවිල් සංවිධාන සහ පුද්ගලයින් මගින් ආරක්ෂක අංශ අධෛර්යයට පත්වන ආකාරයේ ක්‍රියාදාමයක් දියත්කර ඒ තුලින් ජාතික ආරක්ෂාව අනතුරට හෙලීමේ සැලසුම් රට තුල ක්‍රියාත්මක විය හැකිය. ඉතා කුඩා ආරක්ෂක හිදැස් වලින් රිංගා “පාස්කු ප්‍රහාරය” වැනි අන්තවාදී ප්‍රහාර එල්ලකිරීමට සැලසුම් දියත් කිරීමේ අනතුරක් රට හමුවේ ඇත. එබැවින් අන්තවාදය මගින් ගොඩනැගෙන ත්‍රස්තවාදය ක්‍රියාත්මක වීම වැලැක්වීම සඳහා ජාතික ආරක්ෂාව ශක්තිමත් කිරීමේ කෙටි කාලීන විසඳුමත්, රට තුල දැනට සිටින අන්තවාදී මතවාදයන් ව්‍යාප්ත කරන්නන් හඳුනාගෙන ඔවුන් නීතියේ රැහැනට කොටු කරගැනීමේ මෙහෙයුම් කඩිනමින් දියත් කරන ලෙසත් අන්තවාදී සංවිධාන හඳුනාගෙන ඒවා තහනම් කර, අන්තවාදය ව්‍යාප්ත කිරීමේ අවස්ථා අවහිර කර දීර්ඝ කාලීනව ආරක්‍ෂිත රටක් නිර්මාණය කිරීම සඳහා ගතයුතු ක්‍රියාමාර්ග ගන්නා ලෙසත් ඔබතුමාගෙන් ගෞරවයෙන් යුතුව ඉල්ලා සිටිමි.

ස්තුතියි,
තෙරුවන් සරණයි…!!

රාජකීය පණ්ඩිත ගලගොඩඅත්තේ ඥානසාර හිමි
මහ ලේකම්
බොදු බල සේනා

61,788 views

36 Comments to “පාස්කු ප‍්‍රහාරය වැනි අන්තවාදී ප‍්‍රහාර එල්ල කිරිමේ අනතුරක්..- ජනපතිට ලිඛිතව දැනුම් දෙයි..”

  1. රුක්ෂාන් සිල්වා says:

    සොයා බලා හැකි ඉක්මණින් පියවර ගත යුතුයි. ඔවැනි සක්කිලින්ට හිස එසවීමට නොදිය යුතුයි.

  2. රංජිත් විජේසිංහ says:

    වැඩි දවසක් ගියේ නෑ ඔන්න ආයිත් ඇවිත්. මේ ආණ්ඩුවෙන් නම් බේරෙන්න හම්බ වෙන්නේ නෑ ඉස්සර එකෙන් වගේ.

  3. Sunil Perera says:

    dan ithin issella anduwa kelawa gatthe oka nisane. pharayata pera sudanm wela eka walakwa gamu ekai wenna oni. dan nam ape rate issella wage newei arakshawa hodai. eth kiyanna bah.

  4. saman says:

    මේ වැනි ජාතික ආරක්ශාවට වැදගත් තොරතුරු මද්යට දෙන්න එපා

  5. Apostate prophet says:

    ලංකාවෙ මුස්ලිමුන් දැන් 10% පැනල කියන්නෙ nonMuslim චර්ච් වලට පන්සල් වලට ඇටෑක් කරන කාලයය්

  6. Chathura Gunarathna says:

    ait patana ganna hadanne nawatha gaththoth hodai. me thama hodama welawa okunge bellen alla ganna. anthawadiyo tika mella kara gaththoth rate jathiwadi dewal wenne nathi wei. thrathuru kohen awath dan hoyala balana eka thama hoda.

  7. රාජන් says:

    ලෝකය පුරා මුස්ලිම් ආගමේ නාමයෙන් මිනීමරණ අන්තවාදීනුත් ලංකාවේ ඉන්නවයි කියන සාම්ප්‍රදායික සාමකාමී මුස්ලිම් මිනිස්සුත් අදහන්නේ එකම කුරාණය නේද ? බයිබලය නම් එක එක ආගමික කල්ලි වල උවමනාවට සංස්කරණය කරගෙන භාවිතා කරනවා. නමුත් ලෝකෙ කොහේවත් අහලා තියෙනවද සංස්කරණය කළ කුරාණයක්. එහෙම කළොත් කරපු කෙනාට අනිවාර්‍යෙන්ම අයත් වන්නේ මරණයයි. එමනිසා මගේ මතය වන්නේ අන්තවාදීනුත්, සාමකාමීනුත් භාවිතා කරන්නේ සහ උපුටා දක්වන්නේ එකම කුරාණය නිසා එහි අන්තවාදීන් පෝශනය කරන ඉගැන්වීම් අනිවාර්‍යෙන්ම තියෙනවා. එම ඉගැන්වීම් ඉවත්කර ඉස්ලාම් ආගම සාමකාමී ආගමක් කිරීම ඉස්ලාම් ආගමික නායකයන්ගේ වගකීමක්. *** මගේ බෙල්ල කඩුවෙන් බේරෙයි කියලා හිතනවා ***

  8. රාජන් says:

    පසුව ලියමි:
    අනේ අල්ලාහ් දෙවියනී, මගේ බෙල්ල ඔබගේ ගෝලබාලයන්ගේ කඩු පහරින් ගලවා දෙනු මැනවි !

  9. Sam Fernando says:

    A very good information. It is highly probable that the same people who planned Easter Sunday attack may try another. That woman has gone and another has come. She will show her colours too.

  10. ගෞම් ඊයාරාජ් says:

    මෙයා පීචං වෙලා ඉවරයි , තව වී8 එකක් ගන්න නටන නාඩගමක් , පහලම ස්ථරයේ උම්මාද බෛයො ටිකක් ඇන්දෙයි , හාන්දුරුවනේ ඉස්සෙල්ලා අර පාස්කූ ප්‍රහාරේ මහ මොලකරුවා අල්ලා ඉන්න කියන්න මේ කැද පාණ්ඩුවට නිකං බෛලා දේශනා කරන්නැතුව .

    • Jayantha says:

      ජීචං වෙලා ඉන්නේ තොගේ අගරදගුරු කෝලම. ඌට මුස්ලිම් අන්තවාදය අමතක වෙලා හිටං පඹයට දඩුවම් දෙන්න ඉල්ලන්නෙ. කිරිදීල හදපු කොටි මැරුණම දුක ඇති.

    • Alfred de Costa says:

      අර කොළඹ රදගුරු සෙට් එකේ ඉන්න “මොලකරු මගේ හිතේ” බයිල නතර කරල දන්න මොලකාරයා කියන්න කියපන්. මෝඩ සෙට් එක හොදයි හාන්න. යකෝ ඉස්ලාම් අන්තවාදයේ තරම දන්නෙ නැතුවද අගරදගුරුකම් කරන්නේ. එංගලන්න, ඇමරිකන් පල්ලිවලින් ඇහුවනම් ඒ මිනිස්සු කියලදෙයි.

    • ගෞම් ඊයාරාජ් says:

      උම්මාද බෛයී පීපල් ! අගරදගුරු උන්නාන්සේත් අවංකවම රාජෆක්ස උත්තමයන්ට කඩේ ගියානේ , හොදටම ඇන්දනේ , පාස්කූ ප්‍රහාරය කරපු එවුන් සහ ඇත්තටම පසුපස හිටපු එවුන් හොයනවා කියන කාරණාව රාජෆක්සලා සපත කලනේ , දැන් කාදිනල් උන්නාන්සේ ඇදපු ඇදිල්ලා තෙරීලා මාධ්‍ය සාකාච්චා දෙනවා , පාණ්ඩුවට තග දානවා , දිපූ පොරොන්දූ ඉටු කරපං කියලා , අපි නං එදත් කිව්වා අදත් කියනවා රාජෆක්සලා බාවිතා කරන්නේ ඇන්දිල්ල සහ කොන්ඩම් තියරිය කියලා , ඒක එච්චරයි !
      දැන් ඥාණසාර හාන්දුරුවො පැත්තට හැරමුකො , මිලියන ගානක අරගෙන පැත්තකට වෙලා ඉදලා එකපාරටම මේ මොකද ෆෝම් වෙලා ? රටට කෙලවෙලා මීක් සද්දයක් නැතුව හිටපු චරිතේ දැන් චූන් වෙලා , වද කොත්තූ ,වද බෙසියර් , පැල්පොය නාල , පාස්කූ ප්‍රහාර කතා අමතක වෙලා. තොපි මේ වගේ බහුබූතයන්ගේ අං ගිල්ලට අපිට අහවල් එකේ අමාරුවක් නෑ මුන්ගේ බෛලා අහන්න. මෙයා කරන්නේ රංගනයක් , ලියලා දුන්න තිර පිටපතට.

Main News