පාස්කු බොම්බයට ජනාධිපති-අගමැති වගකිව යුතුයි.. කාරක සභාවේ සම්පූර්ණ වාර්තාව මෙන්න..

October 24, 2019 at 12:02 am | lanka C news
පාස්කු බොම්බයට ජනාධිපති-අගමැති වගකිව යුතුයි.. කාරක සභාවේ සම්පූර්ණ වාර්තාව මෙන්න..

පසුගිය අප්‍රේල් 21දා පාස්කු ඉරිදා දිනයේ මෙරට ස්ථාන කිහිපයකට එල්ල කරන ලද බෝම්බ ප්‍රහාර සාලාව ගැන විමර්ශණය කරන ලද පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇත.

මෙම වාර්තාව මගින් ජනාධිපතිවරයා, අගමැතිවරයා, නැගෙනහිර හිටපු ආණ්ඩුකාරයා, බුද්ධි අංශ ප්‍රධානීන් අදාල ප්‍රහාරයට වගකිව යුත්තන් ලෙස නම් කර තිබේ.

එම ප‍්‍රහාරවලට ප‍්‍රධානම හේතුව රාජ්‍ය බුද්ධි අංශවල අසමත්කම යයිද වාර්තාවෙන් කියා ඇත.

වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද්දේ එම කමිටුවේ සාමාජිකයෙකු වන ආචාර්ය ජයම්පති වික්‍රමරත්න මහතා විසිනි.

එම සම්පූර්ණ වාර්තාව මෙහි දැක්වෙයි.

63 views

5 Comments to “පාස්කු බොම්බයට ජනාධිපති-අගමැති වගකිව යුතුයි.. කාරක සභාවේ සම්පූර්ණ වාර්තාව මෙන්න..”

  1. "තුන්-කට්ටුව ගෙවයි පව" says:

    පෙන්නුවත් රටට පාස්කු වාර්තා ගොනුව
    බැරිය පණ දෙන්න නැතිවුන මිනිස් සමුව
    ඵලය කිමද බෝම්බ පිපිරිල හදවත් දැනුව
    ‘තුන්කට්ටු’ ගෙවයි පව යටහිත බිහි සුනුව

  2. බන්ඩා says:

    කාරක සභාවට රවුෆ් හකීම ඉන්න එක හරි උවත් වැරදි උවත් අගමැති සහ ජනාධිපති දෙදනාම මෙම බෝම්බ පිපුරැමට වග කිව යුතුය්. කූජිතට සහ හේමසිරිට මෙන්ම මිනී මැරැම් චෝදනා ඉදිරිපත් කල යුතුය්.

  3. yvonne- chula says:

    sisira mendis ta honda weda yahapalaneta horen balate enna unau kalata – anitha eka tama asoka wijetilaka – okun denna rajapaksa ta sir sir kiya ranil ge p,,,a lewa kapu hora ballau denak

  4. Sam says:

    ජනපති ගොටගේ පැත්තේ , අගමැති සජිත්ගේ පැත්තේ ..මැරිච්ච උන්ට සදරණයක් බලාපොරොත්තු වෙන්න බැහැ .

  5. ක්‍රිමිනල් says:

    සහරාන් ඇතුළු ත්‍රස්තවාදී කල්ලිය පිළිබඳව කල්තියා තොරතුරු ලැබී තිබියදීත් අත්අඩංගුවට ගැනීමට අධිකරණ නියෝග නිකුත් කර තිබියදීත් වගකිවයුතු අංශ ඔවුන් අත්අඩංගුවට ගැනීමට ක්‍රියා කර නොතිබූ බවත් මුල සිට අවධානයෙන් හා වගකීමෙන් කටයුතු කළේ නම් මේ ප්‍රහාරය වළක්වා ගත හැකිව තිබූ බවත් විශේෂ කාරක සභාවේ වාර්තාවේ සඳහන් වෙයි.
    මේ ප්‍රහාරය පිළිබඳව කල්තියා තොරතුරු දැනගත් අවස්ථාවේදී ඒ පිළිබඳව කාදිනල්තුමන් දැනුම්වත් කළේ නම් ප්‍රහාරය වළක්වා ගත හැකිව තිබූ බව කියන වාර්තාව සහරාන් කල්ලිය ක්‍රියාත්මක වූ නැගෙනහිර පළාතේ පොලිස් ප්‍රධානීන් කිසිවකුටත් මේ සිද්ධිය පිළිබඳව දැනුම් නොදීම විශාල අඩුපාඩුවක් බවද ප්‍රකාශ කරයි.
    අන්තවාදී කණ්ඩායම් ගැන රාජ්‍ය බුද්ධි සේවය හා ත්‍රස්තවාදී විමර්ශන අංශය මුල සිට විමර්ශන කළද 2018න් පසුව ඒ කටයුතු රාජ්‍ය බුද්ධි සේවයට පවරා ත්‍රස්ත විමර්ශන අංශය ඒ කටයුතුවලින් ඉවත් කළ බවද එහි සඳහන් වෙයි.
    ජනාධිපතිවරයා විසින් අගමැතිවරයා හා රාජ්‍ය ඇමැතිවරයා ආරක්ෂක මණ්ඩලයෙන් ඉවත් කරනු ලැබ තිබුණත් ප්‍රහාරය සිදුවන තුරුම එසේ ඉවත් කළේ ඇයි දැයි විමසීම් කර නොතිබූ බවද වාර්තාවේ දැක්වෙයි.

Main News